ඉතා කුඩා වියේ සිටම ගම් වල ජීවත් වන ගැහැණු ළමයින්ගේ කොණ්ඩය, ඔවුන්ගේ මව්වරුන්, සොයුරියන්,ආච්චී, නැන්දා හෝ වැඩිහිටි කාන්තාවන් විසින් කැරලි වලට ගොතනු ලබනවා. එම අවස්ථාවේදී එම කුඩා ළමයින්ද කොණ්ඩ කැරලි ගොතන්න ඉගන ගන්නවා.නුපුහුණු අයට සිය කොන්ඩය ගොතන්න වැඩිහිටි කාන්තාවන් ඉඩ නොදෙන නිසා තමන්ට වඩා බාල හෝ සම වයස් දැරියන්ගේ කොණ්ඩ කැරලි ගොතමින් ඔවුන්ට මෙම මොස්තර පුරුදු වෙන්න සිදුවෙනවා.
.බොහෝවිට මෙම කොණ්ඩා කැරලි ගොතන්න දිනක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගතවෙනවා.
තමන්ගේ කොණ්ඩය ගොතාදෙන කාන්තාවගේ කොණ්ඩය ගොතාදීම පරිණත ගෙතුම් ශිල්පිනියන්ගේ සිරිතක්. එහෙත් ගම්බද කාන්තාවන්ට මෙම ගෙතුම් ඉගනීමට අවස්ථාව ලැබෙන්නේ එදිනෙදා වැඩ කටයුතු වලින් විවේකයක් ලැබුනොත් පමනයි. ජනයා නාගරීකරණය වීම හා කාර්මිකකරණය වීමෙන් පසු මෙම කොණ්ඩා ගෙතීමේ කලාව වර්තමානයේ වෘතියක් බවට පත්වෙලා. වඩාත් සංකීර්ණ ගේතුම් රටාවල් තවමත් ගම්බද පෙදෙස්වල දකින්න ලැබුනත් අප්‍රිකාවේ නාගරික ප්‍රදේශවල ඇති සැලුන් වලින් සරල කොණ්ඩ කැරළි රටාවන් පමනක් ගොතනු ලබනවා. පසුගිය දශක දෙක තුලදී ඇමරිකාව පුරාද මෙම සැලූන් වියාප්තවී තිබෙනවා. මෙම කොණ්ඩා මෝස්තර සඳහා දිගු කාලයක් ගතවෙන නිසා, එම කාලය තුලදී කාන්තාවන් ඉතා සතුටෙන් සුහදව කතාබස් කරමින්, රූපවාහීනී නරඹමින්, එකිනෙකා හඳුනා ගනිමින් ගොඩක් සතුටු වෙනවලු.
එක් එක මාදිලියේ කොණ්ඩා මොස්තර පහත ඡායාරූප වලින් දකින්න පුලුවන්.
(ඡායාරූප හා තොරතුරු අන්තර් ජාලයෙන් උපුටාගෙන ඇත )
No comments:
Post a Comment