පෙරදිනක පෑනෙන් පොතක ලියවුන වර්තමානයේ යතුරු පුවරුවෙන් පරිගනක තිරයේ ලියවෙන මගේ සිතුවිලි ආකරය "සෙව්වන්දිය"
Showing posts with label මං කැමති ටෙලි කතා. Show all posts
Showing posts with label මං කැමති ටෙලි කතා. Show all posts
Monday, June 11, 2018
Thumhari Sulu (තුම්හාරී සුලූ )
ඊයේ අහම්බෙන් වගේ සිරස නාලිකාවේ විකාශනය උන තුම්හාරී සුලූ චිත්‍ර පටිය නරඹන්න ලැබුනා. ආදර කතා සටන් වලින් වෙනස් උන කතාවක් වගේ පෙනුන නිසා මම සේරම වැඩ පැත්ත්කට කරලා සුලූ බැලුවා. ඇත්තටම ලස්සන චිත්‍ර පටයක්.
"තුම්හාරී සුලූ" ඉන්දියාවේ තිරගත වෙන්නේ 2017 වර්ෂයේ. සුරේෂ් ත්‍රිවානී ගේ අධ්‍යක්ෂනයක්. විද්‍යා බාලන්,ආර්.ජේ මලික්ෂා, නේහා දුප්තා, මානව් කාවුල් ප්‍රධාන චරිත රඟපානවා. මෙහෙ ප්‍රධාන චරිතය වෙන්නේ සුලෝචනා (විද්‍යා බාලන්) මධ්‍යම පාන්තික පවුලක ගෘහනියක්, මවක්, බිරිඳක්. නිවසේ වැඩ කටයුතු කරන ගමන් සැමියා සහ පුතා සමග සතුටෙන් ජීවත් වෙන ගැහැණියක්. විද්‍යා බාලන් සුලෝචනා හෙවත් සුලූගේ චරිතය හරිම ආකර්ෂණීය ලෙස රඟපානවා. ඒ නිසා චිත්‍ර පටය නරඹන්න කම්මැලිකමක් දැන්නෙ නැහැ.
සුලෝචනා ගොඩක් සතුටෙන් ඉන්න කාන්තාවක්. වැඩිදුර අධ්‍යාපනය ලබන්න බැරි උනත් ඇය විවිධ දේ අත්හදා බලන්න කැමතියි. සූලූ හැන්ද මත දෙහි ගෙඩිය තබා ගෙන යාමේ තරඟයකින් දෙවෙනි ස්ථානය ලබා ගන්නවා. ඔවුන් පදිංචි නිවාස සංකීර්ණයේ පැවති හොඳම අම්මා තේරීමේ තරඟයකින් ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. රේඩියෝ චැනල් එකකින් තිබ්බ රැෆල් ඩ්‍රෝ එකකින් සුලූ ට ෆ්‍රෙෂර් කුකර් එකක් ලැබෙනවා. කුකර් එක ගන්න චැනල් එකට යාමත් සමග සුලූගෙ ජීවිතේ වෙනස් වෙනවා. ඒ කියන්නේ එම චැනල් එකෙට නිවේදකයින් බඳවා ගන්නවා කියලා දැන්වීමක් දකින සුලූට එයට ඉල්ලුම් කරන්න හිතෙනවා. එතන පිළිගැනීමේ නිලධාරිනිය එක්ක වාද කරලා කොහොම හරි සුලූ ඒ අවස්ථාව උදා කරගන්නවා. විද්‍යා බාලන් කට හඬ පරීක්ෂණයේදී සහභාගී වෙන අවස්ථාව තමයි චිත්‍ර පටියේ මම කැමතිම කොටස උනේ. සුලූ කොයි වෙලෙත් හිනා වෙනවා. දඟකාර අපූරු චරිතයක්.
සුලූ චැනල් එකේ නිවේදිකාවක් වෙනවා. ගෙදර වැඩ කටයුතු කරන ගමන් ඇය නිවේදිකාවක් ලෙස රාත්‍රී කාලයේ සේවය කරනවා. ඇයට ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හොඳින් ලැබෙනවා. ඇයගේ වෘත්තියට සහයක් උන සතුටින් උදව් කල සැමියාට ඔහුගේ සේවා ස්ථානයෙන් ලැබෙන පීඩනය හේතුවෙන් බොහොම ඉක්මනට කේන්ති යන්න පටන් ගන්නවා. ඔය අතරේ සුලූගේ පුතාව පාසැලෙන් නෙරපනවා. සුලූගේ රැකියාව නිසා දුරුවාත් පවුලත් ගැන තියන වගකීම් පැහැර හැරිය නිසා පුතා හිතුවක්කාර උන බවට සුලූට ඇගේ නිවුන් සොහොයුරියන් ඇතුළු පවුලේ අය චෝදනා කරනවා.ඔහුගේ වරදට අම්මාට දොස් කියන්න එපායැයි ඉල්ලා ලියුම්ක් ලියලා තබමින් පුතා නිවසින් හොර රහසේ පැනලා යනවා. පුතාව හොයන්න සුලූ සැමියා එක්ක ගොඩක් වෙහෙසෙනවා. පස්සේ පුතාව හොයාගත්තම සුලූ එයා ආසාවෙන් කරපු නිවේදිකා වෘත්තියෙන් ඉවත් වෙනවා.
සුලූ කොයි තරම් ආසාවෙන් කැමැත්තෙන් කරපු රැකියාව උනත් ඉන් ඉවත් වෙන්නේ සුපුරුදු හිනාවෙන්මයි. ඇය ඇගේ සතුට නිවස වෙනුවෙන් කැප කරන්නෙත් ගොඩක් සතුටෙන්.
කාලෙකට පස්සේ මම නම් බලපු ලස්සන චිත්‍ර පටියක්. නොබලපු අය බලන්න. ගොඩක් ලස්සනයි. විද්‍යා බාලන්ගේ රඟපෑම නම් හරිම ඉහළින් තිබුනා.
Friday, January 27, 2017
මම පහුගිය දවස් වල ලස්සන කොරියන් ටෙලි නාට්‍යක් බැලුවා. Legend of the blue sea තමයි ඒ ටෙලි නට්‍යයේ නම. දිය කිඳුරියක් තරුණයෙකුට ආදරේ හිතිලා ලස්සන ගෑණු ළමයෙක් විදිහට ගොඩ බිමට එන කතාවක්.
ඒ කතාවේ දිය කින්දුරියෝ ගැන ලස්සන කතාන්දර තියනවා. දිය කින්දුරියෝ දුක හිතිලා අඬනකොට ඒ කඳුලු සුදු පාට මුතු ඇට බවත පත් වෙනවාලු.
දිය කිඳුරියෝ සතුටට කඳුලක් හෙලුවොත් ඒ කඳුලු රෝස පාට මුතු ඇට බවට පත්වෙනවලු.
කාලෙකට පස්සේ මම නරඹපු වෙනස් මාදිලියේ ලස්සන ආදර කතාවක්.
Subscribe to:
Posts (Atom)






