පෙරදිනක පෑනෙන් පොතක ලියවුන වර්තමානයේ යතුරු පුවරුවෙන් පරිගනක තිරයේ ලියවෙන මගේ සිතුවිලි ආකරය "සෙව්වන්දිය"
Friday, January 26, 2018
කවි බණ
අද උදේ, වැඩට එන්න බස් එකට නැගලා ටික දුරක් යද්දී ඩ්‍රයිවර් මහත්තයා බස් එක එලවන ගමන්ම කලබලේ සීඩී ගොඩක් අවුස්සලා අවුස්සලා එකක් තෝරගෙන ප්ලේයර් එකකට දැම්මා. එකත් එකටම මියුසිකල් ශෝ එකක හරි අඬන වැලපෙන සිංදු ටිකක් කියලා හිතුනා. නෑ කවි බණක්.
දුප්පත් එක ඇහැක් අන්ධ් අම්මා කෙනෙක් සැමියා නැතුව පුතෙක් උස් මහත් කරනවා. ටික ටික ලොකු වෙද්දී අම්මා කැතයි කියලා පුතාට ලැජ්ජා හිතෙනවා. ඊට පස්සේ අම්මාව එපා වෙනවා . ඉගනගෙන රට ගිහින් විවාහ වෙනවා. අම්මාව අත හරිනවා. අම්මා පුතා හොයන් ගිහාම හිඟන්නියක් කියලා එලව ගන්නවා. අවසානෙදි ගමේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍ය සංගමේ රැස්වීමකට යන ගමන් ගෙදරට යනවා. ගෙදර කඩන් වැටිලා. අම්මා මිය ගිහින්. අසල් වැසියෙක් ලියුමක් ගෙනත් දෙනවා.අම්මා ගෙ එක ඇසක් අන්ධ වෙලා තියෙන්නෙ, පුතා ඉපදෙනකොට එක ඇහැක් අන්ධ වෙලා ඉපදුන නිසා අම්මා එක ඇහැක් පුතාට දීලා. ඔය කතාව මම කොහෙදි හරි කියෙව්වා වගේ මතකයි.
හොඳම වැඩෙ කියන්නේ ටිකක් දුර යද්දී බස් එකේ කට්ටිය මීයට පිම්බා වගේ සද්දයක් නැතුව අහන් ඉන්නවා. ඒ කවි හදවතටම දැනෙනවා. මගෙ ඇස් වලටත් කඳුළු පිරීගෙන එද්දී මම වෙන අතකට හිත යොමුකරන්න උත්සාහ කලාට හරි ගියෙම නෑ. වෙනදා සිංදු ඇහෙද්දී ඇහෙන්නෙ නෑ වගේ ඉන්න පුලුවන් උනාට අද එහෙම බෑ. කොහොම හරි උනපු කඳුළු කම්මුල් දිගේ පෙරලිලා ගියා. ඇත්තටම මට ලැජ්ජ හිතුනා. මම ළඟම හිටගෙන උන්නා ඇන්ටිලා දෙන්නෙක්. අර කවි ඇහිලා කඳුලුත් එනවා කියලා මාව පෙන්නලා ඒ දෙන්නා කතා උනා. මම බහිනකනුත් කවි ඉවර වෙලා තිබුනෙ නෑ. මම අනිත් වාඩි වෙලා උන්න අය දිහාත් බහින්න යද්දී හොරෙන් බැලුවා.ගොඩක් අයගේ ඇස් අග කඳුළු බිංදු එකතු වෙලා තිබුනා. වෙනදාට පුංචි දේටත් මගීන්ට කෑගහන කොන්දොස්තර ගෙන් සද්දයක් නෑ.
මිනිස්සුන්ගේ හදවතට දැනෙන්න කතා කරන්න සමහර නිර්මාණ වලට පුළුවන් නේද කියලා මට හිතුනා.
Labels:
මග තොටේදී
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment