Tuesday, June 11, 2019

The girl in room 105

                     
           
           චේතන්ගේ පොත් සියල්ලම මම කියවලා තිබෙනවා. ඔහුගේ පොත් හරහා නිර්මාණය වූ චිත්‍රපටත් නරඹලා තිබෙනවා. චේතන්ගේ ගිය වසරේ පළවූ නව කතාව The girl in room 105  කියවලා ඉවරකලේ අද. ඔව් ටිකක් විතර පරක්කුවෙලා කියෙව්වේ. පොත නිකුත් කරන්න කලින් චේතන් අපූරු Book Trailer එකකුත් කරලා තිබුනා. පොත ගැන සඳහන් කරන්න කලින් චේතන්ගේ පොත් ගැන කිව්වොත් ඒවා සරලයි තමයි. ඒ වගේම ඔහු ලියන්නේ සරල ඉංග්‍රීසියෙන් නිසා ඉන්දියාවේ වගේම ලංකාවේත් ඉංග්‍රීසි සාමාන්‍ය දැනුමක් තියන අයට උනත් කියවලා රස විඳින්න පුලුවන්. චේතන්ගේ පොත් වලට මාතෘකා වෙන්නේ ඉන්දියාවේ මධ්‍යම පාන්තික තරුණ ජීවිත. සංස්කෘතික වෙනස්කම් හැරුනම ඔවුන්ගේ සහ අපේ ගැටළුවල වෙනසක් නැහැ. ඒ නිසාද කොහෙද චේතන් අපටත් සමීපයි.
     මේ පොත පැය හතරකින් පහකින් කියවලා නිම කරගන්න පුලුවන් මට්ටමේ පොතක්. රහස් පරීක්ෂක පොත් කාණ්ඩයට වැටෙන කතාවක්.  චිත්‍රපටයකට නම් වඩා හොඳ කතාවක් වෙයි. ඔව් ඉදිරියේදී චිත්‍රපටයක් නිර්මාණය වෙන්නත් ඉඩ තිබේවි. 
                 පොතේ මුල් පරිච්ඡේද කීපයේ නම් පෙම්වතිය අහිමිවීම නිසා ශෝකයට පත් තරුණයෙක් ඒ මතකය ඔස්සේ විඳවන ආකාරය ගැන තමයි ලියවිලා තියෙන්නේ. පොතේ මැද හරියට යනකොට කතාව වෙනස් වෙනවා ඔහුගේ පරණ පෙම්වතියගේ මරණයත් සමග එය මිනීමැරුමක් වීමත් එය කල කෙනා හොයාගන්ට ඔහුට උවමනාවීමත් සමග. අවසානයේ වසර තුනක ට පෙර අවසන්වූ ආදර කතාවේ පෙම්වතියගේ මිනීමරුවා සොයාගන්න කතාවේ වීරයා සමත් වෙනවා වගේම ඔහුත් මිතුරාත් එකතුවී රහස් පරීක්ෂක කාර්යාලයක් ආරම්භ කරමින් අරමුණක් නොතිබූ ඔවුන්ගේ ජීවිතයට අලුත් අරමුණක් අරන් එනවා.
             ඒ සමගම පොත හරහා ඉන්දු කාෂ්මීර අර්බුදය ගැන, සුන්දර කාෂ්මීරය ගැන, මුස්ලිමි මූලධර්මවාදීන් සහ හින්දු මූලධර්මවාදීන් ගැන රූපවාහිනිය මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට අත පොවන ආකාරය, තමන්ගේ ගැලවිල්ල සඳහා පොලීසිය කවුරුන්හෝ වරදට පටලවා නිදහස් වීම මෙන්ම ඒ හරහා උසස්වීම් ලබාගැනීමට සිතීම වැනි කාරණාත් කතාවෙනවා. 
          උසස් අධ්‍යාපනයක් ලද මුත් නිසි රැකියාවක් නොලැබීම පෙම්වතුන් වීමට කිසිම සුදුසුකමක් අවශ්‍ය නොවන මුත් විවාහටය ජාතිය ආගම බලපාන බව සහ දෙමාපියන්ට විරුද්ධව විවාහවීමට නොහැකි බව සහ දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අතහැරීමට සිදුවෙන බවත් මේ හරහා කතාවෙනවා.
          අවසානයේදී මෙහි කථානායකයා තමන්ට ගැහැණුන්  පිළිබඳ අවබෝධයක් නොතිබූ බව වැටහෙනවා. අවසානයට ඔහු ඇගේ සොහොන ළඟට ගිහින් Good bye Zara. I Unlove you කියන්නේ එනිසායි.
     මේ පොත චේතන්ගේ අනිත් පොත්වලින් වෙනස් නිසා ගොඩක් අය ඒතරම් කැමැත්තක් දක්වලා තිබුනේ නැහැ. ඒත් මම නම් මේ පොතට කැමතියි. 

3 comments: