පෙරදිනක පෑනෙන් පොතක ලියවුන වර්තමානයේ යතුරු පුවරුවෙන් පරිගනක තිරයේ ලියවෙන මගේ සිතුවිලි ආකරය "සෙව්වන්දිය"
Showing posts with label මගේ කවි පොත. Show all posts
Showing posts with label මගේ කවි පොත. Show all posts
Sunday, October 1, 2017
Thursday, September 28, 2017
Monday, August 21, 2017
මේ භවයේදි
සසරින් සසර
පතමින් අප
ඉප දෙන්නා
මේ භවයේදිත්
මේ විදිහට
හමුවන්නා
අපට උරුම
කැළයත් අහිමිව
යන්නා
පරිස්සම් වෙන්න
මැණිකේ උන්
ගිනි බිඳලන්නා
Wednesday, August 16, 2017
Monday, July 24, 2017
Tuesday, June 27, 2017
සීට්ටු
අහපන් නයනක්කේ,
හම්බවෙන සොච්චමෙන්
භාගයක් ගෙදරට ,
ඉතිරියෙන් කොටසක්
දෙනවා බෝඩිමට,
උදේ දවල් කෑම
ශේප් වෙනවා වැඩපොලෙන්
රෑට ඔය පොඩි දෙයක්
හොඳටෝම ඇති
බඩගින්න නැතිවෙන්න
කොහොමද බං මම ගන්නෙ
අසාවට චේන් පොටක්
නෑනේ කිසි ඉතුරුවක්....
අල්ලපන් සීට්ටුවක්
මම එහෙමයි
මගේ වැඩ කරගත්තෙ
සල්ලි වගේම
දැම්මා නොයෙකුත් සීට්ටු
උඹටත් පුළුවන් නංගියේ
ඒ විදිහට එකතු කරගන්න
සල්ලි වගේම දෑවැද්දට බඩුත්..
ලේසියෙන් සල්ලිනම්
හොයතහැකි ඇති තරම්
ඒත් බං නංගියේ
රැක ගනින් උඹේ නම
අවුරුදු පහක් වත්
වැඩ කලොත් උඹ මෙතන
හොඳට කල්පනා කර
ගැලපුවොත් උඹේ පඩිය
උඹට බැරි නෑ
මං වගේ ගොඩ යන්න...
ලැබුනා උපදෙසක්
රන් හා වටින
උඹට පින් නයනක්කේ
මට කියලා දුන්නාට...
හම්බවෙන සොච්චමෙන්
භාගයක් ගෙදරට ,
ඉතිරියෙන් කොටසක්
දෙනවා බෝඩිමට,
උදේ දවල් කෑම
ශේප් වෙනවා වැඩපොලෙන්
රෑට ඔය පොඩි දෙයක්
හොඳටෝම ඇති
බඩගින්න නැතිවෙන්න
කොහොමද බං මම ගන්නෙ
අසාවට චේන් පොටක්
නෑනේ කිසි ඉතුරුවක්....
අල්ලපන් සීට්ටුවක්
මම එහෙමයි
මගේ වැඩ කරගත්තෙ
සල්ලි වගේම
දැම්මා නොයෙකුත් සීට්ටු
උඹටත් පුළුවන් නංගියේ
ඒ විදිහට එකතු කරගන්න
සල්ලි වගේම දෑවැද්දට බඩුත්..
ලේසියෙන් සල්ලිනම්
හොයතහැකි ඇති තරම්
ඒත් බං නංගියේ
රැක ගනින් උඹේ නම
අවුරුදු පහක් වත්
වැඩ කලොත් උඹ මෙතන
හොඳට කල්පනා කර
ගැලපුවොත් උඹේ පඩිය
උඹට බැරි නෑ
මං වගේ ගොඩ යන්න...
ලැබුනා උපදෙසක්
රන් හා වටින
උඹට පින් නයනක්කේ
මට කියලා දුන්නාට...
අනේ උඹේ පින්
මට එපා උඹ ගනින්
මම වගේම උඹත්
කෙල්ලෙක්නෙ බං
මෙහෙ ඇවිත් දුක්
විඳින...
Thursday, June 22, 2017
අරගලය
අනේ මහත්තයා මේක
ආයේ මහන්න බෑ
අලුත් එකක් ගන්න
සපත්තු මහන්නා
එහෙම කිව්වම
මාව සීතල වෙලා ගියා..
අලුත් සපත්තු ජෝඩුවක්
රුපියල් දෙදහක් විතර
කොල්ලාට කැම්පස් යන්න බෑ
පෙරේතය වගේ
දොස්තර මහත්තයෙක්
වෙන්නනෙ ඉගන ගන්නේ
ඉතින් අරන් දුන්නා
මේ මාසෙ පඩියෙන්
අලුත් සපත්තු
ජෝඩු දෙකක්ම
අත්තිකාරමක් වත් දමා
ගන්නවා හවසට
අඩු ගනන් සපත්තු ජෝඩුවක්
එහෙම හිතාගෙන
ඔෆීසියට ඇවිත්
පටන් ගත්තා වැඩ
අන්න අරුන්
මෙඩ්ඩෝ රිංගලලු
අමාත්‍යාංශයට
ගහලලු ඔක්කොටම
තුවාලළු ළමයින්ට
ඔෆීසියේ කතාවක්
මාත් බය උනා හොඳටම
අපේ එකත් ඇති ඔය අතර
එතකොටම මට
කෝල් එකක්
අන්කල් "මියුරු ඉස්පිරිතාලේ"
ඔලුව පැලිලා
දමා කෙටි නිවාඩුවක්
දිව්වා රෝහලට
දොස්තර කෙනෙක් වෙන්න
ඉගන ගන්න ගිය
මගෙ කොල්ලා
වට කරන් බෙහෙත් දානව
දොස්තරලා
මගෙ පුතේ මේ අහපන්
අපට බෑ රට හදන්න
අනේ මට දුක් නොදී
උඹවත් හැදියන්
රට ගියදෙන් යකාට
එහෙම කියන්න
හිතට ආ සිතුවිල්ල
හිතෙම තද කරන්
කිට්ටු උනා
කොල්ලා ලඟට
"තාත්තේ"
උන් අපට ගැස්සුවා
අසාධාරණයට
විරුද්ධව අරගල කරපු
වරදට
කඳුලු පිරිච්ච
කොල්ලගේ ඇස්
කිව්වා එහෙම කතාවක්...
Thursday, June 8, 2017
නුඹ වැනි දුවක්
මා කුස හොවා නුඹ මෙළොවට බිහි වෙද්දී
ලේ කිරි පොවා මා නුඹ නලවද්දී
පා පොඩි තබා නුඹ හෙමිහිට ඇවිදිද්දී
මැව්ව හීන නුඹ හෙමිහිට ලොකු වෙද්දී
වසරින් වසර නුඹ හෙමිහිට ලොකු වූවා
යහගුණයෙන් මෙන්ම රුවෙනුත් හැඩ වුවා
අම්මා තාත්තගේ නම රැන් දූවා
සරසවිය නුඹෙ දෙවෙනි මව් වූවා
නුඹ දැන් ලොකුයි අපහට බයක් නැතේ
නුඹහට රන් දොරටුත් විවර වෙතේ
පරිස්සමින් හෙමිහිට යමුකො පුතේ
හිතනා තරම් මේ ලොව සොඳුරු නැතේ
අම්මා තාත්ත ගෙ ආශිර්වාදෙ ඇතේ
බුදු සරණින් නුඹ හට දුකක් නැතේ
තිස්තුන් කොටියක් දෙවි පිහිටයි නුඹට පුතේ
නුඹ වැනි දුවක් ලැබුනේ පෙර පිනට පුතේ
Tuesday, June 6, 2017
Tuesday, May 23, 2017
ඉසුරු
ජීවිතය තණ අග පිපුන
පිණි බිංදුවක් වගේ
ඩෙංගු මදුරුවෙකුට
උනත් පුලුවන්
අපේ ජීවිතය
අරන් යන්න...
හැමදේම හීනයක්
වෙනවා නම් මොනතරම්
හොඳඳ...
ඉස්සර වගේ
විහිලුවක් කරලා
මාව අවුස්සන්න
ඔයා ආයේ එන්නෙ නෑ..
මම ඔයාට
නිවන් සුව පතන්නේ නෑ
අපේම කෙනෙක්
වෙලා ආයේ එන්න
ඉසුරු
අපි මග බලන් ඉන්නවා..
Monday, May 15, 2017
අපෙ අතැඟිලී
තිබුන මුත්
බොහොමයක්
සෙනෙහෙ සිතුවිලී........
අප අතර
නොගැලපීම්
ඊටත් වැඩී ........
ඒකයි
ගිලිහුනේ
අපෙ අතැඟිලී...
Sunday, May 14, 2017
දුරස්ව යන නුඹට
මා නිසා ඔබ
වෙහෙසුනාට කම් නැතී
සිතුවාට මා
වැරදිත් ඇතී..
නොබලන්න යලි
ආපසු හැරී
යන නුඹටත් වඩා
නැවතුන මට
දුක කොහොමත්
වැඩී....
Sunday, February 26, 2017
Wednesday, January 25, 2017
Subscribe to:
Posts (Atom)










