පෙරදිනක පෑනෙන් පොතක ලියවුන වර්තමානයේ යතුරු පුවරුවෙන් පරිගනක තිරයේ ලියවෙන මගේ සිතුවිලි ආකරය "සෙව්වන්දිය"
Tuesday, June 11, 2019
The girl in room 105
චේතන්ගේ පොත් සියල්ලම මම කියවලා තිබෙනවා. ඔහුගේ පොත් හරහා නිර්මාණය වූ චිත්‍රපටත් නරඹලා තිබෙනවා. චේතන්ගේ ගිය වසරේ පළවූ නව කතාව The girl in room 105 කියවලා ඉවරකලේ අද. ඔව් ටිකක් විතර පරක්කුවෙලා කියෙව්වේ. පොත නිකුත් කරන්න කලින් චේතන් අපූරු Book Trailer එකකුත් කරලා තිබුනා. පොත ගැන සඳහන් කරන්න කලින් චේතන්ගේ පොත් ගැන කිව්වොත් ඒවා සරලයි තමයි. ඒ වගේම ඔහු ලියන්නේ සරල ඉංග්‍රීසියෙන් නිසා ඉන්දියාවේ වගේම ලංකාවේත් ඉංග්‍රීසි සාමාන්‍ය දැනුමක් තියන අයට උනත් කියවලා රස විඳින්න පුලුවන්. චේතන්ගේ පොත් වලට මාතෘකා වෙන්නේ ඉන්දියාවේ මධ්‍යම පාන්තික තරුණ ජීවිත. සංස්කෘතික වෙනස්කම් හැරුනම ඔවුන්ගේ සහ අපේ ගැටළුවල වෙනසක් නැහැ. ඒ නිසාද කොහෙද චේතන් අපටත් සමීපයි.
මේ පොත පැය හතරකින් පහකින් කියවලා නිම කරගන්න පුලුවන් මට්ටමේ පොතක්. රහස් පරීක්ෂක පොත් කාණ්ඩයට වැටෙන කතාවක්. චිත්‍රපටයකට නම් වඩා හොඳ කතාවක් වෙයි. ඔව් ඉදිරියේදී චිත්‍රපටයක් නිර්මාණය වෙන්නත් ඉඩ තිබේවි.
පොතේ මුල් පරිච්ඡේද කීපයේ නම් පෙම්වතිය අහිමිවීම නිසා ශෝකයට පත් තරුණයෙක් ඒ මතකය ඔස්සේ විඳවන ආකාරය ගැන තමයි ලියවිලා තියෙන්නේ. පොතේ මැද හරියට යනකොට කතාව වෙනස් වෙනවා ඔහුගේ පරණ පෙම්වතියගේ මරණයත් සමග එය මිනීමැරුමක් වීමත් එය කල කෙනා හොයාගන්ට ඔහුට උවමනාවීමත් සමග. අවසානයේ වසර තුනක ට පෙර අවසන්වූ ආදර කතාවේ පෙම්වතියගේ මිනීමරුවා සොයාගන්න කතාවේ වීරයා සමත් වෙනවා වගේම ඔහුත් මිතුරාත් එකතුවී රහස් පරීක්ෂක කාර්යාලයක් ආරම්භ කරමින් අරමුණක් නොතිබූ ඔවුන්ගේ ජීවිතයට අලුත් අරමුණක් අරන් එනවා.
ඒ සමගම පොත හරහා ඉන්දු කාෂ්මීර අර්බුදය ගැන, සුන්දර කාෂ්මීරය ගැන, මුස්ලිමි මූලධර්මවාදීන් සහ හින්දු මූලධර්මවාදීන් ගැන රූපවාහිනිය මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට අත පොවන ආකාරය, තමන්ගේ ගැලවිල්ල සඳහා පොලීසිය කවුරුන්හෝ වරදට පටලවා නිදහස් වීම මෙන්ම ඒ හරහා උසස්වීම් ලබාගැනීමට සිතීම වැනි කාරණාත් කතාවෙනවා.
උසස් අධ්‍යාපනයක් ලද මුත් නිසි රැකියාවක් නොලැබීම පෙම්වතුන් වීමට කිසිම සුදුසුකමක් අවශ්‍ය නොවන මුත් විවාහටය ජාතිය ආගම බලපාන බව සහ දෙමාපියන්ට විරුද්ධව විවාහවීමට නොහැකි බව සහ දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අතහැරීමට සිදුවෙන බවත් මේ හරහා කතාවෙනවා.
අවසානයේදී මෙහි කථානායකයා තමන්ට ගැහැණුන් පිළිබඳ අවබෝධයක් නොතිබූ බව වැටහෙනවා. අවසානයට ඔහු ඇගේ සොහොන ළඟට ගිහින් Good bye Zara. I Unlove you කියන්නේ එනිසායි.
මේ පොත චේතන්ගේ අනිත් පොත්වලින් වෙනස් නිසා ගොඩක් අය ඒතරම් කැමැත්තක් දක්වලා තිබුනේ නැහැ. ඒත් මම නම් මේ පොතට කැමතියි.
Tuesday, May 14, 2019
නොපෙනෙන ගුණ
අරමුණක් ඉලක්කයක් නැතුව අඩුපාඩු ගොඩක් මැද්දේ ගෙවෙන ජීවිතේ ගැන හිත හිතා තිලිනි වත්ත පුරා ඇවිද්දේ හිත ටිකක් නිදහස් වෙයි කියලා හිතාගෙන. තිලිනි පස්සෙන් ආපු, රොකීව දැකලා බය උන ලේන්නු තරඟෙට කෑ ගහනවා. ඒ මැද්දට දෙමලිච්චෝ රංචුවකුත් එකතුවෙලා එකම කරච්චලයක්. මදැයි හිත නිදහස් කරගන්න කියලා ආවා මෙයාලගේ කරච්චලේ මගෙ ඔලුව තවත් අවුල් කරනවා. රොකී ගහක් උඩ ඉන්න ලේනෙකුට කුරුමානම. අල්ලයි මාව කියනා බැල්මෙන් ලේනා රොකී දිහා බලාගෙන කෑ ගහනවා. රොකියට ඕන එකක් කරගන්න කියලා ටිකක් ඉස්සරහට යද්දී එක පෙළට තියන බෙලි ගස් තුන වටේටම බෙලි වැටිලා. ගොඩක් ගහ යටම නරක් වෙන්නත් ඇවිත්.
"බෙලිගෙඩියක් හොයාගන්න විඳපු දුකක්. මේ ගෙඩියත් ගත්තේ රු 200/= කට. රෝහල් ගත වෙලා ඉන්න තාත්තාට එහා ඇඳේ ඉඳපු රෝගියා බලන්න ආව කාන්තාවක් කියපු කතාවක් තිලිනිට මතක් උනා."
"අපරාදේ"
තිලිනි වැටිලා තිබුන බෙලි ගෙඩි ටික අහුලලා ගොඩක් ගැහුවා. හොඳ තත්වෙ බෙලි ගෙඩි දහ අටක් තිබුනා. මේ ටික පළතුරු කඩේට දුන්නා නම් සල්ලි ගන්න තිබුනා. ගෙදරින් කූඩයක් අරන් ඇවිත් තිලිනි බෙලි ගෙඩි ටිකත් අරන් ගෙදර ගියේ හවස තාත්තා බලන්න රෝහලට යනකොට පළතුරු කඩේට දීලා මුදල් ගන්න ඕන කියලා හිතාගෙන.
හෙට තාත්තාට අරන් යන්න බෙලි ගෙඩියක් අරන් තියලා තිලිනි ඉතිරි ගෙඩි ටික කවරෙකට දැම්මා.
"කාටද ළමයෝ මෙච්චර බෙලි?"
"විකුනන්න. "
"ලැජ්ජ නැද්ද ළමයෝ මේවා උස්සන් ගිහින් විකුණන්න"
"මොකට ලැජ්ජා වෙනවද අම්මා තාත්තටම වියදම් කරලා අතේ සතේ නැතුව ඉන්නකොට මේ ටික දීලා කීයක් හරි ගන්න එකත් වටිනවනේ. අම්මා ඉන්නකො මමනෙ අරන් යන්නේ."
" අනේ ඉතින් මට මොකද ඔයාට හොඳ නම්"
තිලිනිට පළතුරු කඩෙන් බෙලි වලට රුපියල් අටසීයක් ලැබුනා. තිලිනි ඒ තරම් මුදලක් බලාපොරොත්තු උනෙත් නැහැ. තිලිනි ගේ ගණු දෙණුව අවසන් වෙනකන් බලාගෙන හිටපු අංකල් කෙනෙක් බෙලි ගෙඩි දෙක තුනක් තෝරගන්න ගමන් බෙලි ගැන ලොකු විස්තරයෙකුත් කලා.
බෙලි වල ඇති ඖෂධීය ගුණය ඉතාමත් ඉහලයි.
"බෙලිගෙඩියක් හොයාගන්න විඳපු දුකක්. මේ ගෙඩියත් ගත්තේ රු 200/= කට. රෝහල් ගත වෙලා ඉන්න තාත්තාට එහා ඇඳේ ඉඳපු රෝගියා බලන්න ආව කාන්තාවක් කියපු කතාවක් තිලිනිට මතක් උනා."
"අපරාදේ"
තිලිනි වැටිලා තිබුන බෙලි ගෙඩි ටික අහුලලා ගොඩක් ගැහුවා. හොඳ තත්වෙ බෙලි ගෙඩි දහ අටක් තිබුනා. මේ ටික පළතුරු කඩේට දුන්නා නම් සල්ලි ගන්න තිබුනා. ගෙදරින් කූඩයක් අරන් ඇවිත් තිලිනි බෙලි ගෙඩි ටිකත් අරන් ගෙදර ගියේ හවස තාත්තා බලන්න රෝහලට යනකොට පළතුරු කඩේට දීලා මුදල් ගන්න ඕන කියලා හිතාගෙන.
හෙට තාත්තාට අරන් යන්න බෙලි ගෙඩියක් අරන් තියලා තිලිනි ඉතිරි ගෙඩි ටික කවරෙකට දැම්මා.
"කාටද ළමයෝ මෙච්චර බෙලි?"
"විකුනන්න. "
"ලැජ්ජ නැද්ද ළමයෝ මේවා උස්සන් ගිහින් විකුණන්න"
"මොකට ලැජ්ජා වෙනවද අම්මා තාත්තටම වියදම් කරලා අතේ සතේ නැතුව ඉන්නකොට මේ ටික දීලා කීයක් හරි ගන්න එකත් වටිනවනේ. අම්මා ඉන්නකො මමනෙ අරන් යන්නේ."
" අනේ ඉතින් මට මොකද ඔයාට හොඳ නම්"
බෙලි වල ඇති ඖෂධීය ගුණය ඉතාමත් ඉහලයි.
- ඉදුනු බෙලි ගෙඩිය පළතුරක් ලෙසට මෙන්ම ගසේ පංචාගයම ඖෂධ වශයෙන් ගනී.
- ඉදුනු බෙලි මදය සුරා ගෙන කෑමටද, පානයක් වශයෙන්ද සකස්කරගත හැක.
- අමු බෙලි තම්බා ආහාරයට ගත හැකිය.
- බෙලි මල් මෙන්ම බෙලි කටු ද, බෙලි ගැට ද වියලා, තම්බා පානයක් ලෙස ගනී. මේ දෙකම අතිශය ගුණ දායකය.
- සෙම් ගතිය, නහයේ බර ගතිය දුරු කිරීමට දුම් ඇල්ලීම සඳහා බෙලි කොළ භාවිත කරයි.
- බෙලි ආහාර මාර්ගයේ රෝගී තත්ත්ව වලට ගුණදායකයි.
- බඩ පිපුම පාලනය කරයි.
- මල බද්ධය දුරු කරයි.
- අර්ශස් රෝගය සඳහා ගුණදායකයි.
- ශරීරය සිසිල් කරන පානයක් නිසා නිතර බෙලි මල් පානයෙන් ශරීර සුන්දරත්වයද වැඩි වන බවද කියනවා.
මේ තරම් ගුණ තියන පළතුරක්නේ අපි ඔහේ ඉදිලා වැටිලා යන්න දීලා බලන් ඉන්නේ. අපට අගයක් නෑ.. කියලා හිතන ගමන් තිලිනි රෝහලට ගියා.
තාත්තා ට ෆාමසියෙන් ගෙනත් දෙන්න කියලා නර්ස් කෙනෙක් දුන්න බෙහෙත් වර්ගයක් ලියලා දුන්නා. ඒකට බෙලි විකුණලා ගත්තු මුදල් සෑහුනා. මේ විදිහට මුදල් කරගන්න පුලුවන් අපතේ යන කොච්චර දේවල් අපේ ඉඩමේ තියනවද කියලා තිලිනිට හිතුනා.
Tuesday, April 23, 2019
මිනිසා කොයිබටද
අඳුරු ඉරිදාවෙන් පස්සේ වේදනාකාරී මූසල දවස් කීපයක් ගෙවිලා ගියා. නිදාගන්න ගියත් කන්න බොන්න ගියත් වෙච්ච විනාශය මතක් වෙලා හිත කීරි ගැහෙනවා. සිද්ද උනේ ආයේ කවමදාවත් සිදු නොවෙයි කියලා හිතපු දෙයක්. අවුරුදු දහයක් නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් උන අපට මේ අත්දැකීම නුහුරුයි වගේ. බස් එකේ කෝච්චියේ යනකොට සෙවිල්ලෙන් ඉන්න එක මග තොටේදී දකින දකින කෙනා දිහා සැකෙන් බලන්න වෙන එක මොනතරම් අසීරුද. හිතට හරිම වේදනාවක්. අපිට ආයෙමත් වැරදුනේ කොතනද කියලා හිතෙනවා.
අපි හැමවෙලේම අනිත් මිනිස්සුන්ට සාමය සංහිඳියාවේ දෑත දිගු කරනකොට ඔවුන්ගෙන් කොටසක් අපිට බෝම්බ දික් කරයි කියලා හීනෙන්වත් හිතුවෙ නෑ. ත්‍රස්තවාදය, අන්තවාදය, ආගමට මුවා වෙලා කරන විනාශය බරපතලයි. මේ අන්තවාදය නිසා සමහර රටවල් අන්ත අසරණ වෙලා. මිනිස්සු මරලා මිනිස්සු අසරණ කරලා ලබාගන්න තියන විමුක්තිය මොකක්ද කියලා මටනම් තේරෙන්නෙ නෑ.
මනුෂ්‍ය ආත්මයක් ලබපු අපි මේ ලෝකෙට දෙන්න ඕන හොඳ විතරයි. මිනිස්සුන්ට, පරිසරයට, සොබාදහමට යහපත කරලා හොඳ මනුස්සයෙක් විදිහට ජීවත් වෙලා මැරිලා යන එක තමයි අපේ යුතුකම වියයුත්තේ කියලා මිනිස්සු කවදා තේරුම් ගනීද?
ආගමක් නිසා මිනිස්සු හික්මීම ලබනවා. කිසිම ආගමක සඳහන් වෙලා නෑ ඔවුන්ගේ ආගම හැර අනිත් ආගම් අදහන්න එපා කියලා. එහෙනම් ඇයි මේ ආගමික අන්තවාදයක්. තමුන්ගේ ජාතිය තමුන්ගේ ආගම විතරක් මෙලොව රැඳෙන්න ඕනා කියන හැඟීමක්. මේවාට ඔවුන් ළඟ පිළිතුරු නෑ. මනුෂ්‍ය ශරීරයක් ලැබුවාට හිතන්න මොළයක් වත් හොඳ හදවතක්වත් දීලා නෑ.
Friday, April 5, 2019
මුදල් පසුම්බිය නැති උනොත්
ඊයේ හවස ගෙදර යන්න මම නැගපු බස් එකේ වැඩි සෙනගක් හිටියේ නැහැ. මටත් බස් එකට නැගලා බස් හෝල්ට් දෙකක් විතර පහු වෙනකොට වාඩි වෙන්න ලැබුනා. මේ දවස් වල තියන අධික උණුසුමයි, විදුලි කප්පාදුවයි, සිංහල අවුරුද්ද කිට්ටුවෙනකොට ඇතිවෙන කලබලයයි එක්ක බස් එකේ මිනිස්සු උන්නෙත් හේබාල ගිහින්. බස් එක රද්දොළුගම ස්කීම් එකේ බස්ටෑන්ඩ් එකේ නතර කර්ලා ටික වෙලාවක් තිබුනා. එතකොට තමයි පිරිමි ළමයෙක් බස් එකේ ඉස්සරහා දොරෙන් නැගලා කඩාගෙන බිඳගෙන පිටිපස්සට දිව්වේ. ඒ වෙද්දී සීට් ගණනටවත් සෙනග උන්නෙ නැහැ. කොන්දොස්තරත් ඒත් එක්කම පිටිපස්සට දිව්වා. ඒ ළමයගේ පර්ස් එක නැතිවෙලා. ඉතින් ඔක්කොම එකතුවෙලා පර්ස් එක හෙව්වට තිබුනෙ නෑ.
දුකම හිතෙන වැඩේ ඒ ළමයට කතාකරන්න බැහැ. ඉතින් එයා අංග චලනයෙන් තමයි එයාගේ දුක කිව්වේ. කොහොමහරි පර්ස් එක තිබුනෙ නැහැ. කොන්දොස්තර නම් කිව්වා පර්ස් එක ඇදලා එයාට සල්ලි දුන්න වග මතක බව. එතනින් එහාට ඉතින් එයා මගීන් ගැන හොයලා බලන්නෙ නැති බව. ඒ ළමයා බැස්සට පස්සේ කීප දෙනෙක් නැග්ගා බැස්සනෙ.
පව්. සාමාන්‍ය මනුස්සයෙකුට වගේත් නෙමේ ඒ වගේ කෙනෙකුගේ පර්ස් එකක් නැති උනාම කරදරයි. ඒක ඇතුලේ එයාගේ මොන මොනවා තිබුනද දන්නෙ නෑනෙ. හැඳුනුම් පත් , බැංකු කාඩ් ආයෙ හදන්න ගිහාම සෑහෙන කට්ටක් කන්න වෙනවා.
උත්සව සමය නිසා පික් පොකට් කාරයෝ වැඩියි. කාරයෝ විතරක් නෙමේ කාරියොත් ඉන්නවනේ. මේ දවස් වල බෝනස් දෙනවා, අවුරුද්දට බඩු ගන්න හෙම ඕන නිසා පසුම්බි වල වැඩිපුර මුදල් තිබෙන බවත් ඔවුන් දන්නවා. ඒක නිසා මේ ලියන මමත් කියවන ඔබත් මෙ දවස් වල මුදල් පසුම්බි පරිස්සම් කරගන්න වගබලා ගන්න මතක තියාගන්න ඕන. අතේ තියන සතේම පසුම්බියේ දාගෙන යන්න එපා. බෑග් එකක් පාවිච්චි කරනවා නම් ආරක්ෂිතව දෙතුන් තැනක තියාගන්න.
මෑතකදී මගේ මිතුරියකගේ මුදල් පසුම්බිය නැති උනා. ඒත් බස් එකේදි. ඇයගේ වටිනා කියන සබ්බ සකලමනාවම තිබිලා තියෙන්නේ ඒ පසුම්බියේ. හැඳුනුම් පත්, බැංකු කාඩ්, පාස් පොත් ඔය වගේ ගොඩක් දේවල් එක්ක මුදලින් වටිනාකම මනින්න බැරි අම්මා අරන් දීපු කොන්තෙකුත් තිබිලා. එයාට ඒවා ආයේ අලුතෙන් හදාගන්න ගොඩක් මහන්සි වෙන්න උනා. පසුම්බියක් ඇහුලුවත් අදාල පුද්ගලයා හොයලා බාර දෙන්නේ එහෙමත් කෙනෙක්. අඩුම තරමේ ඒකේ තිබුන දේවල් ටික කවරෙකට දාලා (මුදල් ඕන නෑ කියමුකො ) තැපැල් පෙට්ටියකට වත් දාන්නෙ එහෙමත් කෙනෙක් විතරයි. ඒ නිසා නැති උනොත් ඒවා අපට ලැබෙන්න තිබෙන ප්‍රතිශතය 0.1% වඩා අඩුයි. ඔන්න ඒ වෙලාවේ තමයි මමත් වටිනා කියන දේවල් සේරම පහසුවට පසුම්බීයේ දාගත්තට ඒවා නැති උනොත් වෙන පාඩුව හා අලුතෙන් ගන්න ගතවෙන කාලය ගැන හිතුවේ..ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න.
Wednesday, April 3, 2019
ජීවිතය සහ රැකියාව
බස් එකේ යද්දී දුරකථන සංවාදයක් (අනිත් අයටත් ඇහෙන්න කතා කරපු නිසා) ඇසුනු නිසා ඒ ඔස්සේ ගෙතුන කතාවක්...හිතන්නට යමක් , යමක් නෙමේ බොහෝ දේවල් ඒ සංවාදය ඇතුලේ තිබුනා.
ඔහු යම්කිසි ආයතනයක අළෙවි කලමණාකරුවෙක්. සේවා කාලය වසර අටක්. ඔහුට අනුව එම සේවා කාලය තුල ඔහු යටතේ සේවය කල අනෙකුත් සේවකයින් සමග උපරිමයටම කැප වෙලා ආයතනයට වඩාත් හොඳ ආදායමක් ලබාදුන් අයෙක්. ඒත් පහුගිය වසර අගභාගය වෙනකොට රටේ පවතින ආර්ථික මට්ටමත් එක්ක බොහෝ ව්‍යාපාර වල අළෙවිය අඩුවෙනවා. මේ ආයතනයටත් එම කලදසාවම ලබලා. හොඳටම ලාබ ලබපු ආයතනයක ආදායම අඩු වෙනකොට ඒ ගැන හොයා බලපු ආයතනයේ කළමනාකාරීත්වය දෝෂාරෝපණය කරන්නේ අළෙවි අංශයට. රටේ ආර්ථික උද්දමනයත් එක්ක මිනිස්සු ඔවුන්ගේ අවශ්‍යතා සඳහා භාණ්ඩ මිලදී ගැනීම් සීමා කර ඇතිබව ආයතන ප්‍රධානීන් වටහා ගන්නේ නෑ වගේම මෙතෙක් කලක් ඔහුගෙන් ආයතනය ඉටුකල සේවාව ඔවුන්ට වැදගත් වෙන්නෙත් නෑ..ඔය හේතූන් නිසා ඇතිවූ කලකිරීමෙන් ඔහු සේවයෙන් ඉවත් වෙනවා.
මෙතනින්න් එහාට ඒ දුරකථන සංවාදය ඒ විදිහටම දාන්නම්
මෙතනින්න් එහාට ඒ දුරකථන සංවාදය ඒ විදිහටම දාන්නම්
""මට දුක රස්සාව නැති උන එකට නෙමේ මචං..රස්සාව නිසා නැතිවෙලා තියන දේවල් වලට.."
"උදේට පුතාව නර්සරි යවන්න ලෑස්ති කරන්න හදනකොට තාත්තිට බෑ කියලා දුවන්නේ වයිෆ් ළඟට"
"දුවට හෝම් වර්ක් කියලා දෙන්න හදනකොට අම්මී වැඩ ඉවර කරලා ඇවිත් කියලා දෙයි කියනවා.. කොටින්ම කිව්වොත් අම්මා ට බෙහෙත් ගේන්න යන්නත් මට එන්න එපා වයිෆ් ව එක්කන් යන්නම් කිව්වනෙ"
"අපේ ගෙදර කිසිම කෙනෙක් කිසිම උදව්වක් මගෙන් ඉල්ලන්නෙ නෑ..අඩුම තරමේ ගෙදර ඉන්න බල්ලා පූසාවත් මගෙත් එක්ක එකතු නෑ..රස්සාව හින්දා මම මේ මිනිස්ස්න්ගෙන් කොච්චර නම් දුරස් වෙලාද?"
"උඹට කියන්න මචං..අපේ නංගිලගේ ගෙදර දානයක් තිබිලා එහේ ගියා. අපේ අක්කගේ මහත්තයා අනිත් නෑදෑයො බැහැලා වැඩ. අරක ගේන්න යමු ,මේක මෙහෙම කරමු..කියලා වැඩ. ඒ එක්කෙනෙක්ටවත් මම උන්නද කියලවත් ගානක් නෑ. ඒ මිනිස්සුන්ට මම අමුත්තෙක්. "
අපි අපේ සේවා ස්ථානයට අවංක වෙන්න ඕන. අපේ රාජකාරිය නිවැරදිව කැපවීමෙන් කරන්නත් ඕන. ඒත් රාජකාරිය ජීවිතේම කරගත්තම කවදාහරි අපෙන් ගිලිහෙන බැඳීම් දිහා බලාගෙන සුසුම් හෙලන්න වෙන බවත් මතක තියාගන්න ඕන.
මටත් මේ ටිකම වගේ සිද්දවේගෙන එනවා නේද කියලා හිතුනා.
ගොඩක් වෙලාවට ආයතනයකට අපේ වටිනාකම තියෙන්නේ ඔවුන්ට අපෙන් ලාභයක් තියනකන් විතරයි. ඒ කියන්නේ ඔවුන් බලාපොරොත්තු වෙනවටත් වඩා අපෙන් ඔවුන්ට සේවයක් වෙනවානම් පමනයි. අපෙන් ඔවුන් ලද සේවාවේ ගුණාත්මක බව යම් හේතුවකින් අඩු උනොත් (අපේ වරදක් නොවී අපට පාලනය කරන්නට නොහැකි යම් කාරණාවකදී උනත්) අපි අපේ සේවා කාලය තුල පෙර කල දේවල් ඔවුන්ට ඒතනින් එහාට වැදගත් වෙන්නේ නෑ. අපි මෙහෙමයි කලේ' අපි කොච්චර මහන්සි වෙලා වැඩ කලාද, අපි අපි ගැනවත් නොහිතා මේකට නැහුනා, මහන්සියේ තරමට වැටුපක් වත් ගත්තේ නෑ, ඔය වගේ දේවල් ඔවුන්ට නිකම්නම් වචන පමනයි..
ඒ නිසා අපේ පෞද්ගලික ජීවිතයයි, අපිට සමීප අපේ කියන අයයි අමතක කරලා රැකියාව ජීවිතේ කරගත්තොත් අවසානයට ඉතුරු වෙන්නේ කලකිරීම් සහ සිත් රිදීම් පමනයි. ඒ නිසා රාජකාරී ජීවිතයි පෞද්ගලික ජීවිතයයි සමබර කරගෙන නොගියොත් මම කලින් කිව්ව පුද්ගලයට වගේ ගිලිහී ගිය බැඳීම් දිහා බලාගෙන දුක් වෙන්න පසුතැවෙන්න සිද්ද වෙයි.
Subscribe to:
Posts (Atom)




