කුරුලු හදවත කියවා හමාර කළෙමි. අපේ රටේ කුල භේදය තවමත් පවතී. සිංහල ජනයාටත් වඩා දෙමළ ජනයා කුල භේදය ඉහළින්ම සලකන බව පුවත්පතකින් දුටුවෙමි.
මෙම කතාව රේඩියෝවක් වටා ගෙතී ඇති නිසා පොත කිය්වද්දී මමත් නිරායාසයෙන්ම මගේ කුඩා කාලයට දිව ගියෙමි. මා කුඩා කාලයේදී අපේ මහ ගෙදර (අම්මාගේ මහ ගෙදර ) ත් තිබුනේ ගුවන් විදුලි යන්ත්‍රයක් පමනි. ප්‍රවෘත්ති, සිංදු, මුවන්පැලැස්ස අහනවා මට මතක තිබේ. ගුවන් විදුලියට ඇසීමට ඇබ්බැහිවී තිබුනේ අපේ පොඩි මාමා ය. මෙම නව කතාවේ ප්‍රධාන චරිතය දිනසිරිය. මගේ පොඩි මාමා ඥාණසිරි ය. එමනිසා මෙම කතාව මගේ හිතට සමීප එකක් බව දැනුනි. එහෙත් ඔවුන් දෙදෙනා හාත්පසින්ම වෙනස් චරිත දෙකකි.
දිනසිරි ගුවන් විදුලියට සවන් දෙන්නේ ආශාවටය. ගීත ඉල්ලීම් කරන්නේ ඔහුගේ නම කියනවාට ඇති කැමැත්ත නිසාය. ගමේ නම වෙනස් කරන්නට හිතන්නට ඇත්තේ කුලය හේතුවෙන් ඔවුන් අපහසුතාවයට ලක්වෙන නිසා විය යුතුය. දිනසිරිගේ ගුවන් විදුලියට තැපැල් පත් යැවීමේ ආශාව අවසානයේ ඇබ්බැහියක් බවටද පත්වේ. ඔහුට සියලු යස ඉසුරු මෙන්ම ජනප්‍රියත්වයද ලැබෙන්නේ මෙම ඇබ්බැහිය නිසාය. අලුත් නාලිකා අරම්භ වීමත් සමග ගුවන් විදුලි සංස්ථාවේ විකාශනයන අහන පිරිස සීමිත වී ගියේය. ඒවායේ පරමාර්ථය වූයේ මුදල් ඉපයීම පමනක් නිසා අපේ භාෂාවද සිංග්‍රීසි විය.
දිනසිරි ව එෆ් එම් චැනලය විසින් ඔහුටද නොතේරෙන්නට මිලට ගනී. දිනසිරි නොදැනීම මුදල් නිසා ඔවුන්ගේ වෙළඳ භාණ්ඩයක් බවට පත්වී ගැමිකම ගම විකුනන්නට පටන් ගනී. මුදල් සමගම ඔහුගේ කුලයේ අඩුබව කෙමෙන් මැකී යයි. දිනසිරි කැදැල්ල තනන්නේ එම අඩුවත් මකා ගැනීමේ අරමුණෙන්. දිනසිරිගේ පෙම්වතිය වෙන්නේ උඩරට වලව් පවුලක ගැහැණු ළමයෙක්. දිනසිරි කැදැල්ලේ සංගීත කාමරයක් හදනවා. එහි තියන විශාල රූපය රන්දිමාගේ නූනත් ඔහු ඒ රන්දිමා කියලා හිතනවා. ඇත්තටම ඔහු ආදරේ කලේ රන්දිමාට. කුල භේදය නිසා ඔහුට ගොඩක් දුරින් උන්න රන්දිමාට. ඒත් අවසානයේ කතෘ කියනවා රන්දිමාගේ අම්මයි දිනසිරිගේ අම්මයි සහෝදරියෝ බව. එහෙම බැලුවොත් රන්දිමා දිනසිරිගේ සහෝදරියක්.
තමන් එෆ් එම් චැනලයේ ගොදුරක් බව දිනසිරි වටහා ගන්නේ සරත්ගෙන්. ඇත්තටම තමන්ගෙන් උනේ වරදක් බව දිනසිරිට වැටහෙනවා. දිනසිරි අවසන් දවස්වල ඉන්නේ කලකිරීමෙන්. දිනසිරි ඔරුවෙන් වැටුනාද ඔරුවෙන් පැන දිවි නසාගත්තාද කියන දෙක ගැලපුවාම මට හිතෙන්නේ දිනසිරි සිය දිවි හානි කරගත්තා කියලයි.
මුත්තු ආතා ගැන කතා නොකරම බැහැ. මුත්තු ආතා ට තමන්ගේ කුලය ආඩම්බරයක්. එහෙම අය අදත් අපේ සමාජයේ ඉන්නවා. සිරිමලී කරන්නෙත් ඒ ටිකමයි.
කුරුලු හදවත කියවලා ඒ ගැන කල්පනා කරද්දී මට මෙහෙම හිතුනා. නව ගුවන් විදුලි නාලිකා. රූපවාහිනිය අපේ රටට එන්න කලින් අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත හරි සරලයි, ඒ වගේම සතුටෙන් සැනසිල්ලෙන් ජීවත් උනා. තාක්ෂණික දියුණුවත් එක්ක අපි හැමෝම නොයෙකුත් ආයතන වල ගොදුරු බවට පත්වෙලා. ඔවුන් නොයෙකුත් නිෂ්පාදන කරනවා. මාධ්‍ය මගින් ඒවා ප්‍රචාරය කරලා මුදල් උපයනවා. මිනිස්සුන්ට අවශ්‍ය උනා හෝ නැතා මිනිස්සු ඒවා ගන්න ජීවිතේ සතුට සැනසීම කැපකරලා මුදල් උපයන්න වෙහෙසෙනවා.
මම නම් පොත රසවින්දා. කුරුලු මැරෙන්නෙ නැතුව අවසානෙදි "දිනසිරි" වෙලා ගමට ගියානම් හොඳයි කියලා මට හිතුනා.
(ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
ඒ පොත හොයාගෙන කියවන්න ඕනෙ...
ReplyDeleteපුස්තකාලේ ඇති. හොයාගෙන කියවන්න.
Deleteකියවලා අවසානයේ කම්පනයක් ඇති කරපු කතාවක්. මේ කතාව ඇතුලෙ දැනටත් ප්‍රසිද්ද මීඩියා කාරයන්ගෙ චර්යාවන් සහ ජීවන තොරතුරු තියෙනව කියල මටත් හිතෙනවා. ලියනගේ අමරකීර්ති කියන කතුවරයාගෙ ම අටවක පුත්තු කියන පොතෙත් ඒ වගේ දෙයක් හමු වෙනවා. ඒ කියන්නේ සත්‍ය සහ කල්පිතය කියන දෙකේම එකතුවක්.
ReplyDeleteඅහම්බකාරකත් ඒවගේ තමා.
Delete