ඊයේ හවස මම ගෙදර යන්න නැගපු කෝච්චි පෙට්ටියේ අම්මා තාත්තා එක්ක ගමනක් ගිහින් ගෙදර යන චූටි දුවෙක් හිටියා. අලින්ටයි ළමයින්ටයි නලියන්නමයි හිත කියනවනෙ. මේ බබාවත් සීට් එකේ වාඩි කරලා තියාගන්න අම්මාට හැකියාවක් තිබුනේ නෑ. දඟලලා කෑ ගහලා බිමට බහින බබා කෝච්චි පෙට්ටියේ කණුවක් අල්ලගෙන රවුමට කැරකෙනවා. යන කොච්චිය ගැස්සුනොත් බබා වැටෙනවා. අම්මයි තාත්තයි කොච්චර කිව්වත් මේ බබා නෙමේ කියන දේ ඇහුවේ. එයාලට ඉස්සරහා වාඩි වෙලා උන්නා උස මහත ලොකු බඩකුත් තියන රැවුල වවපු කලු පිරිමි එක්කෙනෙක්.. ලොකු බෑග් එකකුත් එයා ගාව තිබුනා. අනේ ඉතින් අර තාත්තා බැරිම තැන බබාට ඉස්සරහ ඉන්න එක්කෙනාව පෙන්නලා කිව්වා, "අන්න අර මාමා බිල්ලෙක්, මෙතනින් වාඩි වෙලා ඉන්න අර බෑග් එකේ ඉන්නෙත් අල්ලගත්තු බබාලා, බඩෙත් ගිලපු එක්කෙනෙක් ඉන්නව කියලා." අර මනුස්සයත් කිව්වා "ඔව් ඔව් මේ බෑග් එක ඇතුලේ ඉන්නේ දඟ කරන බබාල තමයි කියලා" අනේ ඒ බබා බය උනා හොඳටම. ඇස් දෙක ලොකු කරලා අර තඩි බෑග් එක දිහා බලලා තාත්තාගේ ඔඩොක්කුවෙන් වාඩි උනා. බහිනකන් "හ්ම්" සද්දයක් නෑ. එයාල බැස්සෙත් අපේ ස්ටේෂන් එකෙන්මයි. බහිනකොට බබාව තාත්තා වඩා ගත්තා. දොර ගාවට ගියාට පස්සේ කෙල්ල අර තඩි මනුස්සය දිහා බලලා "බිල්ලො බායි" කියලා ටටා කිව්වා. මට හිනාව නතරකරගන්න බැරි උනා. අහල පහල හිටපු ඔක්කොටම හොඳටම හිනා.
පෙරදිනක පෑනෙන් පොතක ලියවුන වර්තමානයේ යතුරු පුවරුවෙන් පරිගනක තිරයේ ලියවෙන මගේ සිතුවිලි ආකරය "සෙව්වන්දිය"
Saturday, July 29, 2017
බිල්ලෝ බායි
ඊයේ හවස මම ගෙදර යන්න නැගපු කෝච්චි පෙට්ටියේ අම්මා තාත්තා එක්ක ගමනක් ගිහින් ගෙදර යන චූටි දුවෙක් හිටියා. අලින්ටයි ළමයින්ටයි නලියන්නමයි හිත කියනවනෙ. මේ බබාවත් සීට් එකේ වාඩි කරලා තියාගන්න අම්මාට හැකියාවක් තිබුනේ නෑ. දඟලලා කෑ ගහලා බිමට බහින බබා කෝච්චි පෙට්ටියේ කණුවක් අල්ලගෙන රවුමට කැරකෙනවා. යන කොච්චිය ගැස්සුනොත් බබා වැටෙනවා. අම්මයි තාත්තයි කොච්චර කිව්වත් මේ බබා නෙමේ කියන දේ ඇහුවේ. එයාලට ඉස්සරහා වාඩි වෙලා උන්නා උස මහත ලොකු බඩකුත් තියන රැවුල වවපු කලු පිරිමි එක්කෙනෙක්.. ලොකු බෑග් එකකුත් එයා ගාව තිබුනා. අනේ ඉතින් අර තාත්තා බැරිම තැන බබාට ඉස්සරහ ඉන්න එක්කෙනාව පෙන්නලා කිව්වා, "අන්න අර මාමා බිල්ලෙක්, මෙතනින් වාඩි වෙලා ඉන්න අර බෑග් එකේ ඉන්නෙත් අල්ලගත්තු බබාලා, බඩෙත් ගිලපු එක්කෙනෙක් ඉන්නව කියලා." අර මනුස්සයත් කිව්වා "ඔව් ඔව් මේ බෑග් එක ඇතුලේ ඉන්නේ දඟ කරන බබාල තමයි කියලා" අනේ ඒ බබා බය උනා හොඳටම. ඇස් දෙක ලොකු කරලා අර තඩි බෑග් එක දිහා බලලා තාත්තාගේ ඔඩොක්කුවෙන් වාඩි උනා. බහිනකන් "හ්ම්" සද්දයක් නෑ. එයාල බැස්සෙත් අපේ ස්ටේෂන් එකෙන්මයි. බහිනකොට බබාව තාත්තා වඩා ගත්තා. දොර ගාවට ගියාට පස්සේ කෙල්ල අර තඩි මනුස්සය දිහා බලලා "බිල්ලො බායි" කියලා ටටා කිව්වා. මට හිනාව නතරකරගන්න බැරි උනා. අහල පහල හිටපු ඔක්කොටම හොඳටම හිනා.
Labels:
මග තොටේදී
Subscribe to:
Post Comments (Atom)
අපේ ගෙදර පොඩි කෙනත් ඔය වගේ...
ReplyDeleteබිල්ලෝ බායි
ReplyDeleteපව් හැබැයි ළමයිව ඔහොම බය කරන්න නරකයි :(