Monday, June 29, 2020

කුමර කොබෙයි


                                      ශමෙල් ජයකොඩි මහත්මියගේ ඇමෙරිකා කියවා අවසන් වූ සැනෙන් "කුමර කොබෙයි" පොත ලැබුණි. "ඇමෙරිකා" පොතට වඩා වෙනස් කතාවක් "කුමර කොබෙයි" හි ගැබ්වී තිබේ. මා ඇගේ පොත් වලින් කියවා ඇත්තේ අනන්ත දේශය, ඇමෙරිකා සහ කුමර කොබෙයි පමනි. අනෙක් පොත් දෙකට වඩා "කුමර කොබෙයි" මාගේ සිත් ගත්තේ එහි කතා නායිකාවන් තිදෙනාගේ ගතිගුණ අඩු වැඩි වශයෙන් මා තුලත් තිබෙන නිසා යැයි සිතමි.
                                                       කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙක් මෝටර් රථයකින් ඇමරිකා මහද්වීපය හරහා යෙදෙන දින හතක චාරිකාවක් පදනම් කරගෙන මෙම පොත රචනා කර ඇත. එහි ප්‍රධාන කතා නායිකාව වන ඉන්දිකා කැනඩාවේ කෘෂි ආයතනයක රැකියාව කරන යම් යම් හේතු නිසා විවාහය ප්‍රමාද වූ අයෙකි. ඇයට සැන් ෆ්‍රැන්සිස්කෝ වල වීසා නොමැතිව රැඳී සිටින නොදුටු පෙම්වතෙක් සිටියි. කාන්තාවක් ලෙස දරුවන් ලබන සරු කාල සීමාවේ කෙලවරේ සිටින ඇයට විවාහ වන්නට හෝ දරුවෙක් ලබන්න යැයි මිතුරියන් ඉල්ලා සිටියි. ඇගේ පෙම්වතා කාලිංග බලන්නට ඇය ඇගේ මිතුරියන් වන නිර්මලා සහ අරුන්දතී සමග  ඇමරිකා මහාද්වීපය හරහා සැන් ෆ්‍රැන්සිස්කෝ යයි.
                                             චාරිකාව අතර තුරදී ඔවුන් තිදෙනාගේ ජීවිතය විටින් විට පර්ච්ඡේද වශයෙන් දිග හැරේ. ඔවුන්ගේ ජීවිත අසාර්ථක නැත. ඔවුන් කිසියම් මාර්ගයකින් ජීවිතයේ සාර්ථකත්වය ලැබූවන්ය. එහෙත් ඔවුන්ගේ ජීවිත තුල කඩා වැටීම්ද ඇත. 
                                         නිර්මලා දක්ෂ ව්‍යාපාරිකාවකි. දරුවන් දෙදෙනා සමග සාරවත් ජීවිතයක් ගත කරයි. එහෙත් ඇගේ සැමියාට අනියම් සබඳතා දෙකකි. දරුවන්ද සිටී. ඇය ඒ බව දැන දැනත් ඒ ඔහුගේ චරිත ස්වභාවය බව සිතා ඔහුට කැමති දෙයක් කරන්නට ඉඩදී දරුවන් සමග ජීවත්වෙයි.
                     අරුන්දතී ට දරුවන් දෙදෙනෙකි. ඇගේ පළමු සැමියා (වීසා ගැනීමට කරගත් විවාහයකි ) මිය ගොස්ය. ඔහුත් දැනුවත්ව ඇයගේ තිබූ සම්භන්දයෙන් ලැබුනු දරුවන් දෙදෙනා සමග ඇය ජීවත්වෙයි. සූදුවට හා බීමට  ඇබ්බැහිවී පුනරුත්තාපනය වන ඇගේ දරුවන්ගේ පියා ඇවිත් රැගෙන යන ලෙස ඔහුගේ පෙම්වතිය කරන ඉල්ලීම මත ඇය ඔහු සොයා ඉන්දිකාලගේ ගමනට එකතුවෙයි. අරුන්දතීට වෙනත් පෙම්වතෙකුද ඇත.
                            තුන් ආකාරයක ගති ගුණ ඇති කාන්තාවන් තිදෙනෙක් වටා ගෙතෙන මෙම කතාව මම එක හුස්මට කියවා අවසන් කලෙමි. ටිකින් ටික කියවා රස විඳින්නට නොහැකි තරම් එය මාව ආශක්ත කරගෙන තිබුනි.
             කාන්තාවන් වේවා, පිරිමින් වේවා අප ලෝකයට පෙන්වන අපේ ජීවිතයට වඩා හාත්පසින් වෙනස් කතාවක් අභ්‍යන්තරයේ තිබිය හැක. ජීවිතයේ කොටසක් සාර්ථක වෙද්දී කොටසක් අසාර්ථක විය හැක.
               ඔවුන්ගේ චාරිකාවේදී ඇමරිකාවේ නගර එහි සුවිශේෂී ස්ථාන සහ භූ විෂමතා, එහි ජන ජීවිතය පිළිබඳවද විස්තර කෙරේ. ඇමෙරිකා සහ කුමර කොබෙයි කියවූ පසු ඇමෙරිකාව පිළිබඳ මම මවාගෙන සිටි චිත්ත ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් උනා. ඒ වගේම කතුවරිය අපේ මවු රට ලංකාව තරම් ජීවත් වෙන්න හොඳ රටක් නොමැතිබව නොකියා කියන බවත් වැටහුනා. 
         


               
  

Thursday, June 25, 2020

ඇමෙරිකා


ඇමෙරිකා- ශමෙල් ජයකොඩි

ශමෙල් ජයකොඩි මහත්මිය, ස්වර්ණ පුස්තක සම්මානයට කීප වතාවක්ම නිර්දේශ උන වෙනස් ආකාරයේ පොත් රචනා කරන ලේඛිකාවක්. පුස්තකාලයේ පොත් රාක්ක වලට එකතු වූ අලුත් පොත් අතරේ ඇගේ "ඇමෙරිකා" පොතත් තිබුනා. පොත කියවන පළවෙනි සාමාජිකයා වෙමින් පොත මම අරගෙන ආවා.
           විදෙස් රටකට ගිහින් ලංකාවට වඩා හොඳ ජීවිතයක් ලබාගන්න බොහෝ දෙනෙක් හීන මවනවා. ලංකාවේ ඉඳලා වැඩක් නෑ වෙන රටක පදිංචියට ගියොත් දරුවන්ටවත් හොඳ කලක් යයි කියලා කියන අයත් ඉන්නවා.  අපේ ගති සිරිත් සංස්කෘතික ලක්ෂණත් අරගෙන ගිහින් විදෙස් රටක පදිංචිවෙලා, වෙනස් සංස්කෘතියක් වෙනස් ජීවන රටාවක් වෙනස් මිනිසුන් අතරේ අපේ විදිහට ජීවත්වෙන්න ගිහාම ලොකු ඝට්ටනයකට මුහුණ දෙන්න වෙනවා. 
                මෙම පොතේ කතා නායකයා සහ නායිකාවත් ඒ වගේ ලොකු ඝට්ටනයකට මුහුණ දෙනවා. හොඳ රැකියා ලැබුනත් මිල මුදල් ගෙවල් යාන වාහන සැප සම්පත් ලැබුනත් ඔවුන්ට එයින් තෘප්තියක් ලැබෙන්නෙ නැහැ. ඒ වගේම කතාව කියවාගෙන යනකොට අනිත් රටවල් වලින් පැමින ඇමෙරිකාවේ පදිංචි උන පුද්ගලයින් පවා ඔවුන්ගේ රටේ ජීවත්වූ ආකාරයට ජීවත් වෙන්න දරන උත්සාහයක් තමයි පෙන්වන්නේ. ඇමෙරිකාවේ මිනිස්සු නැහීගෙන වැඩ කරනවා , රජයට බදු ගෙවන ගමන් ඔවුන් බොහොමයක් දෙනා අග හිඟයෙන් තොර දිවියක් ගත කරනවා. සති අන්තයේ සහ නිවාඩු කාලයේ සංචාරයේ යෙදීමෙන් විවිධාකාර විනෝදාංශ වලට යොමුවෙලා සතුටු වෙනවා.
               ඔවුන්ගේ දරුවන්ට දෙමාපියන්ගේ බලපෑමෙන් තොර නිදහස් ජීවිතයක් තිබෙනවා. අපේ රටේ දරුවන් දෙමාපිය අනසක යටතේ ජීවත්වෙන දෙමාපියන්ට උවමනා දේවල් පමනක් කරන (සමහර වෙලාවට විවාහක දරුවන්ගේ ජීවිත පවා ගෙවෙන්නේ ඒ විදිහට ) දරුවන් කොටසක්. ප්‍රදීප් සහ නිලංකාට ඔවුන්ගේ දරුවා ඇමෙරිකාවේ දරුවන් විදිහට හැඩ ගැසී ජීවිතය විනාශ කරගනීදෝ යන බියෙන් ජීවත්වෙන්න සිදුවෙනවා.
                   බොහෝ වෙලාවට විදෙස් රටවල් වල ජීවත්වෙන අපේ රටේ අය ගොඩක් සුව පහසු ජීවිතයක් ගෙවන බව තමයි අපේ රටේ ජීවත්වෙන අය හිතාගෙන ඉන්නේ. ඒ වගේම විදෙස් රටවල ඉන්න බොහොමයක් දෙනා මවා පෙන්වන්නෙත් එහෙමයි. ඒ වගේ වාතාවරණයක් යටතේ කතුවරිය වෙනස් කෝණයකින් මේ පොත ලියනවා. කොටසක් ඒ රටේ සංස්කෘතියට හැඩ ගැහෙනවා ඇති. තමන්ගේ උපන් රට සහ ජීවත්වෙන රට සසඳන්නට යාමෙන් එහෙත් මෙහෙත් දෙදිහා ගැනම කලකිරීමක් තියන ප්‍රදීප් වගේ අයත් ඇති.
           කොහොමත් මිනිස්සු උනාම තමන්ට ජීවත්වෙන්න වෙන වටපිටාවට , රැකියා ස්ථානයට ආශ්‍රය කරන්න වෙන මිනිසුන්ගේ ජීවන රටාවට යම් ආකාරයකට හැඩගැසෙන්න, ගැලපෙන්න වෙනවා. එහෙම නැතුව අපි හුරුවෙලා තියන විදිහට ඒ තැන්වල හැසිරෙන්නත් අනිත් දේවල් සංසන්දනය කරන්නත් ගියොත් අපේ ජීවිත නීරස සහ අතෘප්තිමත් එකක් වෙන්න තියන ඉඩ වැඩියි.
                   ඕනෑම දේක හොඳ සහ නරක දෙකම තියනවා. අපි ගොඩක් වෙලාවට නරක ඉස්මතු කරගන්න උත්සාහ කලාට හොඳ ඉස්මතු කරගන්න උත්සාහ කරනවා අඩුයි. ඕනෑම දේක සුබ සහ හොඳ පැත්ත විතරක් බලනවා නම් නරක සහ අසු පැත්ත නොසකලා හරිනවානම් ජීවත්වෙන්න පහසුයි. මෙම කතාවේ ප්‍රදීප්ට ඒ දේ කරන්න බැරිවෙනවා. නිලංකා අදාල තැන අදාල විදිහට හැඩගැහෙන්න යම් තාක් දුරට සමත් වෙනවා. සහන් එරට සමාජය ගැන සහ ඔහුගේ දෙමාපියන් ගැනත් හොඳ වැටහීමකින් ඉන්නවා. 

"ලෝකේ කොහේ ගියත් මනුස්සයෝ කියන අය එකයි. හැමෝම ළඟ හොඳ නරක තියෙනවා. එහෙම හිතුවොත් ඔයාලට ඕනෑ තැනක සතුටෙන් ඉන්න පුළුවනි. "
               -සහන්-

                         පරිවර්තන පොත් කියවන්න හුරුවෙලා උන්න මට අපේ ලේඛිකාවකගේ වෙනස් ආකාරයේ පොතක් කියවන්න ලැබුනාට සතුටුයි. 

Monday, June 15, 2020

වුල්ෆන්


Add caption

වුල්ෆන්
පරිවර්තනය -උපාලි කන්නන්ගර මයා
The Wolfen - Whitley Strieber

වෙයාර් වුල්ෆ් යනු මිථ්යා සත්ත්වයෙකි. ලොව පුරා බොහෝ ත්රාසජනක කතා වලට මොවුන් මාතෘකාවක් වී ඇත. සමහර ජනප්රවාදයන්ට අනුව වෙයාර් වුල්ෆ් යනු පුන් සඳ පායා එන රාත්රියේදී වෘකයන් බවට පත්වෙන මිනිසුන් කොට්ඨාශයකි. මිනිසා සහ වෘකයන්ගේ විකෘති සංයෝගයකි. පෙනුම බිය කරුය. ලේ පිපාසිත තිරිසනුන්ය. මිනිසුන් දඩයම් කොට බුදිති.
වුල්ෆන් මට හම්බවෙන්නෙ පුස්තකාලෙන්. පුස්තකාලෙන් මම පොත අරන් එන්නෙ පොත කියවන්න අරගෙන යන පළවෙනි සාමාජිකයා විදිහට.
බෲක්ලීන් නගරයේ අතහැර දැමූ වාහන ගොඩ ගසා ඇති රථ ගාලක විනාශ කල යුතු වාහන සටහන් කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කෲර ලෙස යම්කිසි පිරිසකගේ ප්රහාරයකින් මිය යනවා. ඒ ගැන පරීක්ෂණ පවත්වන්න බාරවෙන්නේ බෙකී නෙෆ් සහ ජෝජ් විල්සන් කියන රහස් පරීක්ෂක යුගලයට. ඔවුන් ඒ පිළිබඳ පරීක්ෂණ අරඹද්දී නගරයේ කීප තැනකම හුදකලා මිනිසුන් ඝාතනය කෙරෙනවා. මෙම මිනිස් ඝාතන කරන්නේ වෙයාර් වුල්ෆ් ලා කියලා ඔවුන් දැනගන්නවා. බුද්ධියක් සහ තියුණු ඉවක් තියන වුල්ෆන්ලාට ඔවුන් ජීවත්වෙන බව ලොවෙන් තව දුරටත් සඟවාගන්න උවමනා වෙනවා. ඒ නිසා ඔවුන් තීරණය කරනවා රහස් පරීක්ෂක යුවලව මරන්න. ඉතුරු ටික ලිව්වොත් වැඩක් නෑනෙ. කියවලා නැති අය කියවලාම බලන්න. පොත කියවලා හීනෙන් බය උනොත් ඔන්න අපි දන්නෙ නෑ. කෝකටත් කියලා වෙයාර් වුල්ෆ් කෙනෙක්ගෙ ෆොටෝ එකක් ඇමුණුවා.




Saturday, June 6, 2020

මාටින් ලූතර් කිං කනිෂ්ඨ



මාටින් ලූතර් කිං, කනිෂ්ඨ  (1929 ජනවාරි 15 උපත ලැබුවේ කනිෂ් මයිකල් ලූතර් කිං ලෙසිනි. නමුත් පසුව ඔහුගේ නම මාටින් ලෙස වෙනස් විය. ඔහුගේ සීයා 1914 සිට 1931 දක්වා සේවය කරමින්  ඇට්ලන්ටාහි එබෙනෙසර් බැප්ටිස්ට් පල්ලියේ දේවගැතිවරුන් ලෙස පවුලේ දීර්ඝ සේවා කාලය ආරම්භ කළේය; ඔහුගේ පියා එතැන් සිට  සේවය කර ඇති අතර 1960 සිට ඔහුගේ මරණය දක්වා මාටින් ලූතර් සම දේවගැතිවරයා ලෙස කටයුතු කළේය. මාටින් ලූතර් ජෝර්ජියාවේ වෙන් කරන ලද රජයේ පාසල්වලට ඇතුළත් වූ අතර වයස අවුරුදු පහළොවේ දී උසස් පාසලෙන් උපාධිය ලබා ගත්තේය. ඔහු 1948 දී ඇට්ලන්ටා හි කීර්තිමත් නීග්‍රෝ ආයතනයක් වන මෝර්හවුස් විද්‍යාලයෙන් B. A. උපාධිය ලබා ගත්තේය. ඔහුගේ පියා සහ සීයා යන දෙදෙනාම උපාධිය ලබා ඇත. පෙන්සිල්වේනියාවේ ක්‍රොසර් දේවධර්මීය සෙමනේරියේ වසර තුනක දේවධර්ම අධ්‍යයනයෙන් පසු සුදු ජාතික ජ්‍යෙෂ්ඨ පංතියක සභාපති ලෙස තේරී පත් වූ ඔහුට B.D. ක්‍රොසර් හි ශිෂ්‍යත්වය සමඟින් බොස්ටන් විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන කටයුතුවලට ඇතුළත් වූ අතර 1953 දී ආචාර්ය උපාධිය සඳහා පදිංචිය සම්පූර්ණ කර 1955 දී උපාධිය ලබා ගත්තේය. බොස්ටන්හිදී ඔහු කොරෙටා ස්කොට් හමුවී විවාහ විය.  පුතුන් දෙදෙනෙකු සහ දියණියන් දෙදෙනෙකු පවුල තුළ උපත ලැබීය.
          1954 දී මාටින් ලූතර් කිං ඇලබාමාහි මොන්ට්ගොමරි හි ඩෙක්ස්ටර් ඇවනියු බැප්ටිස්ට් පල්ලියේ දේවගැතිවරයා බවට පත්විය. සෑම විටම තම ජාතියේ සාමාජිකයන් සඳහා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ශක්තිමත් සේවකයෙකු වූ කිං මේ වන විට ජාතියේ ප්‍රමුඛතම සංවිධානයක් වන වර්ණවත් මිනිසුන්ගේ අභිවෘද්ධිය සඳහා වූ ජාතික සංගමයේ විධායක කමිටුවේ සාමාජිකයෙකි. 1955 දෙසැම්බරයේ මුල් භාගයේදී, එක්සත් ජනපදයේ සමකාලීන යුගයේ ප්‍රථම මහා නීග්‍රෝ අවිහිංසාවාදී උද්ඝෝෂණයේ නායකත්වය පිළිගැනීමට ඔහු සූදානම් විය. වර්ජනය දින 382 ක් පැවතුනි. 1956 දෙසැම්බර් 21 වන දින, එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් බස්රථ, නීග්‍රෝ සහ සුදු ජාතිකයින් වෙන් කිරීම අවශ්‍ය වන ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, බස්රථ සමානව ධාවනය විය. වර්ජනය කළ මේ දිනවල කිං අත්අඩංගුවට ගනු ලැබීය, ඔහුගේ නිවසට බෝම්බ හෙලීය, පුද්ගලික අපයෝජනයට ලක්විය, නමුත් ඒ සමඟම ඔහු පළමු නිලයේ නීග්‍රෝ නායකයෙකු ලෙස ඉස්මතු විය.
          1957 දී ඔහු දක්ෂිණ ක්‍රිස්තියානි නායකත්ව සමුළුවේ සභාපතිවරයා ලෙස තේරී පත් විය. 1957 සිට 1968 දක්වා වූ අවුරුදු එකොළහක කාලය තුළ කිං සැතපුම් මිලියන හයකට වඩා වැඩි දුරක් ගමන් කර විසි පන්දහසකට අධික වාර ගණනක් කතා කළේය. මේ අතර ඔහු පොත් පහක් මෙන්ම ලිපි රාශියක්ද ලිවීය. මේ වසරවලදී ඔහු ඇලබාමා හි බර්මින්හැම්හි දැවැන්ත විරෝධතාවයකට නායකත්වය දුන් අතර එය මුළු ලෝකයේම අවධානයට ලක් වූ අතර ඔහු හෘද සාක්ෂියේ සන්ධානයක් ලෙස හැඳින්වීය. නීග්‍රෝ විප්ලවයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වන ඔහුගේ “බර්මින්හැම් බන්ධනාගාරයක ලිපිය” දිරිගැන්වීම; ඔහු නීග්‍රෝවරුන් ඡන්දදායකයින් ලෙස ලියාපදිංචි කිරීම සඳහා ඇලබාමා හි  සැලසුම් කළේය; 250,000 ක ජනතාවක් වොෂිංටන් ඩී.සී. වෙත සාමකාමී පාගමනක් මෙහෙයවූ ඔහු, “මට සිහිනයක් තිබේ” යනුවෙන් දේශනය කළ අතර, ඔහු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි සමඟ සාකච්ඡා කර ජනාධිපති ලින්ඩන් බී. ජොන්සන් වෙනුවෙන් උද් ඝෝෂනය කළේය. ඔහු විසි වතාවක්  අත්අඩංගුවට ගෙන අවම වශයෙන් හතර වතාවක් පහර දුන්නේය. ඔහුට ගෞරව උපාධි පහක් පිරිනමන ලදි. 1963 දී ටයිම් සඟරාව විසින් වසරේ මිනිසා ලෙස නම් කරන ලදී; ඇමරිකානු කළු ජාතිකයන්ගේ සංකේතාත්මක නායකයා පමණක් නොව ලෝක චරිතයක් ද විය.
         වයස අවුරුදු තිස් පහේදී, නොබෙල් සාම ත්‍යාගය ලැබූ ලාබාලම පුද්ගලයා වූයේ කනිෂ්ඨ  මාටින් ලූතර් කිං ය. තම තේරීම පිළිබඳව දැනුම් දුන් විට ඔහු ප්‍රකාශ කළේ ඩොලර් 54,123 ක ත්‍යාග මුදල සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ දියුණුව සඳහා භාර දෙන බවයි.

1968 අප්‍රියෙල් 4 වන දින සවස, ටෙනසිහි මෙම්ෆිස් හි පිහිටි ඔහුගේ මොටෙල් කාමරයේ බැල්කනියේ සිටගෙන සිටියදී, එම නගරයේ වැඩ වර්ජිත කුණු කම්කරුවන්ට අනුකම්පා කරමින් විරෝධතා පාගමනක් මෙහෙයවීමට නියමිතව සිටියදී ඔහු ඝාතනය කරන ලදී.

Tuesday, June 2, 2020

විලාසිතා ලොව පෙරළියක් කල ත්‍රිමාණ විලාසිතා


කොරෝනා වසංගතය හමුවේ ලොව සියලු ක්ෂේස්ත්‍ර වල අනාගතය අවිනිශ්චිත වී ඇති වකවානුවක විලාසිතා කර්මාන්තයේ හෝ විලාසිතා සංදර්ශනවල අනාගතය කෙබඳුදැයි අපට අනාවැකි පැවසිය නොහැක. නමුත් විලාසිතා නිර්මාණ ශිල්පිනී අනීෆා මුවෙම්බා පසුගිය දා විලාසිතා සංදර්ශන ලෝකයේ අලුත් පෙරළියක් ඇති කරන්නට සමත්විය. කොංගෝ මෝස්තර නිරූපිකාවක් වන ඇය සිය වෙළෙඳ සන්නාමය හනීෆා යොදාගෙන මැයි 22 වන සිකුරාදා ඉන්ස්ටග්‍රෑම් ලයිව් හි ත්‍රිමාණ ආකෘති හරහා සිය නවතම නිර්මාණ  එකතුව එළිදැක්වීය. 
     ත්‍රිමාණ ආකෘති යොදාගෙන විලාසිතා එකතුවක් එළිදැක්වීමේ අදහසක් ඇය තුල කලක සිට පැවතුනි. එහෙත් ඒ පිළිබඳ වැඩි දැනුමක් නොතිබූ හෙයින් ඇය එය ක්‍රියාවට නංවන්නට නොසිතුවාය. නොසිතූ ලෙස ලොව පුරා කොවිඩ්-19 වසංගතය පැතිරීමත් සමග ඇය සිය අදහස මුදුන්පත් කරගන්නට සිතුවාය. එහෙත් ලොව පවතින වසංගතය හමුවේ මිනිස් ජිවිත දහස් ගණනක් ලොවට අහිමී වෙද්දී දහස් ගණනක් රෝගී වෙද්දී විලාසිතා එකතුවක් ලොවට ප්‍රදර්ශනය කිරීම සුදුසුද සහ මිනිස්සු මොන අන්දමේ ප්‍රතිචාර දක්වාවීදෝයි යි අවිනිශ්චිත බියක් ඇයතුල තිබුනි.
           කෙසේවෙතත් අනීෆා විලාසිතා නිරූපන කලාවේ පෙරලියක් කරමින් ඇගේ පින්ක් ලේබල් විලාසිතා ත්‍රීඩී තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කළාය. නිරූපන ශිල්පිනියක් නොමැතිව ඇගේ විලාසිතාවන්  අපූරුවට කැට් වෝක් ගමනින් එකින් එක ඉදිරිපත් වන්නට විය.
                 ඩිජිටල් විලාසිතා දැක්ම නිසැකවම සමාජ දුරස්ථ නීති රීති මඟහරවා ගත හැකි එක් ක්‍රමයකි. කෝවිඩ් -19 වේගයෙන් වර්ධනය වන බව මුවෙම්බාට ඇසුණු විට, ත්‍රිමාණ ආකෘති භාවිතා කරමින් සිය එකතුව දිගටම සැලසුම් කිරීමට ඇය තීරණය කළාය.
 “සැබෑ කාන්තාවන් නොමැතිව , කාන්තාවකගේ ගමන් ලාලිත්‍ය ඔපනැන්වෙන පරිදි  ඇඳුමක් ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ ඇවිදින්නට සැලැස්වීම අභියෝගයක් වුවත් ඇය එය ජයගෙන තිබුනි. 
           මෙය ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ 213000 ක් නරඹා තිබූ අතර ලොව ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියෝ එය අගය කොට තිබුනි.