Thursday, December 12, 2019

දියවෙමින් පවතින ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව

                        

        ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවීම හේතුවෙන් මෙම සියවස අග භාගය වන විට මිලියන හාරසීයක ජනතාවට ගං වතුර තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවෙන බව අධ්‍යයනයකින් හෙළිවේ.
     ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව, ලොව විශාලතම අයිස් තට්ටුවක් වන අතර දැනටමත් සාගරයට වාර්ෂිකව වැඩිම ජලය සපයන්නා වේ. මෙමගින් ගෝලිය මුහුදු ජල මට්ටම ඉහළ යාමට ප්‍රධාන දායකත්වය සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.
       නාසා සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් සිදු කරන ලද මෙම අධ්‍යයනයෙන් අයිස් තට්ටුවේ පරිමාව, ප්‍රවාහය සහ ගුරුත්වාකර්ෂණ විභවතාවයේ වෙනස්වීම පිළිබඳ චන්ද්‍රිකා මිනුම් 26 ක එකතුවක් සමග සංසන්දනය කර එහි ස්කන්ධ ශේෂය පිළිබඳ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.
        1990 ගණන් වලදී අයිස් තට්ටුව ශේෂ වී ඇත්තේ මෙට්‍රික් ටොන් බිලියන 25 කිනි. මේ වනවිට එහි අගය ඉහළ ගොස් ඇත. 2011 දී මෙට්‍රික් ටොන් 335කි. 1992 සිට 2018 වන විට මෙට්‍රික් ටොන් ට්‍රිලියන 3.8 ක් පමණ දියවී ඇති නිසා සාගර ජල මට්ටම මිලි ලීටර් 10 කින් ඉහළ ගොස් ඇත. 
       වර්තමාන වේගයෙන් දියවීම දිගටම පැවතුනහොත් ශත වර්ෂය අවසන් වනවිට මිලියන 100 ජනතාවක් වාර්ෂිකව ගං වතුර අවදානටම  ලක්වන අතර මුළු අවදානම මිලියන 400 දක්වා ඉහළ යනු ඇතැයි ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ පෘථිවි නිරීක්ෂන මහාචාර්ය ඇන්ඩෘ ෂෙපර්ඩ් පවසයි.
     මුහුදු මට්ටමේ සුළු වැඩිවීමක් පවා වරාය සහ වෙරළ බඩ කලාප වලට "විනාශකාරී බලපෑම් " ඇතිකළ හැකි බවද විද්‍යඥයෝ පවසති.
      ඇන්ටාක්ටිකාවෙන් පිටත ඇති එකම ස්ථිර අයිස් තට්ටුව වන ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව අතුරුදහන් වීම නිසා ග්‍රහ ලෝකය උණුසුම් වීම වේගවත් වෙන බැවින් කුණාටු, අධික වඩදිය බාදිය මෙන්ම සුළි කුණාටු වැනි උග්‍ර කාලගුණික විපර්යාසයන්ට ගොදුරුවීමට ඉදිරියේදී සිදුවෙනු ඇත.

Monday, December 9, 2019

නේපාලයේ ඔසප් පැල්පත් (Menstruation hut)


           ඔසප් කාලය තුල වෙනම පැල්පතක ගැහැණු ළමයින් රඳවා තැබීම නේපාල රජය විසින් තහනම් කලද තවමත් එරට ගැහැණු ළමයින් ගෙන් සියයට හැත්තෑ හතකට ඔසප් පැල්පතකට වී එම දින කීපය ගත කිරීමට සිදුව ඇතිබව බ්‍රිතාන්‍ය විසින් කළ සමීක්ෂණයකින් හෙළිව තිබේ. 
         චෞපාඩි ලෙස හැඳින්වෙන මෙම නේපාල සම්ප්‍රදායට අනුව ඔසප් වන දින වල කාන්තාවන් සහ දරුවෙකු බිහි කළ අලුත කාන්තාවන්, අපිරිසිදු සහ අවාසනාව කැඳවාගෙන එන අය ලෙස සලකනු ලබයි.      එම කාල වකවානුව තුල ඔවුන්ට නිවසට ඇතුළු වීමට, කිසිවෙකු ස්පර්ශ කිරීමට, පන්සලට හෝ උත්සව වලට සහභාගී වීමට හෝ පළතුරු, එළවළු සහ කිරි නිෂ්පාදන ඇතුළු ආහාර අනුභව කිරීමට අවසර නැත. 
                  ඔවුන් මෙම පැල්පත් "චාවු" නමින් හඳුන්වයි. මෙම පැල්පත් වලට පිටුවහල් කරන් ගැහැණු ළමයින් අධික කාලගුණික තත්ත්වයන්, සත්ව ප්‍රහාර, මාරාන්තික පාරිසරික උපද්‍රව සහ ලිංගික හිංසනයන්ට ගොදුරු විය හැකි බව බාත් විශ්ව විද්‍යාලයේ සහ කත්මණ්ඩු හි පරිසර, සෞඛ්‍යය සහ ජනගහන ක්‍රියාකාරකම් පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයෝ පවසති.
             ජනවාරියේදී, කාන්තාවක් සහ ඇගේ වයස අවුරුදු 9 සහ 12 වන පුතුන් දෙදෙනා රාත්‍රී කාලයේ නිදාගැනීමට මෙම පැල්පතක් තුල ගින්නක් දැල්වීමෙන් හුස්ම හිරවී මියගොස් ඇත. 2018 අගෝස්තු මාසයේදී චෞපාඩි පිළිවෙත් බලාත්මක කිරීම් සාපරාධී වරදක් බවට පත්වූ අතර මාස තුනක සිර දඬුවමක්ද ඩොලර් 37 ක දඩයක්ද නියම විය. 
        නීතිය ක්‍රියාත්මකවී වසරක් ගතවූ පසුත් පසුගිය සතියේ සිදුවූ 21 හැවිරිදි පර්බති බුදා රාවුට් ගේ මරණයෙන් පසු පොලිසිය විසින් ඔවුන්ගේ පළමු ඔසප් පැල්පත අත් අඩංගුවට ගනු ලැබීය. ඇගේ පැල්පත උණුසුම් කිරීමට ගින්නක් දැල්වීමෙන් පසු ඇය හුස්ම හිරවී මියගොස් ඇත. ප්‍රාදේශීය පොලිසිය කත්මණ්ඩු පොලිසියට පවසා ඇත්තේ එම කාන්තාවගේ මස්සිනා ඇයට පැල්පතේ නිදාගැනීමට බල කලේදැයි සොයා බලමින් සිටින බවයි.
           බටහිර නේපාලයේ ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ වල වයස අවුරුදු 14 ත් 19 ත් අතර ගැහැණු ළමයින් 400 දෙනෙකු සමග පර්යේෂකයෝ කතා කළහ. වැඩිහිටි කාන්තාවන් සමගද සාකච්ඡා කරන ලදී.
      ඔවුන්ගේ සොයා ගැනීම් අදවන විට ලිංග හා ප්‍රජනක් සෞඛ්‍යය පිළිබඳ සඟරාවේ සඳහන් කර ඇති අතර නීති පැනවීම් මගින් එතරම් බලපෑමක් ඇතිවී නොමැති බවත්, සම්මුඛ පරීක්ෂකයින්ගෙන් 77% කියා සිටියේ තම පවුලේ අය තවමත් එම චාරිත්‍රය අනුගමනය කළ යුතු බවයි. එමෙන්ම විවිධ ස්ථානවලට ගොස් නිදා ගැනීමට ඔවුන් බියෙන් පසුවෙන බවත් හෙළි විය.
      හින්දු ආගම හා බැඳි මෙම භාවිතයෙන් මවුවරුන් ආධාර නොමැතිව දරු ප්‍රසූතිය කලයුතු අතර, කලාපයේ දැනටමත් ඉහළ මාතෘ මරණ අනුපාතයක් පෙන්නුම් කරයි.
    මෙම පිළිවෙත අනුගමනය නොකරන බොහෝ අය බොහෝ දුරට ක්‍රිස්තියානි හෝ මුස්ලිම් පවුල් හෝ ධනවත් හින්දු පවුල් වේ. විදේශගතවූ සහ විදේශිකයන් ආශ්‍රය කළ අයද මෙය ක්‍රියාත්මක නොකරයි.
        සිය පර්යේෂණය අතරතුර බොහෝ කූඩාරම් පරීක්ෂාකල ආචාර්ය චැනන්, සාමාන්‍ය පැල්පතක් විස්තර කළේ ලෑලි වලින් සදන ලද මූලික කුඩා ව්‍යුහයක් වන අතර ගැහැණු ළමයින් එහි බිම නිදාගනී. බොහෝ විට පැල්පත් වල අගුල් නැති අතර යම්කිසි අනතුරක් වේදැයි ගැහැණු ළමයින් බියෙන් පසුවෙයි.
       ලිංගික අතවර ගැන බිය වුවත් ඔවුන්ගේ විශ්වාසයන් සමග ලිංගික හිංසනයන් මේවන් අවස්ථාවල සිදුවේදැයි සිතීමට නොහැකි මුත් එවැනි දේ සිදුවෙනවා දැයි නිශ්චිතව තීරණය කල නොහැක.
      සමහර පවුල් වල චාවූ පැල් පත් නොමැති අතර ගැහැණු ළමයින් නිදාගන්නේ එළිමහනේ, වැරැන්ඩා වන් හි සහ ගව මඩු හෝ වෙනත් සතුන්ගේ මඩු තුළය. වෛද්‍ය චැනන් හඳුනාගත් 20 හැවිරිදි එක කාන්තාවක් පවුලේ ගව මඩුවේ ගවයින් හා එළුවන් සමග එම කාලයේ නිදාගනී.
        කාන්තාවන්ට අනුව එම චාරිත්‍රය ක්‍රියාත්මක නොකලහොත් භයානක දේ සිදුවේ. පවුලේ සාමාජිකයෙක් අසනීප වීම වැනි,
     චෞපාඩි විශවාසයන් කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ මානසික සෞඛ්‍යයට විශාල හානියක් වන අතර එය මානසික අවපීඩනයට හා ආත්ම අභිමානය හීන වීමට හේතුවේ. 
      ඔවුන් අපවිත්‍ර යැයි බොහෝ දෙනෙක් විශ්වාස කරන අතර එම මිත්‍යා විශ්වාසනයන්ට අභියෝග කරණ කීප දෙනෙක්ද නැතුවාම නොවේ.
   මෙම පිළිවෙත් බලාත්මක කරනු ලබන්නේ මවුවරුන්, ආච්චිලා සීයලා ඇතුළු ජේෂ්ඨ කාන්තාවන් ඇතුළු ඔවුන්ගේ පවුල සහ එම ප්‍රජාව තුළ විවිධ වැඩිහිටියන් විසිනි.
     අනෙක් සැබෑ ප්‍රශ්ණය නම් ආගමික නායකයින් මේ පිළිබඳව දැඩිව විශ්වාස කරන අතර කිසිවෙකුට වෙනස් වීමට ඉඩ නොදීමයි.
    වැඩිහිටි පරම්පරාව මිය යන තෙක් බලාසිටිනවා හැර මෙය වෙනස් කිරීමට කළ හැකි දෙයක් නොමැති බව ආචාර්ය චැනන් පවසයි. චෞපාඩි පිළිවෙත් වලට එරෙහිව නීතිය බලාත්මක් කිරීමට දුෂ්කර වී ඇත. කාන්තාවන් තම පවුලේ අයට විරුද්ධව සාක්ෂි නොදෙයි.
 එක ගමක පොළිසිය පැල්පත් විනාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගැහැණු ළමයින් එළිමහනේ නිදාගැනීමට සිදුවිය.
 මෑතක් වනතුරුම සමාජ සංවිධාන සමාජ සංවිධාන මගින් ගැහැණු ළමයින්ට පිරිසිදු වැසිකිලි පහසුකම්, සබන්, ජලය සහ ඔසප් නිෂ්පාදන ලබාදීම කෙරෙහි පමනක් අවධානය යොමුකර ඇත.
  ගැඹුරින් මුල් බැසගත් සංස්කෘතික පිළිවෙත් හා හැසිරීම වෙනස් කිරීම පහසු නැත.  එහෙත් මේ සඳහා නීතිමය ක්‍රියාමාර්ග සඳහා මෙයිට වඩා යොමුවිය යුතුබව පර්යේෂකයෙකු වන ආචාර්ය තොම්සන් පවසයි.
තොරතුරු  ABC වෙබ් අඩවියෙනි




"හරිත කල්ලිය" ට පදනම වැටෙන්නේ එයිනි. ඔවුන් ගෘහස්ත හිංසනය, මත් පැන් සහ සූදුවට එරෙහිව සටන් වදිති. ඉන් ඇතිවන ගැටළු මැඩ පැවැත්වීමට මැදිහත් වෙති. ඔවුන් ගමේ සූදු පොළවල් වටලති. මත් පැන් බොන ස්ථාන වටලා මත් පැන් විනාශ කරති. සූදුවට ගන්නා කාඩ් ආදිය විනාශ කරති. කාන්තාවන්ට හා දරුවන්ට හිරිහැර කරනා පිරිමින් නීතිය ඉදිරියට ගෙන යති. පොලිසියද ඔවුන් හා සමීපව කටයුතු කරයි. වර්තමානය වන විට එහි කාන්තාවෝ නිදහස් සාමකාමී ජීවිතයක් ගත කරති. පිරිමින්ගෙන් ඔවුනට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙමින් පවතී. "හරිත කල්ලි" ගම්මාන කීපයකම ඇතිවෙමින් පවතී.



 උතුරු ඉන්දියාවේ, ශුද්ධවූ වරණාසි නගරයට නුදුරින් පිහිටි කුඩා ගම්මානයක් වන කුෂියාර් ගම්මානයේ කාන්තාවන් විසි පස් දෙනෙක් විසින් කල්ලියක් නිර්මාණය කරගෙන වැරදි කරනා පිරිමින්ට දඬුවම් දෙති. ඔවුන් එදිනෙදා අඳිනා වෛවර්ණ සාරි වලට සමුදී කොළ පැහැති සාරි වලින් සැරසී සිටිති. එය ඔවුන්ගේ නිල නොලත් හමුදාවේ නිල ඇඳුමද වේ.
           ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය වසරේ කරන ලද සමීක්ෂණයකට අනුව ඉන්දියාවේ කාන්තාවන්ගෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක්, නිවසේදී ශාරීරිකව සහ ලිංගිකව හිංසනයට ලක්වෙන බව තහවුරු කොටගෙන තිබේ. සමීක්ෂණයට අනුව විවාහක කාන්තාවන්ගෙන් තුනෙන් එකක් සිය ස්වාමිපුරුෂයන්ගෙන් ගෘහස්ත හිංසනයට ලක්ව පීඩා විදින අතර ග්‍රාමීය ප්‍රදේශ වල මෙම තත්ත්වය උග්‍රව පවතී. එහෙත් වයස 40 ත් 50 ත් අතර කාන්තාවන්ගෙන් සියයට 50 ගෘහස්ත හිංසනය සාධාරණීකරණය කරන අතර සිය අයිතිවාසිකම් පිළිබඳ කිසිවක් නොදනී.
     ආශා දේවි කුෂියාර් ගම්මානයේ වෙසෙන හරිත කල්ලියේ සාමාජිකාවකි.ඇය පවසන අන්දමට ඔවුන්ගේ ප්‍රදේශයේ ගැහැණු ළමයෙක් ඉපදීම බරක් සේ සැලකෙයි. විවාහයෙන් පසු ඔවුන්ගේ ජීවිත නිවසටම සීමාවන අතර ඔවුන්ගේ නැන්දම්මාට අනුව ජීවත් වීමට සිදුවේ. ඇගේ සැමියා බීමතින් දරුවන් ඉදිරියේම ඇයට නිති පතා පහර දෙයි. හිස බිත්තියේ වද්දයි. 
     හරිත කල්ලියේ තවත් සාමාජිකාවක වන ශීලා දේවිගේ සැමියා සහ පුතා අධික ලෙස සූදුවට හා මත් පැනට ඇබ්බැහි වී සිටියි. උපයනා මුදල ඒවාට වැය වද්දී ඇගේ දියණියන්ගේ අනාගතය ගැන ඇයට ඇත්තේ බියකි.
       ඉන්දියාවේ සූදුව නීතියෙන් තහනම් වුවද ඔවුන්ගේ ගම්මානය සූදුවට ප්‍රසිද්ධියක් උසුලයි. 
      ඒවන් පරිසරයක් තිබෙන මෙම ගම්මානයට විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් පැමිනෙති. කුඩා පුන්‍යායතනයක් පවත්වාගෙන යන දිව්‍යාන්ෂු උපාධ්‍යගේ ඒ හරහා, දුප්පත් ගම්මානවලට ගොස් එහි කාන්තාවන්ට ඔවුන්ගේ නම ලිවිය යුතු ආකාරය, බැංකු ගිණුම් විවෘත කිරීම, සහ ආගන්තුකයන් සමග කතා කරන ආකාරය, පොලිස් පැමිනිල්ලක් දමන ආකාරය කියාදෙයි. ආශා දේවිලාද ඉන් දැනුවත් වූ පසු පහරදීම් බේබදුකම හේතුවෙන් ඔවුන්ගේ පිරිමි පොලිස් අත් අඩංගුවට පත්වෙයි. ඔය අතරම පුන්‍ය ආයතනය ඔවුන්ට ආත්මාරක්ෂක සටන් පුහුණුවක් ලබාදෙයි.
"හරිත කල්ලිය" ට පදනම වැටෙන්නේ එයිනි. ඔවුන් ගෘහස්ත හිංසනය, මත් පැන් සහ සූදුවට එරෙහිව සටන් වදිති. ඉන් ඇතිවන ගැටළු මැඩ පැවැත්වීමට මැදිහත් වෙති.  ඔවුන් ගමේ සූදු පොළවල් වටලති. මත් පැන් බොන ස්ථාන වටලා මත් පැන් විනාශ කරති. සූදුවට ගන්නා කාඩ් ආදිය විනාශ කරති. කාන්තාවන්ට හා දරුවන්ට හිරිහැර කරනා පිරිමින් නීතිය ඉදිරියට ගෙන යති. පොලිසියද ඔවුන් හා සමීපව කටයුතු කරයි.
      වර්තමානය වන විට එහි කාන්තාවෝ නිදහස් සාමකාමී ජීවිතයක් ගත කරති. පිරිමින්ගෙන් ඔවුනට ලැබිය යුතු නිසි ගෞරවය ලැබෙමින් පවතී. "හරිත කල්ලි" ගම්මාන කීපයකම ඇතිවෙමින් පවතී.
තොරතුරු 
ABC වෙබ් අඩවියෙනි.

Monday, November 25, 2019

සමුදුරු සුසානය


Salt to the Sea
Ruta Sepetys
සමුදුරු සුසානය
පරිවර්තනය- නිම්මි මුදිතා හේරත්

                දෙවනි ලෝක යුද්ධය කියන්නේ මතක් කරන්නට වත් නොවටිනා මහා අපරාධයක්. ජීවිත දහස් ගණනක් අකාලයේ විනාශ උනා. තවත් දහස් ගණනක් අමානුෂික වද දීලා මැරුවා. 1939 සැප්තැම්බර් 1 පටන් අරන්1945 සැප්තැම්බර් 2 අවසන් උන යුද්ධයෙන් මිත්‍ර පාර්ශ්වයෙන් මිනිසුන් 61,000,000 පමණත් අනෙත් පක්ෂයෙන් 12,000,000 පමණත් මිය ගියා යැයි පැවසෙනවා. සියල්ල අවසානයේ හිට්ලර් ටත්, හිරෝහිතෝ අධිරාජ්‍යයා ටත් මුසෝලිනී ටත්, අනෙක් පාර්ශ්වයේ ස්ටාලින් ඇතුළු අනෙක් අයටත් ලැබුනු දෙයක් නෑ. හිට්ලර් මහා කළු පැල්ලමක් ලොවට ඉතිරි කර මැරිලා ගියා.
              සමුදුරු සුසානය ලියවෙන්නෙ ඓතිහාසික ප්‍රබන්ධයක් විදිහට. කොයිතරම් ඉතිහාසය සම්භන්ද දේවල් කියෙව්වත් "විල්හෙම්                 ගස්ට්ලෝෆ්" නෞකාව ගැන දැනගත්තේ මේ පොත කියෙව්වට පස්සේ. පොතේ කතාවත් සම්පූර්ණයෙන්ම කේදවාචකයක්. ටොපිඩෝ ප්‍රහාරයක් හේතුවෙන් නැව මුහුදුබත් වෙද්දී මගීන් 10,582 දෙනෙක් සිටි බවත් ඉන් 5000 පමණ දරුවන් බවත් පැවසෙනවා. ජීවත් වෙන්න ලැබෙන්නේ ඉන් 1900 කට පමණයි.
               පොත කියවද්දී ඇත්තටම මමත් මරණය දකිමින් ජීවත් වීම උදෙසා සටන් කරමින් ඉන්නවා වගේ හැගීමක් දැනුනා.
පොතේ කතාව කිව්වොත් වැඩක් නෑනෙ. නොකියවපු අය කියවලාම බලන්න. 

Monday, November 18, 2019

හඬ නිහඬ- Silent Patient


හඬ නිහඬ- Silent Patient
සිංහල පරිවර්තනය - කුමාර සිරිවර්ධන මහතා
මම පොත කියවන්නේ තරමක් ප්‍රමාද වෙලා. ගොඩක් දෙනෙක් පොත නිකුත්වූ විගසම අරගෙන කියවලා ඇති.
පොත කියවන්න ගත්ත වෙලේ පටන් අවසානය වෙනකන් කියවන්නේ නැතුව මගදී නතර කරන්න හිතුනේ නැති තරම් කුතුහලයක් පොතේ අන්තිම පිටුව වෙනකන්ම තිබුනා. පොත හඳුන්වලා තිබුනේ "මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක”( psychological thriller, )කාණ්ඩයේ පොතක් විදිහට. ඔව් එහි ත්‍රාසයත් මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයකුත් තිබුනා. නමුත් මෙම කතාව වටා ගෙවී ඇති චරිත අධ්‍යයනය කරන්නත් පාඨකයාට ඉඩ ලබාදී තිබුනා.
"ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා සමග හොඳ පවුල් ජීවිතයක් ගෙවමින් සිටි කාන්තාවක්. ඇය චිත්‍ර ශිල්පිනියක්. ඇගේ සැමියා විලාසිතා ඡායාරූප ශිල්පියෙක්. ඔවුන් ලන්ඩනයේ ඔවුන්ගේම නිවසක වාසය කරනවා. එක හවස් වරුවක ඇගේ සැමියා ගේබ්‍රියෙල් විලාසිතා රූගත කිරීමකින් ප්‍රමාද වී නිවසට පැමිණෙන අතර ඇලීෂියා ඔහුට පස් වතාවක් මුහුණට වෙඩි තබනවා. එයින් පසුව ඇය එක වචනයක්වත් කතා කරන්නෙ නෑ.
ඇගේ සැමියාගේ මරණයත් ඇලේසියාගේ නිහඬ බවත් රටේ ලොකු කුතුහලයක් ඇතිකරනවා. ඉන්පසු ඇයව උතුරු ලන්ඩනයේ ආරක්ෂිත අධිකරණ වෛද්‍ය ඒකකයක් වන ග්‍රෝව්හි ප්‍රතිකාර සඳහා නතර කරනවා. තියෝ ෆේබර් යනු අපරාධ මනෝචිකිත්සකවරයකු වන අතර ඔහු ඇලීෂියා සමඟ වැඩ කිරීමේ අවස්ථාව සඳහා බොහෝ කාලයක් බලා සිටිනවා. ඔහුට ග්‍රෝව් හි සේවය කිරීමට අවස්ථාව උදා වෙනවා. ඇය සිය සැමියාව ඝාතනය කිරීමට හේතුව සෙවීම ඔහුගේ අරමුණ වෙනවා. " මේ විදිහට ආරම්භ වෙන කතාව පාඨකයා නොසිතූ අවසානයකට කැඳවාගෙන යනවා.
නවකතාවේ මනෝ විද්‍යාත්මක අවධානය නොතකා, අපි කතාව දෙස බලන විට එහි අතිශයින් ඛේදජනක හා හද කම්පා කරවන සුළුය කතාවක් එහි ගැබ්වී ඇත.
මෙම පොත ඇලෙක්ස් මයිකල්ඩීස් රචිත පළමු නව කතාව වන අතර ඔහු මෙයිට පෙර චිතපට දෙකක තිර රචනා ලියා ඇත. මෙමෙ නවකතාව ආශ්‍රයෙන් චිත්‍ර පටයක් නිපදවූ බව දැන්ගන්නට ලැබුනමුත් එය තිරගත වූවාද තිරගත වන්නට තිබේදැයි නොදනිමි.
==============================================
"අනපේක්ෂිත හැගීම් කිසි විටෙක මිය යන්නේ නැත. ජීවමානවම යටපත්ව තිබෙන ඒවා පසුව් ඉස්මතු වන්නේ වඩාත් අවලස්සන ආකාරයෙනි."
සිග්මන් ෆ්‍රොයිඩ්