මම පුංචි කාලේ, ආච්චි කොන්ඩ කැවුම් උයද්දී, ලිප ළඟ බංකුවක් තියාගේන කැවුම් උයන හැට් බලන් ඉන්න මම ගොඩක් ප්‍රිය කලා. ටිකෙන් ටික කූර කරකවමින් කොන්ඩ කැවුමේ කොන්ඩේ ගන්න හැටි මට තාමත් මැවිලා පේනවා.
අතිරස හදද්දී නම් මගේ උදව් ආච්චීට ලැබුනා. පොල් තෙල් ගාපු කෙසෙල් කොල උඩ අතිරස මිශ්‍රණයෙන් බෝල හදලා ඒවා පැතලියට වඩලා වට්ටියකින් තියන්නේ මම හරි ආසාවෙන්. ඒවා අච්චී සීරුවට තෙලේ බැදලා මැටි මුට්ටි වල අහුරනවාත් මට මතකයි.
කොකිස් බද්දී නම් පිටි මිශ්‍රනයේ අන්තිම ටිකෙන් කොකිස් බදින්න මට ඉඩ ලැබුනා. ටිකෙන් ටික වයසින් වැඩෙනකොට ආච්චි කලේ කොකිස් මිශ්‍රනය ඒදලා දෙන එක විතරයි. කොකිස් බදින්න නම් මම එක්ස්පර්ට්.☺☺☺
ආස්මී හදනකොට දවල් කුරුඳු කොළ වලින් නානු හදාගන්න හැටි ඒකට පිටි මිශ්‍රකරලා පදමට අනාගන්න හැටි හිල් තියන පොල්කටු හැන්දෙන් තෙලට දාලා නියමිත වෙලාවට දෙකට නමාගන්න හැටි පියවරෙන් පියවට මට ආච්චි කියලා දුන්නා.
ආච්චී මම පොඩි කාලේ ඒ දේවල් කියලා දුන්නේ මම ඒවා ඉගන ගනීවි කියන පරමාර්තයෙන්. එයා වයසට යද්දී මම ටිකෙන් ටික ලොකු වෙද්දී මම මැරෙන්න කලින් මේවා ඉගනගන්න කියලා ආච්චී කියපු වාර අනන්තයි. ඒත් අධ්‍යාපනය පමනක් මගේ අරමුණ වෙලා තිබුන නිසා ඒවා ප්‍රායෝගිකව ඉගන ගන්න උවමනාවක් මට තිබුනෙ නෑ.අද ඒ උවමනාව තිබුනත් අහලා දැනගන්න ආච්චී ජීවතුන් අතර නෑ. දැන්නම් ඒ ගැන ලොකු පසුතැවිල්ලක් වගේම මම වගේ මෝඩයෙක් කියලා හිතෙන වාර අනන්තයි.
ආච්චී අපෙන් සමු අරන් වසර 13ක් ගත වෙලා. එතුමියට නිවන්සුව!
ඔන්න ඔය පසුතැවිල්ල මටත් තියනවා සෙව්වන්දි....අපි අපේ පැරණි පරම්පරාවලින් ගන්න පුලුවන් හැම දේම ගත්තේ නෑ....අපරාදෙ කියලා හිතෙද්දි පරක්කුයි..
ReplyDeleteහා ඒකෙන් කමක් නෑ..කෝ ඔය කොකිස් ගෙඩි දෙක තුනක් මෙහෙට ගත්තනම්...