Thursday, December 12, 2019

දියවෙමින් පවතින ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව

                        

        ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවීම හේතුවෙන් මෙම සියවස අග භාගය වන විට මිලියන හාරසීයක ජනතාවට ගං වතුර තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවෙන බව අධ්‍යයනයකින් හෙළිවේ.
     ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව, ලොව විශාලතම අයිස් තට්ටුවක් වන අතර දැනටමත් සාගරයට වාර්ෂිකව වැඩිම ජලය සපයන්නා වේ. මෙමගින් ගෝලිය මුහුදු ජල මට්ටම ඉහළ යාමට ප්‍රධාන දායකත්වය සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.
       නාසා සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් සිදු කරන ලද මෙම අධ්‍යයනයෙන් අයිස් තට්ටුවේ පරිමාව, ප්‍රවාහය සහ ගුරුත්වාකර්ෂණ විභවතාවයේ වෙනස්වීම පිළිබඳ චන්ද්‍රිකා මිනුම් 26 ක එකතුවක් සමග සංසන්දනය කර එහි ස්කන්ධ ශේෂය පිළිබඳ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.
        1990 ගණන් වලදී අයිස් තට්ටුව ශේෂ වී ඇත්තේ මෙට්‍රික් ටොන් බිලියන 25 කිනි. මේ වනවිට එහි අගය ඉහළ ගොස් ඇත. 2011 දී මෙට්‍රික් ටොන් 335කි. 1992 සිට 2018 වන විට මෙට්‍රික් ටොන් ට්‍රිලියන 3.8 ක් පමණ දියවී ඇති නිසා සාගර ජල මට්ටම මිලි ලීටර් 10 කින් ඉහළ ගොස් ඇත. 
       වර්තමාන වේගයෙන් දියවීම දිගටම පැවතුනහොත් ශත වර්ෂය අවසන් වනවිට මිලියන 100 ජනතාවක් වාර්ෂිකව ගං වතුර අවදානටම  ලක්වන අතර මුළු අවදානම මිලියන 400 දක්වා ඉහළ යනු ඇතැයි ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ පෘථිවි නිරීක්ෂන මහාචාර්ය ඇන්ඩෘ ෂෙපර්ඩ් පවසයි.
     මුහුදු මට්ටමේ සුළු වැඩිවීමක් පවා වරාය සහ වෙරළ බඩ කලාප වලට "විනාශකාරී බලපෑම් " ඇතිකළ හැකි බවද විද්‍යඥයෝ පවසති.
      ඇන්ටාක්ටිකාවෙන් පිටත ඇති එකම ස්ථිර අයිස් තට්ටුව වන ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව අතුරුදහන් වීම නිසා ග්‍රහ ලෝකය උණුසුම් වීම වේගවත් වෙන බැවින් කුණාටු, අධික වඩදිය බාදිය මෙන්ම සුළි කුණාටු වැනි උග්‍ර කාලගුණික විපර්යාසයන්ට ගොදුරුවීමට ඉදිරියේදී සිදුවෙනු ඇත.

No comments:

Post a Comment