Monday, November 25, 2019

සමුදුරු සුසානය


Salt to the Sea
Ruta Sepetys
සමුදුරු සුසානය
පරිවර්තනය- නිම්මි මුදිතා හේරත්

                දෙවනි ලෝක යුද්ධය කියන්නේ මතක් කරන්නට වත් නොවටිනා මහා අපරාධයක්. ජීවිත දහස් ගණනක් අකාලයේ විනාශ උනා. තවත් දහස් ගණනක් අමානුෂික වද දීලා මැරුවා. 1939 සැප්තැම්බර් 1 පටන් අරන්1945 සැප්තැම්බර් 2 අවසන් උන යුද්ධයෙන් මිත්‍ර පාර්ශ්වයෙන් මිනිසුන් 61,000,000 පමණත් අනෙත් පක්ෂයෙන් 12,000,000 පමණත් මිය ගියා යැයි පැවසෙනවා. සියල්ල අවසානයේ හිට්ලර් ටත්, හිරෝහිතෝ අධිරාජ්‍යයා ටත් මුසෝලිනී ටත්, අනෙක් පාර්ශ්වයේ ස්ටාලින් ඇතුළු අනෙක් අයටත් ලැබුනු දෙයක් නෑ. හිට්ලර් මහා කළු පැල්ලමක් ලොවට ඉතිරි කර මැරිලා ගියා.
              සමුදුරු සුසානය ලියවෙන්නෙ ඓතිහාසික ප්‍රබන්ධයක් විදිහට. කොයිතරම් ඉතිහාසය සම්භන්ද දේවල් කියෙව්වත් "විල්හෙම්                 ගස්ට්ලෝෆ්" නෞකාව ගැන දැනගත්තේ මේ පොත කියෙව්වට පස්සේ. පොතේ කතාවත් සම්පූර්ණයෙන්ම කේදවාචකයක්. ටොපිඩෝ ප්‍රහාරයක් හේතුවෙන් නැව මුහුදුබත් වෙද්දී මගීන් 10,582 දෙනෙක් සිටි බවත් ඉන් 5000 පමණ දරුවන් බවත් පැවසෙනවා. ජීවත් වෙන්න ලැබෙන්නේ ඉන් 1900 කට පමණයි.
               පොත කියවද්දී ඇත්තටම මමත් මරණය දකිමින් ජීවත් වීම උදෙසා සටන් කරමින් ඉන්නවා වගේ හැගීමක් දැනුනා.
පොතේ කතාව කිව්වොත් වැඩක් නෑනෙ. නොකියවපු අය කියවලාම බලන්න. 

Monday, November 18, 2019

හඬ නිහඬ- Silent Patient


හඬ නිහඬ- Silent Patient
සිංහල පරිවර්තනය - කුමාර සිරිවර්ධන මහතා
මම පොත කියවන්නේ තරමක් ප්‍රමාද වෙලා. ගොඩක් දෙනෙක් පොත නිකුත්වූ විගසම අරගෙන කියවලා ඇති.
පොත කියවන්න ගත්ත වෙලේ පටන් අවසානය වෙනකන් කියවන්නේ නැතුව මගදී නතර කරන්න හිතුනේ නැති තරම් කුතුහලයක් පොතේ අන්තිම පිටුව වෙනකන්ම තිබුනා. පොත හඳුන්වලා තිබුනේ "මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක”( psychological thriller, )කාණ්ඩයේ පොතක් විදිහට. ඔව් එහි ත්‍රාසයත් මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයකුත් තිබුනා. නමුත් මෙම කතාව වටා ගෙවී ඇති චරිත අධ්‍යයනය කරන්නත් පාඨකයාට ඉඩ ලබාදී තිබුනා.
"ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා සමග හොඳ පවුල් ජීවිතයක් ගෙවමින් සිටි කාන්තාවක්. ඇය චිත්‍ර ශිල්පිනියක්. ඇගේ සැමියා විලාසිතා ඡායාරූප ශිල්පියෙක්. ඔවුන් ලන්ඩනයේ ඔවුන්ගේම නිවසක වාසය කරනවා. එක හවස් වරුවක ඇගේ සැමියා ගේබ්‍රියෙල් විලාසිතා රූගත කිරීමකින් ප්‍රමාද වී නිවසට පැමිණෙන අතර ඇලීෂියා ඔහුට පස් වතාවක් මුහුණට වෙඩි තබනවා. එයින් පසුව ඇය එක වචනයක්වත් කතා කරන්නෙ නෑ.
ඇගේ සැමියාගේ මරණයත් ඇලේසියාගේ නිහඬ බවත් රටේ ලොකු කුතුහලයක් ඇතිකරනවා. ඉන්පසු ඇයව උතුරු ලන්ඩනයේ ආරක්ෂිත අධිකරණ වෛද්‍ය ඒකකයක් වන ග්‍රෝව්හි ප්‍රතිකාර සඳහා නතර කරනවා. තියෝ ෆේබර් යනු අපරාධ මනෝචිකිත්සකවරයකු වන අතර ඔහු ඇලීෂියා සමඟ වැඩ කිරීමේ අවස්ථාව සඳහා බොහෝ කාලයක් බලා සිටිනවා. ඔහුට ග්‍රෝව් හි සේවය කිරීමට අවස්ථාව උදා වෙනවා. ඇය සිය සැමියාව ඝාතනය කිරීමට හේතුව සෙවීම ඔහුගේ අරමුණ වෙනවා. " මේ විදිහට ආරම්භ වෙන කතාව පාඨකයා නොසිතූ අවසානයකට කැඳවාගෙන යනවා.
නවකතාවේ මනෝ විද්‍යාත්මක අවධානය නොතකා, අපි කතාව දෙස බලන විට එහි අතිශයින් ඛේදජනක හා හද කම්පා කරවන සුළුය කතාවක් එහි ගැබ්වී ඇත.
මෙම පොත ඇලෙක්ස් මයිකල්ඩීස් රචිත පළමු නව කතාව වන අතර ඔහු මෙයිට පෙර චිතපට දෙකක තිර රචනා ලියා ඇත. මෙමෙ නවකතාව ආශ්‍රයෙන් චිත්‍ර පටයක් නිපදවූ බව දැන්ගන්නට ලැබුනමුත් එය තිරගත වූවාද තිරගත වන්නට තිබේදැයි නොදනිමි.
==============================================
"අනපේක්ෂිත හැගීම් කිසි විටෙක මිය යන්නේ නැත. ජීවමානවම යටපත්ව තිබෙන ඒවා පසුව් ඉස්මතු වන්නේ වඩාත් අවලස්සන ආකාරයෙනි."
සිග්මන් ෆ්‍රොයිඩ්

Wednesday, November 13, 2019

ලෝක ප්‍රසිද්ධ හෝල්ස්ටැට් ‘අස්ථි මන්දිරය’



ඕස්ට්‍රියාවේ හෝල්ස්ටැට්  නගරයේ ලෝකයේ පැරණිතම ලුණු පතල සහ ලෝක ප්‍රසිද්ධ තැපැල්පත් දර්ශනය සමඟින්, ශාන්ත මයිකල් චැපල් හි චැනල් හවුස් හෝ ‘අස්ථි මන්දිරය’ යනු හැල්ස්ටැට්හි වඩාත් සිත්ගන්නා සංචාරක ස්ථානවලින් එකකි. දේවස්ථානය 12 වන සියවස දක්වා දිවෙන අතර එය පිහිටා ඇත්තේ කතෝලික පල්ලියේ, පල්ලිය අසල ය. සෑම වසරකම ලොව පුරා නරඹන්නන් ,කලාත්මකව පින්තාරු කරන ලද හිස් කබල් 600 කට අධික සංඛ්‍යාවක් නැරඹීමට පැමිනෙති. හිස් කබල් බොහොමයක් 18 වන ශතවර්ෂයේ අවසානයේ අලංකාර කරන ලද නමුත් කිහිපයක් 20 වන සියවසේ ඒවාය.
         හිස් කබල් පින්තාරු කිරීම මූලික වශයෙන් 19 වන සියවසේදී සිදු කරන ලද අතර එය ප්‍රධාන වශයෙන් නැගෙනහිර ඇල්පයින් කලාපයෙන් (ඔස්ට්‍රියානු ඉන්වියර්ටෙල්, ඉහළ ඔස්ට්‍රියාව, සල්ස්බර්ග්, ටයිරෝල් සහ බැවේරියාව) සමන්විත වූ සංස්කෘතික ප්‍රදේශයකට අයත් විය. නූතන කාලවලදී පවා මෙම චාරිත්‍රය හැල්ස්ටැට්හි තවමත් භාවිතයේ පවතී. හෝල්ස්ටැට් යනු මෙතෙක් පැවති විශාලතම හිස් කබල් එකතුව වන අතර තවත් එකතු කිහිපයක් තවමත් පවතී. පවත්නා සොහොනක් නව සොහොන් බිමක් සඳහා නැවත භාවිතා කළ විට, හිස් කබල හෝ ඇටකටු දෙවන අවමංගල්‍යයක කොටසක් ලෙස සොහොන් පිටියේ සිට අස්ථි මන්දිරය වෙත කරනු ලැබීය. මියගිය පවුලේ සාමාජිකයාගේ අනන්‍යතාවය අලංකාර සිතුවම් හා සෙල්ලිපි මගින් ආරක්ෂා කර ඇත. පවුල් සම්බන්ධතාවය මත පදනම්ව හෝ කලාකරුවන්ගේ තේරීම මත පදනම්ව හිස් කබල් නම් හෝ මුලකුරු වලින් ලේබල් කරන ලදී. ඇතැම් විට මියගිය අය හඳුනා ගැනීම සඳහා කිසිදු සලකුණු භාවිතා කර නොමැත.
                                                 පින්තාරු කිරීමේ විවිධ ක්‍රම ක්‍රියාත්මක කළ බව පැහැදිලි වුවද, සිතුවම් විලාසයේ යම් වර්ධනය පෙන්නුම් කළ බවට සාධක ද ​​ඇත. මෙහි විකසනය නම් සහ මුලකුරු ලියා ඇති ආකාරයෙන් ද පෙනේ.පල්ලියේ මිදුලේ ඉඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් හිස් කබල් අස්ථි මන්දිරයේ තැන්පත් කර ඇති බව ද පිළිගෙන තිබේ. 1948 සිට 1950 දක්වා මීට පෙර කරන ලද පරීක්ෂණ වලදී, හිස් කබල් 2104 ක් තීන්ත ආලේප කල හා තීන්ත ආලේප කර නොමැති ලෙස වර්ග කරන ලදී. 1900 ට පෙර පල්ලි මරණ රෙජිස්ට්‍රාර් හි ඇතුළත් කිරීම් 30,000 ක් පමණ වුවත්, චැනල් හවුස් හි තැන්පත් කර ඇති පුද්ගලයන්ගේ නටබුන් නියෝජනය කරන්නේ මියගිය ජනගහනයෙන් ඉතා සුළු කොටසක් පමණි.
                                    හිස් කබල් සිතුවම්වල පවුල් සම්ප්‍රදාය පිළිබඳ සාක්ෂි පවතින අතර මෙම කාලය තුළ චිත්‍ර ශිල්පීන් ගණනාවක් ක්‍රියාකාරී විය. ස්වල්පයක් හැරුණු විට, ඇතැම් සිතුවම් ශෛලීන් විශේෂිත යුගයන්හි ලක්ෂණයන් ඉස්මතු වේ. මල් වඩම් සහිත හිස් කබල් පැරණිතම ඒව වේ - අඳුරු මල් වඩම, පැරණි හිස් කබල. සමෝච්ඡ දාර සහිත තුනී මල් වඩම් සහ වර්ණ කුරුස මෙම වර්ගයේ සිතුවම් සඳහා  උදාහරණ වේ. නළලේ මල් සැරසිලි කිරීම කලාත්මක සංවර්ධනයේ ඊළඟ අදියර සලකුණු කරන අතර නළලේ කොළ පැහැති කොළ (ඕක්, අයිවි, ඔලන්ඩර්) වේ. නළලේ කළු කුරුසියක් සෑම විටම පාහේ ඇතුළත් විය.
          19 වන ශතවර්ෂයේ ආරම්භයේ සිට අළුත්ම සිතුවම් හිස් කබලේ දෙපස තුනී අයිවි අතු, ලතින් අක්ෂර සහ සාපේක්ෂව පටු කුරුස වලින් අලංකෘත වේ. සමහර අවස්ථාවලදී හිස් කබලේ ඇත්තෙ පුද්ගලයාගේ නම පමණි. සමහර සිතුවම් පෙර අඳිනලද ඒවායේ පිටපත්ය. 



Sunday, November 10, 2019

නොත්‍ර දාමයේ කුදා



" නොත්‍ර දාමයේ කුදා" නමින් සිංහලය හඬ කවා ජාතික රූපවාහිනියෙන් විකාශය වූ කතාව නරඹලා තිබුනාට පොත නම් කියවලා තිබුනේ නෑ. පොත කියවලා අවසන් කලේ ඊයේ.
සුන්දර ඉස්මිරෙල්ඩා ට ආදරය කරන්නට ගොඩක් අය උන්නට ඒ විරූපී කාසිමෝඩෝ හැරෙන්නට අනිත් අය ඇයට ආශා කලා මිසක ආදරේ කළේ නෑ. ඒ වගේම ඉස්මිරල්ඩා ට මරණය ගෙනෙන්නට හේතු උන සීබට් කෙරේ ඇගේ සිතේ ඇතිවූ ආදරයත් ඒක පාර්ශ්විකයි.
නොත්‍රදාම දේවස්ථානය පදනම් කරගෙන වික්ටර් හියුගෝ පුද්ගලයින් කීප දෙනෙක්ගේ ප්‍රේමය පිලිබඳ මනෝභාවයන් විග්‍රහ කෙරෙන අපූරු කෘතියක්. ප්‍රේමය හමුවේ ඇතිවෙන ගැටළු හමුවේ පලා යන්නවුන් සහ මට හිමි නොවුනා නම් මැරුනාවේ කියන අය අතරේ විරූපී වුවත් ලා ඉස්මිරල්ඩා කෙරේ සැබෑ ප්‍රේමයක් තිබුනේ ක්වාසිමෝඩෝ ගේ සිතේ විතරයි. ඔව් තවත් කෙනෙකුට ආදරේ වෙන්න තමුන් ලස්සන වෙන්නවත් අනිත් කෙනාගේ කැමැත්තවත් උවමනා වෙන්නේ නැහැ.
යමුනා විනෝදනී මහත්මිය ගයන "ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස් කෙස් ගසකට සමයි, බිඳුනු දා පූජාව ප්‍රේමයෙ ඔහුගෙ ආගම වෛරයයි."
අවසානයට පූජකයාගේ ආදරය (ආදරයද ආශාවද මන්දා) කොහොම හරි ඔහු ගත කරන පූජක ජීවිතයට නොගැලපෙන ආශාවන් පසුපස යන්න ගිහින් ඔහුත් තව ජිවිත ගණනාවකුත් විනාශ වෙනවා.
ප්‍රංශය හා පැරීසිය තාමත් බොහෝ දෙනාට සුන්දර සිහිවටන ගෙනෙන රටක් සහ නගරයක් උනත් පොතට අනුව නම් ඒ කාලයේ ඔවුන් අන්ධ විශ්වාසයන්ට මුල් තැන දී ක්‍රියා කල බව නම් පේනවා.
"නොත්‍රදාමයේ කුදා" එහෙම නැතිනම් වික්ටර් හියුගෝ "The Hunch back of NotreDame " කුමාර සිරිවර්ධන මහතාගේ පරිවර්තනයක්.  ආශිර්වාද ප්‍රකාශනයක්. මිල රු 875/=