Friday, August 14, 2020

සොරාගත් මතක



 Tell Me your Dreams - Sidney Sheldon

සොරාගත් මතක - කෝෂලී සිරිචන්ද්
ප්රධාන චරිත
ඈෂ්ලි පැටර්සන්, ඇලෙත් පීටර්ස්, ටෝනි ප්රෙස්කෝට්, ඩේවිඩ් සිංගර්, ස්ටීවන් පැටර්සන්, ගිල්බට් කේලර්, ජෙසී ක්විලර්
ඈෂ්ලි පැටර්සන් , සිලිකන් වැලී හි පිහිටි පරිගණක ග්රැෆික් සමාගමක සේවය කරන බුද්ධිමත් තරුණියකි. ඇය තනිකඩය, විනෝදශීලී නැත. තනිවම ඇගේ නිවසේ හුදකලාව ජීවත් වේ. කවුරුන් හෝ ඇය පසුපස එන බවක් ඇයට දැනෙන්නට පටන් ගනී. ටෝනි ප්රෙස්කෝට් සහ ඇලෙත් පීටර්ස් ඈෂ්ලිගේ සම සේවකයින් වේ.
ටෝනි අන්තර්ජාලයේ චැට් රූම් වලට ගොස් චැට් කරන්නට සහ ඩිස්කෝ ඩාන්ස් වලට ප්රිය කරයි. ඇලෙත් චිත්ර අඳින්නට සහ කෞතුකාගාර නරඹන්නට ප්රිය කරයි.
ඔවුන් දෙදෙනාම ඈෂ්ලිව ඇගේ ඒකාකාරී ජීවිතයෙන් මුදවා ගන්නට උත්සාහ කරති. ඈෂ්ලි, ටෝනි සහ ඇලෙත් ගේ නම් මිනීමරුම් කීපයකට ඈඳෙයි. එම මිනීමරුම් සියවසේ විකාර සහගත නඩු විභාගයකට මග පාදයි.
සිඩ්න් ෂෙල්ඩන් විසින් රචිත Tell Me Your Dreams කෘතිය "සොරාගත් මතක" ලෙස කෝෂලී සිරිචන්ද්ර විසින් සිංහලයට පරිවර්තනය කර ඇත. මෙම කෘතිය ප්රබන්ධයක් වන මුත් එයට සත්ය සිදුවීම් පදනම් වූ බව පැවසේ. මෙම පොත මම සැබවින්ම කියවා රස වින්ඳෙමි. ඊළඟට කුමක් වේදෝ යැයි කුතුහලයෙන් පෙළුනෙමි. අධිකරණය හෝ අපරාධ නීති ගැන දැනුමක් නැති වුවත් අධිකරණයක නඩුවක් අසන අවස්ථාවක් හිතෙන් මවා ගෙන පොත කියවීම අපහසු නැත. බහු පෞර්ෂ ආබාධය ( Dissociative identity disorder (DID) නම් මානසික රෝගී තත්ත්වයක් පිළිබඳ අසා නොතිබුනි. එක පුද්ගලයෙක් තුල පුද්ගලයන් කීප දෙනෙක් ජීවත්වීම සහ ඔවුන් ගතිගුණ වලින් එකිනෙකාට වෙනස්වීමත් යම් යම් අවස්ථාවල සැබෑ පුද්ගලයාගේ මනස අනෙකාට පාලනය කිරීමත් කලහැකි බව දැනගත්විට ගූගල් හරහා එම රෝගය පිළිබඳ කරුණු සෙවීම බොහෝ කුතුහලය දනවන්නක් විය.
ඈෂ්ලි කුඩා වියේදී සිය පියා විසින් අපහරණයට ලක් කොට තිබුනි. ඒ පිළිබඳ මව දැනුවත් කලද ඇය එය නොසකලා ඈෂ්ලිව නොසලකා හැර තිබුනි. එම හේතුවම ඇයව ඇයටත් හොරා මානසික රෝගියෙක් කර තිබුනි. අවසානයේ ඇයත් නොදැන ඇය විසින් පස් දෙනෙක්ව අමානුෂික විදිහට ඝාතනය කොට තිබුනි.
කියවලා නැති අය කියවන්න. ආශිර්වාද ප්රකාශනයක්.

No comments:

Post a Comment