පෙරදිනක පෑනෙන් පොතක ලියවුන වර්තමානයේ යතුරු පුවරුවෙන් පරිගනක තිරයේ ලියවෙන මගේ සිතුවිලි ආකරය "සෙව්වන්දිය"
Thursday, January 18, 2018
කල්පනාවෙන්
අපි යමක් කරද්දී අවට පරිසරය ගැන විමසිලිමත් වෙන්න ඕනා. මම මේ කියන්නේ ගෙදරදි නෙමේ මග තොටේදී බස් එකේදී කෝච්චියෙදි වගේ පොදු ස්ථාන වලදී. අපි නොහිතුවට අපි දිහා බලාගෙන අපි ගැන අවදානෙන් ඉන්න පුද්ගලයන් ඉන්නවා. මට එහෙම කියන්න හිතුනේ අද උදේ මම නැගපු බස් එකට මගින් නැගපු ගැහැණු ළමයෙක් සීට් එකේ වාඩි වෙලා ෆෝන් එක ඔබනවා මෙලෝ කල්පනවාක් නැතුව. මට හිතුන විදිහට එයා කාත් එක්ක හරි චැට් කරනවා හෝ මැසේජ් කරනවා. ඊට පස්සේ හෝල්ට් එකෙන් නැගපු පිරිමි ළමයෙක් ඒ ළමයා ගාවින් හිටගෙන අර ළමයාගේ ෆෝන් එකට එබිලා එයා ටයිප් කරන ඒවා කියෝනවා. ගැහැණු ළමයාට ඒ ගැන වැටහීමක් නෑ. ඒ ගැහැණු ළමයා මොනවා ටයිප් කරාද දන්නෙ නෑ අර පිරිමි ළමයාගේ මුහුණේ මැවුනේ පුදුම හතටත් වඩා පුදුමයක් දැක්කම මුහුණේ මැවෙන විශ්මයාර්ථයක්. ඒ පිරිමි ළමයා බස් එකෙන් බහින්න දොර ගාවට ගිහිල්ලත් අර ගැහැණු ළමයා දිහා හැරිලා බැලුවේ අර විශ්මයට පත් උන මූනෙන්මයි. ඒ පිරිමි ළමයා ගැහැණු ළමයාගේ හැඩරුව හොඳින්ම මතකේ තියාගත්ත වගනම් තේරුනා. ඇය ටයිප් කලේ අතිශයින්ම පෞද්ගලික දෙයක් නම් දැන් අර පිරිමි ළමයා ඒක දැනගෙන ඉවරයි. තවත් දවසක ඔහුගේ යාළුවෙක් එක්ක යද්දී ඒ ගැහැණු ළමයව දැක්කොත් ඔහු කියවපුවා යාළුවා සමග නොකියා හිඳීවිද. අපට අනිත් මිනිස්සු හදන්න බෑ. ඒත් විමසිල්ලෙන් ඉන්න. විශේෂයෙන් ගැහැණු ළමයි. අනුන්ගේ දුරකතනය කට එබෙන එක ඒ තරම් හොඳ ගුණයක් නූනට ගොඩක් අය ඒ වැඩේ කරනවා. ඒ නිසා කල්පනාවෙන්..
Labels:
මග තොටේදී
Subscribe to:
Post Comments (Atom)
ගොඩක් මිනිස්සු තමන් ගැන අවබෝධයෙන් තොරයි
ReplyDelete