මම හැමදාම වැඩට යනකොට උදේට දවල්ට කෑම පාර්සල් දෙකක් අරන් යනවා. ඒ කියන්නේ මම දවසකට lunch sheet දෙකක් පරිසරයට මුදා හරිනවා. මාසෙකට 50ක්.
උදේ හවස බස්, කෝච්චි වල අරන් යන්න අපහසු උනත් කෑම පෙට්ට් 2ක් ගත්තා නම් පරිසරයට lunch sheet මුදාහරින එක මට නතර කරන්න පුලුවන්.
පිරිසිදුවට කෑම ටික අරන් යන්නත් පුලුවන්.
ඒ වගේම ගෙදරට අවශ්‍ය කරන දේවල් කඩෙන් ගත්තම දාල දෙන්නේත් පොලිතින් බෑග් වල. සිල්ලට බඩු කඩෙන්, එළවළු කඩෙන්, මස්,මාළු කඩෙන්,වෙනත් කෙට් කෑම දාලා දෙන්නෙත් පොලිතීන් බෑග් වලට.
ඒ වෙනුවට මට පුලුවන් රෙදි බෑග් එකක් අරන් යන්න. පහසුවෙන් නමලා හෑන්ඩ් බෑග් එකේ නිතර දාගෙන යන්න පුළුවන් එකක්. මස්, මාළු ගනිද්දීනම් කරන්න දෙයක් නෑ. අනිත් දේවල් ගනිද්දී කඩෙන් දෙන පොලිතීන් බෑග් ප්‍රතික්ශේප කරලා රෙදි බෑග් එකක් පාවිච්චි කරනවා නම් මම ගෙදරට අරන් යන පොලිතීන් බෑග් ප්‍රමාණය අඩු කරගන්න පුලුවන් වෙයි.
අපේ මුතුන් මිත්තන් අපට රැකලා දුන්න මවුබිම, පරිසරය ඒ වගේ ලස්සනට අපේ මතු පරම්පරාවට උරුම කර දීම අපේ යුතුකම.මම හැදුනොත් ගෙදර අනික් සාමාජිකයොත් ටික ටික හුරුවෙයි.












