පෙරදිනක පෑනෙන් පොතක ලියවුන වර්තමානයේ යතුරු පුවරුවෙන් පරිගනක තිරයේ ලියවෙන මගේ සිතුවිලි ආකරය "සෙව්වන්දිය"
Thursday, October 26, 2017
පරිත්‍යාගයත් සමග ලැබෙන සතුට
උදෑසන කාර්යාලයට යන්න සූදානම් වෙමින් උන්න කන්නා මහතා අමතන බිරිඳ, කාර්යාලයට යන ගමන් ඇඳුම් කීපයක් ලොන්ඩ්‍රියට දෙන ලෙස ඉල්ලීමක් කරනවා.
ඇයි මේවා ලොන්ඩ්‍රි දාන්නේ?
අපේ සේවිකාව අද එයාගේ මිනිබිරියගේ ගෙදර යනවා. උදෙන්ම බස් එක ගන්න ඕන නිසා එයාට අද රෙදි හෝදන්න කාලයක් නෑ. එයා ආපහු එන්නේ තව දවස් දෙකකින්.එයාගේ මිනිබිරීගේ උපන්දිනේ හෙටලු. ඉතින් එයා උපන්දිනය සමරන්නත් එක්ක තමා එහෙ යන්නේ.
"කමක් නෑ මම මේක ලොන්ඩ්‍රියට දීගෙන යන්නම්"
"ආ..මම ඔයාගෙන් අහන්න ආවේ, මම අපේ සේවිකාවට රු 500 ක බෝනස් එකක් දුන්නට කමක් නෑ නේද?
"ඇයි ඔයා එයාට නත්තලට බෝනස් එකක් දුන්නා නේද?"
"ඔව්, ඒත් එයා ජීවත් වෙන්නේ අමාරුවෙන්, බස් ගාස්තුවත් වැඩිනෙ එහෙට යන්න. එකයි මම එයාට වැටුපට අමතරව රු 500 දෙන්න හිතුවේ."
"ඔයා සංවේදී වැඩියි නෝනා..ඕනවට වඩා හිතනවා"
"නෑ එහෙම නෑ. අපි අද රෑට එළියට ගිහින් පීසා කන්නනෙ උන්නේ. අපි ඒ ගමන නොගිහින් ඒ සල්ලි අපේ සේවිකාවට දෙමු."
"ඔයා හදන්නේ මගේ පීසා කෑල්ලත් උදුර ගන්න. කමක් නෑ අපි ඔය පීසා කෑලි 6 අමතක කරමු. ඔයා හිතපු විදිහට කරන්නකො"
දින කීපයකට පස්සේ කන්නා මහතා සාලයේ පුටුවකට වෙලා පත්තරේ බලනවා. ඒ වෙලාවේ සේවිකාව සාලය මොබ් කරන්න පැමිනෙනවා.
"කොහොමද ගීතා, මිනිබිරීගේ ගෙදර ගිහින් විනෝද උනාද? ඒ ගොල්ලෝ ගොඩක් සතුටු වෙන්න ඇති නේද ඔයාව දැකලා."
ඔව් සර්, මම ගොඩක් විනෝද උනා, නෝනා දුන්න රු 500/- ම වියදම් කලා. රු 150/- දීලා මගෙ මිනිබිරීට ඇඳුමක් ගත්තා, බස් ටිකට් වලට රු 100/- ක් වියදම් උනා, මගේ දුවට රු 50/- කට වළලු ගත්තා. මගේ බෑනට රු 50/- කට බෙල්ට් එකක් ගත්තා. ඉතුරු රු 50/- මිනිබිරීට දුන්නා ඉස්කෝලෙට ඕන කරන පැන්සල් , පොත් ගන්න ."
කන්නා මහතාට පුදුම හිතුනා. පීසා කෑලි 6ක් ගන්න මුදලින් සේවිකාව ඇගේ පවුලේ සියලු දෙනාටම තෑගිත් අරන්, එයාලව බලන්න ගිහින් එයාල එක්ක ගොඩක් සතුටෙන් කාලය ගත කරලා, මිනිබිරීගේ උපන්දිනෙත් සතුටින් සමරලා. ඒ ඔක්කොටම වැය උනේ අපි පීසා එකක් කන්න යන මුදල.
අපට අපි අමාරුවෙන් උපයාගන්නා මුදල අපට උවමනා විදිහට වියදම් කරන්න පුලුවන්. ප්‍රයෝජනවත් දේකට වගේම තාවකාලික සතුටක් වෙනුවෙන්.පීසා වැනි මිල වැඩි කෑමකට උනත්. ඒ වගේම අපට පුලුවන් ඒ වගේ අනවශ්‍ය වියදමක් නතර කරලා ඒ මුදලින් කාට හරි උපකාරයක් කරන්න. අපි මොහොතක සතුටට නාස්ති කරන ඒ මුදල, තවත් කෙනෙක් අත්‍යවශ්‍ය දේකට යොදවලා සතුටුවෙනවා බලන්න.
You may not be obligated to do so, but your little goodwill can light up someone’s life in many ways.
(අන්තර්ජාලයෙන් උපුටාගෙන පරිවර්තනය කරන ලද්දකි.)
Thursday, October 19, 2017
හැලොවින් , Halloween
හැලොවින් යනු ඔක්තෝම්බර් මස 31 වෙනිදා රාත්‍රියේ ඇමරිකාව ඇතුලු ලෝකයේ බටහීර රටවල් වල පවත්වන උත්සවයකි.මෙහි මූලාරම්භය 16 වන සියවස තෙක් දිවයයි. . All-Hallows-Even යන ස්කොට්ලන්ත වචනයෙන් බිඳී ගොස් Halloween නම් වචනය සෑදී ඇත.
දකුණු ආසියාතික රටවල් වල මෙම දිනය සමරනු නොලැබුවත් ඇමරිකාව, එංගලන්තය,කැනඩාව, අයර්ලන්තය,ඕස්ට්‍රේලියාව වැනි රටවල ජනතාව මහා ඉහළින්මෙම දිනය සමරති. එමෙන්ම ඔකොතොම්බර් 31 වෙනිදා එම රටවල ජාතික නිවාඩු දිනයක් ලෙස වෙන්කර ඇත.හැලොවින් වල අරමුණ ලෙස සඳහන් වෙන්නේ ඔවුන් එදිනට යක්ෂයා, භූතාත්ම,මළ අයගේ ආත්ම,මායාකාරියන්, සුරංගනාවියන් යන අයගේ ආත්ම සමග සම්භන්ද වීමයි.
එමෙන්ම වැඩිහිටියෝ විශාල ප්‍රමාණයේ වට්ටක්කා ගෙඩි ගෙනවිත් එහි මදය හාරා ඉවත් කොට වට්ටක්කා ගෙඩියේ පිටත ඇස් දෙකක් නහයක් කපා එහි මධ්‍යයේ ඉටි පන්දමක් දල්වා එය සිය නිවසේ ඉදිරිපස දොරටුව අසලින් තබති. අතීතයේ දී එමගින් අශුද්ධ ආත්ම පලවාහැරිය හැකි බවට විශ්වාසයක් තිබුනි.
හැලොවින් උත්සවය හා සබැඳුනු ඇදහිලි විශ්වාස, කතාන්දර බොහොමයක් ඇත. වර්තමානයේදී නම් හැලොවීන් උත්සවය විනොදාස්වාදය සඳහා සහ ව්‍යාපාරික අරමුණු සඳහා පවත්වන උත්සවයක් බවට පත්වී ඇත.
(ඡායාරූප සහ තොරතුරු අන්තර් ජාලයෙන් උපුටාගෙන ඇත )
Monday, October 16, 2017
සැමෝවරය
සැමෝවරය/Samovar
රුසියන් පොත් කියවද්දී මට ලොකූ ගැටලුවක් තිබුනා සැමෝවරය ගැන. ගොඩක් පොත් වල තියනවා තේ හදන්න සැමෝවරය රත් කරන්න සේවිකාවට කිව්වා. හැමෝටම සැමෝවරයෙන් තේ හැදුවා. කුතුහලයක තිබුනට ඒ මොකක්ද කියලා හොයන්න බැරි උනා. ඊයේ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ගමන් පොඩ්ඩක් හොයලා බැලුවා ඒ ගැන. මේන්න මේ වගේ එකක් තමයි සැමෝවරයක කියන්නේ.
සැමෝවරය කියන්නේ රුසියාව සහ අවට රටවල් වල ජලය උණු කිරීමටසාම්ප්‍රදායිකව භාවිත කරන ලෝහ බඳුනක්. මේ රත්වූ වතුර හදාගන්න පාවිච්චි කරනවා.මේවා යකඩ, තඹ, ඔප දැමූ පිත්තල, ලෝකඩරිදී, රත්රන්, ටින් හෝ නිකල් වැනි නිමැවුම්වලින් සාදාගත හැක. සාමාන්‍ය සැමෝවරයක එහි බඳ,මේසයක් මත තැබීමට පාදයක්,චිමිනි, වාෂ්ප විදිනයක්,අල්ලා ගැනීමට අඬුවක්,වතුර ගැනීමට හා වැසීමට හැකි ටැප් එකක්,සහ තේ පොච්චිය යන කොටස් අඬංගු වෙනවා. ඒ වගේම විවිධ හැඩයෙන් විවිධ ධාරිතාවයන්ගෙන් යුත් සැමෝවර් තියනවා.තේ හදා ගන්න අවශ්‍ය වෙලාවට එයට වතුර පුරවනවා. ඉන් පසු ඒ කාලයේ නම් ගල් අඟුරු දල්වලා එය රත් කරනවාලු. වර්තමානයේ විදුලි බලය යොදා ගන්නවලු. ඉන් පසු එහි තිබෙන තේ කොල දමන් කොටසට තේ කොල දානවා. වතුර රත් උනාම කරාමය ඇරලා කෝප්ප වලට තේ වක්කර ගන්නවා.
රුසියන් පොත් කියවද්දී මට ලොකූ ගැටලුවක් තිබුනා සැමෝවරය ගැන. ගොඩක් පොත් වල තියනවා තේ හදන්න සැමෝවරය රත් කරන්න සේවිකාවට කිව්වා. හැමෝටම සැමෝවරයෙන් තේ හැදුවා. කුතුහලයක තිබුනට ඒ මොකක්ද කියලා හොයන්න බැරි උනා. ඊයේ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ගමන් පොඩ්ඩක් හොයලා බැලුවා ඒ ගැන. මේන්න මේ වගේ එකක් තමයි සැමෝවරයක කියන්නේ.
සැමෝවරය කියන්නේ රුසියාව සහ අවට රටවල් වල ජලය උණු කිරීමටසාම්ප්‍රදායිකව භාවිත කරන ලෝහ බඳුනක්. මේ රත්වූ වතුර හදාගන්න පාවිච්චි කරනවා.මේවා යකඩ, තඹ, ඔප දැමූ පිත්තල, ලෝකඩරිදී, රත්රන්, ටින් හෝ නිකල් වැනි නිමැවුම්වලින් සාදාගත හැක. සාමාන්‍ය සැමෝවරයක එහි බඳ,මේසයක් මත තැබීමට පාදයක්,චිමිනි, වාෂ්ප විදිනයක්,අල්ලා ගැනීමට අඬුවක්,වතුර ගැනීමට හා වැසීමට හැකි ටැප් එකක්,සහ තේ පොච්චිය යන කොටස් අඬංගු වෙනවා. ඒ වගේම විවිධ හැඩයෙන් විවිධ ධාරිතාවයන්ගෙන් යුත් සැමෝවර් තියනවා.තේ හදා ගන්න අවශ්‍ය වෙලාවට එයට වතුර පුරවනවා. ඉන් පසු ඒ කාලයේ නම් ගල් අඟුරු දල්වලා එය රත් කරනවාලු. වර්තමානයේ විදුලි බලය යොදා ගන්නවලු. ඉන් පසු එහි තිබෙන තේ කොල දමන් කොටසට තේ කොල දානවා. වතුර රත් උනාම කරාමය ඇරලා කෝප්ප වලට තේ වක්කර ගන්නවා.
Sunday, October 1, 2017
කැලේ ගස
කැලේ ගස
ජයකොඩි සෙනෙවිරත්න
ජයකොඩි සෙනෙවිරත්න මහතා ගේ පොත් වලට මම කැමති වෙන්න විශේෂතම හේතුව තමයි එතුමා ගොඩක් ලියන්නේ ගැමි ජීවිත පදනම් කරගත්තු නව කතා වීම.
"කැලේ ගස" පොතත් ගමක එක පවුලක සහෝදරයෝ සහ ඔවුන් ගේ දරුවන් වටා ගෙතුණු කතාවක්. " පොඩි මහත්තයා, පොඩි හාමිනේ, ගැලිසන්, මොරිසන්, චූටි මැණිකේ,අප්පුහාමි,කැතරිනා,උක්කුං,සුද්දී, ගුණපාල එම පවුලේ සාමාජිකයෝ.
කුඩා කාලයේ එකට සහෝදර බැම්මෙන් උන්නත් විවාහ වෙලා දරුවෝ ලබද්දී සහෝදරයෝ උනත් වෙනස් වෙනවා. ඊට පස්සේ ගොඩක් දෙනා උත්සාහ කරන්නේ තමුන් ගේ කොටස වැඩි කරගන්න. දේපල ඉඩ කඩම් නිසා සහෝදරයෝ විරසක වෙනවා. දේපල වෙනුවෙන් සහෝදරකම් නෑදෑකම් උනත් අත හරින්න සූදානම් වෙනවා.කතුවරයා මේ පොතෙන් කතා කරන්නේ ඒ පිළිබඳව.
අනිත් දේ තමයි ජාදි බේදය හා කුල බේදය. දරුවෙක් වෙනත් ජාතියක කෙනෙක් හෝ වෙනත් කුලයක කෙනෙක් සමග විවාහ උනාම දෙමව්පියෝ සහා නෑ පරපුරම එම දරුවාව තමන්ගේ පරම් පරා නම්බුවට අවමන් කලා කියලා පවුලෙන් අයින් කරනවා. ඔවුන් ට උරුම දේවල් දෙන්නෙත් නෑ. ඒ අතුරින් කොටසක් වෙහෙස මහන්සියෙන් තමන් ගේ ජීවිත ගොඩ නගා ගන්නවා. කොටසක් උරුමය බලාපොරොත්තු වෙනවා. ඉල්ලලා රණ්ඩු වෙනවා. දියුණු වෙලා ඉන්න සහෝදරයන්ට ඊර්ෂා කරනවා.
මේ පොතෙන් කියන්නේ එහෙම කතාවක්.අනුන් විනාශ කරන්න ගිහාම තමනුත් විනාශ වෙන බව කතාව අවසානෙන් අපට පාඩමක් උගන්නනවා. මොරිසන්, ජයනෙත්ති ගේ කඩේ ගිණි තියලා යද්දී ඇලට වැටිලා මැරෙන්නේ කල කම් පලදීමක් විදිහටයි.
ඒ වගේම නොගැලපෙන සම්බන්දතා හදාගෙන විවාහයට පෙර සම්බන්දතා දුර දිග අරන් ගිහාම සුද්දී ට වගේ ජීවිතේ නාස්ති කරගෙන නමට කැලලක් එකතු කරගන්න සිද්ද වෙනවා.
මේ පොත ලියලා තියෙන්නේ දෙවෙනි ලෝක යුද්ධය කාලේ ලංකාවේ පරිසරය පදනම් කරගෙන උනත් මේ පොතේ එන චරිත වල ගති ලක්ෂණ වල අද ජීවත් වෙන මිනිසුන්ගේ ගති ලක්ෂණ වලත් වෙනසක් නෑ කියලා මට හිතුනා.
ඒ වගේම එදා තිබුනු ස්වයංපෝෂිත ආර්ථික රටාව ගැන ලියලා තිබුන ආකාරයත් මගේ හිතට දැනුනා. කුඹුරෙන් වී ටික, ගෙවත්තෙන් ගොටු කොළ, කොස් දෙල් ඇතුලු අනෙකුත් එළවලු ටික ලැබුනම මහා ලොකුවට මුදල් නැතත් මිනිස්සුන් ට හොඳට කාලා බීලා සතුටෙන් ඉන්න ප්‍රමාණවත් දේවල් ඔවුන් ගේ ළඟම තිබුනා.
ජාති,ආගම්,කුල බේදය කියන්නේ සමාජයට පිලිලය ක්. ඉන් අයහපතක් මිස යහපතක් වෙන්නෙ නෑ. අද ලෝකය දිහා බැලුවමත් ජාති,ආගම් බේදය නිසා විශාල ගැටළු ඇතිවෙමින් තියනවා.
මේ හැම දේකින්ම ලැබෙන විපාක තමයි මේ පොත කියවලා අන්තිමට පොත ගැන හිතලා බලද්දී අපට දැනෙන්නේ. එක දිගට කම්මැලි කමක් නැතිව කියවාගෙන යන්න පුලුවන් පොතක්. කියවලා නැති අය කියවලා බලන්න.
Subscribe to:
Posts (Atom)







