පෙරදිනක පෑනෙන් පොතක ලියවුන වර්තමානයේ යතුරු පුවරුවෙන් පරිගනක තිරයේ ලියවෙන මගේ සිතුවිලි ආකරය "සෙව්වන්දිය"
Friday, June 1, 2018
අනාත කඳවුරකින් මෝස්තර නිරූපන ලෝකයට
ඇය නාකීම් ගැට්වේ. අන්තර් ජාලයෙන් මෙන්ම මුහුණු පොතෙන්ද ගොඩක් අය ඇයව නිතර දකින්නට ලැබෙනවා.ඇය කාගේත් කතා බහට ලක්වෙන්නේ ඇගේ කලු වර්ණ සම හේතුවෙන්. ඔව් ඇය කලුම කලු තරුණියක්. ඇයට වයස අවුරුදු 14 වෙද්දී ඇය සිටියේ අනාත කඳවුරක. ඊට වසර දහයකට පසු ඇය අති සාර්ථක නිරූපිකාවක් ලෙස ලෝක ප්‍රසිද්ධ Calvin Klein, Fashion Nova, Aldo, සහ Cosmopolitan, වැනි ලෝක ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයන් සඳහා මෝස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කරන්නට තරම් වාසනාවන්ත වෙනවා. මෝස්තර නිරූපන ලෝකයේ "Queen of the dark"ලෙස හඳුන්වන ඇගේ ළමා කාලයනම් බොහොම කටුක එකක්.
"මාව ඉපදෙන්න ඉන්නකොට අම්මට සුඩානයේ සිට ඉතියෝපියාවට යන්න සිද්දවෙනවා ඇය වගේම සරණාගතයින් රැසක් සමග. ඇය ඒ ගමන යන්නේ සැමියෙකුගේ, පවුලේ පිරිමියෙකුගේ ආරක්ෂාව රැකවරණය නොමැතිව තනිවයි. ඉතියෝපියානු සරණාගත කඳවුරකදී මම ඉපදෙනවා. එහිදී මගේ සොහොයුරා රෝගී වීම හේතුවෙන් වකුගඩු අක්‍රීයවී මිය යනවා. මගේ අම්මාට අපිව සරණාගතයින් ලෙස ඇමරිකාවට අරන් යන්න උවමනා උනත් එයට ඉතියොපියාවේ සිට අවස්ථාවක් නොලැබෙන නිසා අපි කෙන්යාවට යනවා. එහේ ඉන්නකොට තමයි 2007 දී අපට ඇමරිකාවට යන්න ලැබෙන්නේ.
"ඇමරිකාවට ගිහාම මගේ ඥාති සොයුරු සොයුරියන් සමග යළි එක්වන්නට ලැබීම ගැන ගොඩක් සතුටු උනා. මට පාසැල් යන්න ලැබුන එක ඊටත් වඩා සතුටට කාරණාවක් උනා. ඒත් මගේ කලු වර්ණ සම නිසා මම ගොඩක් ප්‍රතික්ෂෙප කිරීම් වලට මුහුණ දුන්න. ගොඩක් අයට මගේ සමේ පැහැය ගැටළුවක් උනා. එයාලා පුදුම උනා මගේ පැහැය ගැන.එක අවස්ථාවක මම පාසැලේ කෑම ශාලාවට යද්දී කෑම මේසේ හිටපු ළමයි සේරම නැගිටලා යන්න ගියා. මම මගේ සොයුරියගෙන් ඇහුවා බීලීචින් ක්‍රීම් පාවිච්චි කරන්නද කියලා. ඇය කිව්වා කාලයක් යද්දී එය මට කරදරයක් වෙයි කියලා. ඊට පස්සේ මම මගේ සමට ආදරේ කරන්න පටන් ගත්තා.
"මගේ සම ලස්සනයි..එය දීප්තිමත්. සුමුදුයි...මම මගේ සම ආයුධයක් කරගන්නවා ලොවට පණිවිඩයක් දෙන්න, කෙනෙකුගේ පෙනුම අන් අයගෙන් වෙනස් වෙනවා කියන්නේ ඔහු හෝ ඇය ලස්සනයි කියන එක. මම අනිත් අයට කියන්න කැමතියි ඔබ ඔබම වෙන්න ඔබගේ පෙනුමට ඔබට ආදරේ කරන්න. අනිත් අයට වඩා ඔබ වෙනස් උනාට එය වරදක් නෙමේ..
යැයි නාකිම් පවසනවා.
ලංකාවේ අපිත් අපේ සමේ පැහැය ගැන ගොඩක් හිතනවා. පැහැපත් සමක් වෙනුවෙන් නොකරන දෙයක් නෑනෙ. ඒත් නාකීම් ඇගේ නිරූපණ ශිල්පිනියක් වීමේ සිහිනය සැබෑ කරගන්න ඇගේ කලු සම ආශිර්වාදයක් කරගන්න ගමන් ලොවට පණිවිඩයක් දෙනවා අපි හැමෝම ලස්සනයි අපි හැමෝම සුවිශේෂයි කියලා..
Monday, May 7, 2018
පෝළිම
අද උදේ මම බැංකුවට ගියා මුදල් තැන්පත් කරන්න. දවස් තුනක නිවාඩුවකින් පස්සේ නිසාද කොහෙද බැංකුවේ ගණු දෙණු කරන්න ගොඩක් දෙනෙක් ඇවිත් හිටියා. මම පෝළිමට එකතු වෙනකොටත් කවුන්ටර් පෝළිමේ දහදෙනෙක් විතර හිටියා. ටිකෙන් ටික මගේ වාරය ළංවෙද්දී එක පාරටම කඩාගෙන බිඳගෙන ආපු ගෑණු කෙනෙක් පෝළිමේ ඉස්සරහම උන්න කෙනාගෙ ළඟින් හිට ගත්තා. එක කවුන්ටර් එකක් හිස් උනාම ඒ කවුන්ටර් එකේ උන්න ගැහැණු ළමයා පෑනෙන් තට්ටුවක් දාලා ඊළඟ ගණු දෙණු කරුට එන්න සංඥා කලා. පෝළීමෙන් පිටත් හිටපු ගැහැණු කෙනා කවුන්ටරේට යන්න සූදානම් වෙද්දීම කවුන්ටර් එකේ ඉන්න ගැහැණු ළමයා පෝළිමට යන්න කියලා අර ගැහැණු කෙනාට කිව්වා. පෝළිමේ උන්න හැමෝටම හිනා ගියා. පෝළිමේ ඉන්නත් ඕනද කියලා එයාටම කියාගන්න ගමන් ඒ ගැහැණු කෙනා පෝළිමේ අගට එකතු උනා.
අපේ රටේ මිනිස්සු මොන තරම් ආත්මාර්ථකාමී වෙලාද කියලා මට හිතුනා. දහ පහලොස් දෙනෙක් පෝළිමේ ඉන්දි එයාට විතරක් විශේෂයක් වෙන්නෙ නෑ කියලා හිතන්න තරම් මොළයක් තිබුනෙ නැතිද මන්දා. නිකන් ලැජ්ජා උන එක විතරයි උනේ.
Monday, April 2, 2018
සුබ ගමන් සුඩාන්
කාලෙන් කාලෙට ප්‍රථිවියේ වෙසෙන සතුන් වඳවෙලා යනවා. වඳවෙලා යනවා කියන්නේ ඔවුන් මේ ලෝකෙන් තුරන් වෙලා යනවා. සුදු රයිනෝසිරස් වර්ගයටත් ඒ ඉරණම ම අත් උනා. අඟවල් ලබා ගැනීමේ අරමුණෙන් දිගින් දිගටම රයිනෝසිරස් සත්ත්වයන් දඩයම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සුදු රයිනෝසිරස් පිරිමි සතුන්ගෙන් මෙලොව ජීවත් වෙන්න වාසනාව තිබුනේ එකම එක සුදු රයිනෝ කෙනෙකුට විතරයි. එයාගේ නම "සුඩාන්" . අවි අමෝරාගත් ආරක්ෂකයින් පැය විසිහතරෙම "සුඩාන්ව" මුර කලා. එහෙත් පසුගිය සතියේ පාද වල ඇතිවූ ආසාදනයක් හේතුවෙන් ඇව්දීමට නොහැකිවූ "සුඩාන්" මිය ගියා. "සුඩාන්" ගේ මරණයත් සමග සුදු රයිනෝවන් පෘථිවියේන් වඳ වී ගිය විශේෂයක් ලෙස නම් වෙනවා.
1975 වර්ෂයේ දී තමයි "සුඩාන්" ව සුඩානයේ වනාන්තරයක දී දක්නට ලැබෙන්නෙ. එතකොට ඔහුට වයස අවුරුදු දෙකක්. ඔහුව චෙක් රාජ්‍යයේ Dvůr Králové සත්ත්ව උද්‍යානයට රැගෙන යනවා. එහෙත් එම සත්ත්ව උද්‍යානය මූල්‍ය අර්බුදයකට ලක්වීම නිසා "සුඩාන්ව" 2009 දී කෙන්යාවේ උද්‍යානයකට රැගෙන යන්නේ "නජින්" සහ "ෆාටු" කියන සුදු රයිනෝ ගැහැණු සතුන් සමගයි.
සුඩාන්ගේ භාරකරු පවසන විදිහට, ඔහුව නරඹන්නට එන සංචාරකයින් සමග සුඩාන් ගොඩක් සුහද වෙනවලු. ඔවුන් සමග ඡායාරූප වලට පෙනී සිටින්න කැමැත්තක් දක්වනවලු. මිනිස්සු කතා කරනකොට සුඩාන් ඉතා කැමැත්තෙන් ඔවුන් කිට්ටුවට එනවලු. ඒ ඔවුන් ලවා ඇඟ කසා ගැනීමේ අරමුණෙන්.
ගැහැණු සතුන් දෙදෙනෙක් සමග ජීවත් උනත් සුඩාන්ට දාව පැටවුන් බිහි කරන්නට ගැහැණු සතුන් සමත්වෙන්නෙ නෑ. එහෙත් නිලධාරීන් සුඩාන්ගේ ශුක්‍රානු සංරක්ෂ්ණය කරන්නේ මතු දිනක පැටවුන් බිහිකර ගැනීමේ අරමුණෙන්. කවුරුන් හෝ මැදිහත් වුනොත් සුඩාන්ගේ පැටව් බිහිකරගන්නට හැකි වේවි. එසේ වුවහොත් සුදු රයිනෝසිර්ස් සත්වයන් වඳවී ගිය සත්තුන්ගේ ලේඛනයට එක් නොවේවි.
Thursday, February 22, 2018
මොහොතක් ඉවසුවානම්
ඊයෙ හවස අපි ගෙදර යන්න නැගපු කෝච්චියට දාරළුවත් ගම්පහත් අතරෙදි නතර කලා. කෝච්චියේ උන්න පිරිමි උදවිය කෝච්චියට කවුරු හරි පැන්නා කියලා , කෝච්චියෙන් බැහැලා දිව්වා. අවුරුදු 19-20 පිරිමි ළමයෙක් හෙල්මට් එකකුත් දාගෙන පොතකුත් අතින් අරන් කෝච්චියට බෙල්ල තියලා. ඒ ළමයගේ මිනිය ට්‍රොලියෙ තියාගෙන වේයන්ගොඩ ස්ටේෂන් එකට බාර දෙන්න අරන් යනවා දකිනකොට මට පව් කියලා හිතුනෙ ඒ ළමයා ගැන නෙමේ, ඒ ළමයව ඔය තත්වෙට උස් මහත් කරන්න දුක් විඳපු අම්මා තාත්තා ගැන.
අපි කොච්චර කිව්වත් ජීවත් වෙන එක අමාරුයි මැරෙන එක ලේසියි කියලා මිනිස්සු සිය දිවි හානි කරගන්නේ ජීවිතේ එපා වෙලා නෙමේ ඒ මොහොතේ මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයට මුහුණ දී ගන්න බැරුව ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න. අපේ සමාජයේ, අපේ ගෙවල් වල උදවියගේ පුරුද්දක් නෙ කාටහරි ගැටළුවක් උනාම ඒ මනුස්සයට ඒකෙන් ගැලවෙන්න උදව් නොකර ජීවිතේ එපා වෙනකන්ම දොස් කියන එකයි බනින එකයි. අඩුම ගානේ තමුන්ට දුකක් ආවේගයක් ආවම කාත් එක්ක හරි කියලා හිත හදාගන්නවත් දැන් මිනිස්සුන්ට පුලුවන්කමක් නෑ.
මට හිතෙනවා මේවගේ දේවල් දහය වසරේ විතර ඉඳලා උ.පෙ වෙනකන් පාසැල් විෂයක් විදිහට උගන්නන්න ඕන කියලා. ප්‍රශ්නයක් ගැටළුවක් ඇති උනාම කලබල නොවී නිවි සැනසිල්ලේ ඒකට විසඳුමක් හොයාගන්න විදිහ, දරාගන්න බැරි දුකක් වේදනාවක් ආවම ඒක දරාගන්න ඕන විදිහ ඔය වගේ දේවල් ළමයින්ට කියලා දෙන එක වටිනවා කට පාඩම් අධ්‍යාපනයට වඩා. ගෙවල් වලින් පාසැලෙන් පවා දැන් උගන්නන්නේ පාඩම් කරපන් විභාගෙ ලියපන් ලකුණු ගනින් කියලනෙ.
ළමයින්ට ජීවත් වෙන විදිහ උගන්වන්න උත්සාහ කරන්නෙ නෑ කවුරුත්ම. ඉතින් මේවගේ සියදිවි හානි කරගන්න ඒවා නිතර අහන්න දකින්න ලැබෙනවා.
දැන් ඉතින් අලුතෙන් හැදෙන සිංදුත් ඒවගෙනෙ. මේ ලියන මොහොතෙත් රේඩියෝ එකේ යනවා සිංදුවක්
අපි කොච්චර කිව්වත් ජීවත් වෙන එක අමාරුයි මැරෙන එක ලේසියි කියලා මිනිස්සු සිය දිවි හානි කරගන්නේ ජීවිතේ එපා වෙලා නෙමේ ඒ මොහොතේ මුහුණ දෙන්න වෙන ප්‍රශ්නයට මුහුණ දී ගන්න බැරුව ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න. අපේ සමාජයේ, අපේ ගෙවල් වල උදවියගේ පුරුද්දක් නෙ කාටහරි ගැටළුවක් උනාම ඒ මනුස්සයට ඒකෙන් ගැලවෙන්න උදව් නොකර ජීවිතේ එපා වෙනකන්ම දොස් කියන එකයි බනින එකයි. අඩුම ගානේ තමුන්ට දුකක් ආවේගයක් ආවම කාත් එක්ක හරි කියලා හිත හදාගන්නවත් දැන් මිනිස්සුන්ට පුලුවන්කමක් නෑ.
මට හිතෙනවා මේවගේ දේවල් දහය වසරේ විතර ඉඳලා උ.පෙ වෙනකන් පාසැල් විෂයක් විදිහට උගන්නන්න ඕන කියලා. ප්‍රශ්නයක් ගැටළුවක් ඇති උනාම කලබල නොවී නිවි සැනසිල්ලේ ඒකට විසඳුමක් හොයාගන්න විදිහ, දරාගන්න බැරි දුකක් වේදනාවක් ආවම ඒක දරාගන්න ඕන විදිහ ඔය වගේ දේවල් ළමයින්ට කියලා දෙන එක වටිනවා කට පාඩම් අධ්‍යාපනයට වඩා. ගෙවල් වලින් පාසැලෙන් පවා දැන් උගන්නන්නේ පාඩම් කරපන් විභාගෙ ලියපන් ලකුණු ගනින් කියලනෙ.
ළමයින්ට ජීවත් වෙන විදිහ උගන්වන්න උත්සාහ කරන්නෙ නෑ කවුරුත්ම. ඉතින් මේවගේ සියදිවි හානි කරගන්න ඒවා නිතර අහන්න දකින්න ලැබෙනවා.
දැන් ඉතින් අලුතෙන් හැදෙන සිංදුත් ඒවගෙනෙ. මේ ලියන මොහොතෙත් රේඩියෝ එකේ යනවා සිංදුවක්
" මිය යන්න සූදානම් පැරදුම දරන්
දැක ගන්න එනවාද සුදු මල් අරන් "
දැක ගන්න එනවාද සුදු මල් අරන් "
පැරදුනාම මැරෙනවාට වඩා හොඳයි නේද දිනන්න උත්සාහ කලානම්. ප්‍රේම සම්භන්දයක් වේවා විවාහයකින් වෙන් උනා හෝ වේවා එතනින් ජීවිතය නතර වෙන්නෙ නෑනෙ. හැම පැරදුමක්ම දිනුමක් කරගන්න මිනිස්සු ඕන තරම් අපි අතර ඉන්නවා.
හැම පාසැල් දරුවෙක්ම එක පාරක් ක්ෂේත්‍ර චාරිකාවක් විදිහට එක්කගෙන යන්න ඕනා පිළිකා රෝහලට. එක තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙන්න හිතාගෙන පිළිකා රෝගින් විඳින දුක දකින කිසි කෙනෙක් අකාලේ මැරෙන්න නම් උත්සාහ කරන්නෙ නෑ.
හැම පාසැල් දරුවෙක්ම එක පාරක් ක්ෂේත්‍ර චාරිකාවක් විදිහට එක්කගෙන යන්න ඕනා පිළිකා රෝහලට. එක තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙන්න හිතාගෙන පිළිකා රෝගින් විඳින දුක දකින කිසි කෙනෙක් අකාලේ මැරෙන්න නම් උත්සාහ කරන්නෙ නෑ.
"ඒ දරුවා තව මොහොතක් ඉවසුවානම් තාමත් ජීවතුන් අතර"
Monday, February 19, 2018
ඩෙනිමේ ඉතිහාසය
ඩෙනිම් ජීන්ස් සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඇඟලුම් පැළඳීමට අපේ රටේ බාල,තරුණ, වැඩිහිටි කවුරුත් කැමතියි. සෝදා හෝ නොසෝදා පට්ට ගහන්න පුලුවන් කියලනෙ කතාවටත් කියන්නෙ. කාලාන්තරයක් තිස්සේ ඩෙනිම් ඇන්දට ඩෙනිමේ ඉතිහාසය ගැන ගැන අපි දැනගෙන උන්නෙ නෑනේ. ඩෙනිමටත් අවුරුදු එකසිය පනහක පමන ඉතිහාසයක් තියනවා.
ඩෙනිම් ජින්ස් වර්තමානයේ දී විලාසිතා ලෝකයේ පෙරළි කරන ඇඳුමක් උනාට ඩෙනිම් මුලින්ම ඇඳලා තියෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල තිබුන රන් පතල් වල සේවය කරපු පතල් කම්කරුවන්. ඔවුන්ගේ වැඩ බිම් වල වැඩට අඳින ඇඳුමක් විදිහට තමයි ඩෙනිම් භාවිතා කරලා තියෙන්නේ.
ලෙවි ස්ට්‍රවුස් නම් තරුණයා සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත එන්නේ රන් ඉල්ලම් මතුකරගැනීමේ පරමාර්ථයෙන් උනත් ඔහුට පතල් කර්මාන්තය ගැලපෙන්නෙ නෑ. ඒ නිසා ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ තොග හා සිල්ලර වෙළඳ සැලක් පටන් ගන්නවා. එවකට 24 වෙනි වියේ සිටි ලෙවිගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස වසර 20 තුල ඔහුගේ ව්‍යාපාරය දියුණු වෙනවා. ලෙවී ධනවත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බවට පත්වෙනවා.
ජේකොබ් ඩේව්ස් කියන්නේ වෘත්තියෙන් ඇඳුම් මසන්නෙක්. ඔහු ලෙවි ගේ පාරිභෝගිකයෙක්. ජේකොබ් ඇඳුම් මසන්න අවශ්‍ය රෙදි මිලට ගන්නේ ලෙවී ගේ වෙළඳ සැලෙන්. දිනක් ජේකොබ් වෙත පැමිනෙන පතල් කම්කරුවෙකුගේ බිරිඳක්, සිය සැමියාට වැඩට අඳින්නට කලිසමක් මසා දෙන ලෙස දැනුම් දෙන්නේ කලිසම ඇඟලූ පසු එල්ලා නොවැටෙන ලෙස මසා දෙන මෙන් ඉල්ලීමක්ද කරමින්. කලිසම ශක්තිමත්ව මසන්නේ කොහොමද කියලා කල්පනා කරන ජේකොබ් කලිසමේ පහසුවෙන් ඉරෙන සාක්කු කෙලවරවල් වැනි තැන්වල ලෝහ රිවට් සවි කරනවා.
මෙම රිවට් ඇල්ලූ කලිසම පතලේ සෙසු කම්කරුවන් අතරද සීග්‍ර ලෙස ප්‍රසිද්ධ වන්නට පටන් ගන්නවා. මෙම කලිසමට දිනෙන් දින ඉල්ලුම වැඩිවෙනකොට ජේකොබ්ට කලිසමෙහි පේටන්ට් බල පත්‍රය ලබා ගන්නට උවමනා වෙනවා. එහෙත් ඒ සඳහා ව්‍යාපාරය දියුණු කර ගැනීමට ඔහුට ව්‍යාපාරිකයෙකුගේ උදව්ව අවශ්‍ය වෙනවා. සුදුසු හවුල්කරුවෙකු ගැන සිතද්දී ඔහුට රෙදි මිලට ගන්නා වෙළඳ සැලෙහි හිමිකරුව සිහියට එනවා. ජේකොබ් ලිපියක් මගින් ඔහුගේ අවශ්‍යතාවය ලෙවීට දැනුම් දෙනවා. දක්ෂ ව්‍යාපාරිකයෙක් වන ලෙවී කලිසමට ඇති ඉල්ලුම පිළිබඳ සොයා බලා ජේකොබ් සමග හවුල් වෙන්නට කැමැත්ත ප්‍රකාශ කරනවා. ඒ අනුව ඔවුන් 1873 මැයි 20 වෙනිදා පේටන්ට් අංක 139,121 යටතේ ඇමරිකා එක්සත් ජනපදයේ පේටන්ට් කාර්යාලයෙන් බලපත්‍රය ලබා ගන්නවා.
මුල් කාලයේදී මෙය හඳුන්වලා තියෙන්නේ "වේස්ට් ඕවරෝල්" යන නමින්. බොහොම ඉක්මනට මෙම ඇඟලුම පතල් කම්කරුවන්, ගොපල්ලන් හා අනෙකුත් වැඩ බිම් වල කම්කරුවන් අතර ප්‍රසිද්ධ වෙනවා. ඉන්පසු ඩෙනිම් වල කුණු තැවරුණු විට පෙනෙන නිසා එය නොපෙනෙන්නට නිල් පැහැයෙන් වර්ණ ගන්වන්නට පටන් ගන්නවා.
ඩෙනිම් ජින්ස් ලොව පුරා ප්‍රචලිත වෙන්න පටන් ගන්නේ 1930 න් පසුව ඇමරිකාවේ නිෂ්පාදනය වෙන කව් බෝයි චිත්‍රපට වල ගොපල්ලන් ඩෙනිම් ජීන්ස් ඇඳ රඟපාන්නට පටන් ගැනීමත් සමගයි.
1970 පමන වනතුරු ඩෙනිම් ජින්ස් වලට සමාජ පිළි ගැනීමක් ලැබෙන්නෙ නෑ. ඩෙනිම සලකන්නේ කම්කරුවන්ගේ , ගොපල්ලන්ගේ වැඩට අඳින ඇඳුමක් විදිහට පමනයි. ඩෙනිම් ජින්ස් ඇඳගෙන පැමිනෙන අයට වැදගත් මහත්වරුන්ගේ උත්සව වලට හෝටල් වලට ඇතුල් වෙන්න වත් අවසර ලැබෙනෙ නෑ.
වර්තමානයේ ඩෙනිම් ජීන්ස් සහ ඩෙනිම් රෙදි ආශ්‍රිතව නිෂ්පාදනය වෙන ඇඟලුම් විලාසිතා ලෝකයට නැතුවම බැරි අංගයක් වෙලා. විවිධ වර්ණයෙන් විවිධ මෝස්තරයෙන් ඝනකම්, තුනී මෙන්ම ඇදෙන සුළු රෙදි වලින්ද වර්තමානයේ ඩෙනිම් නිර්මාණය වෙනවා. 1873 සිටම කාලයේ තාලයට අලුත් වෙමිනි වෙමින් පැමිනි ඩෙනිම් ජින්ස් වලට ඇති ඉල්ලුම හා කැමැත්ත තව බොහෝ කාලයක් තිබේවි
Subscribe to:
Posts (Atom)












