Tuesday, August 8, 2017

ශිෂ්‍යත්වේ


පෙරේදා අපේ හස්බන්ඩ් ගේ අක්කා ආවා අපේ ගෙදර පුතාලා දෙන්නත් එක්ක. ලොකු පුතා මේ පාර ශිෂ්‍යත්වෙ ලියන නිසා කොල්ලට මොකුත් කරන්න දෙන්නෙ නෑ.අරක කරන්න එපා මේක කරන්න එපා, විභාගේ ඉවර වෙනකන් තුවාල කරගන්නෙ නැතුව පරිස්සම් වෙන්නලු. 20 පස්සේ ඕන දෙයක් කරන්නලු ඉතින් කොල්ලා පුපුර පුපුර ඉන්නවා. අම්මා බනිනවා අක්කලට විභාගයක් නිසා ළමයින්ගේ නිදහස නැති කරලා කියලා.(මම බ්ලොග් ලියන වග ගෙදර අය දන්නේ නෑ. දැනගත්තත් බලන්නෙ නෑ එක නිසා බය නැතුව ලියනවා) අම්මා දොස් කියද්දී අයියයි අක්කයි අනිත් ළමයි ගැන කිව්වා විස්තරයක්. ඒක අහලා උසස් පෙළ විභාගේ ලියන ළමයින්වත් මෙහෙම මරවන්නේ නැතුව ඇති කියලා මට හිතුනා.

* එක අම්මා කෙනෙක් දරුවාව ඇහැරවන්නේ පාන්දර 4.30 ටලු. ඊට පස්සේ ප්‍රශ්න පත්තරයක් හෝ දෙකක් කරවනවලු ඉස්කෝලේ යන්න කලින්. ඒ ළමයාට දවසට ප්‍රශ්න පත්තර 5 කරවනවලු .
අපේ අක්කා කිව්වලු අපේ ළමයා නැගිටින්නේ 6 ට කියලා. අපෝ එහෙම බෑ ලකුණු ගන්න. අපේ එක්කෙනත් නැගිටින්නෙ නෑ වේ වැල අරන් කිව්වලු වැඩ කරවන්නේ. ඒ ළමයට ලකුණු 90 ට වඩා තියනවලු ප්‍රශ්ණ පත්තර වලට.

* අනිත් ළමයා 5ට ඇහැරවලා ප්‍රශ්ණ පත්තරයක් කරවනවලු. වැරදුනාම ගුටිත් කනවලු.

*තව ළමයෙක් උදේ 5.30 ගෙදරින් ඇවිත් හවස පංති ඉඳලා ගෙදර යද්දී රෑ 8 විතර වෙනවලු.

ඉතින් අක්කයි අයියයි දෙන්නම බනිනවා ළමයට, මෙයාලට අපි ශිෂ්‍යත්ව බරක් දීලා නෑ, ඒ ළමයි ඉස්කෝලේ යන්නෙ එන්නේ බස් වල වෑන් වල තෙරපිලා ,මෙයාලව ගෙදර වාහනේ ම ගිහින් දානවා, ඇති තරම් ටීවී බලනවා, සෙල්ලම් කරනවා , අපි පොතක් පාඩම් කරන්න කිව්වම මෙයාලට බඩගිනි වෙනවා, එක්කෝ ඔලුව රිදෙනවා ,බඩ රිදෙනවා. කොල්ලා සද්ද නැතුව අහගෙන ඉන්නවා.

අන්තිමටම අහගෙන ඉඳලා කොල්ලා කියනවා,
" ඔයාලගේ නම්බුව බේරලා දුන්නම ඉවරනේ ඉතින් මම 150 ට වඩා ගන්නම් කියලා. "


සේරම අහන් ඉඳලා අනේ මට හිතුනා කලින් ඉපදුනත් අපි මොනතරම් වාසනාවන්තද කියලා.


2 comments:

  1. කාලේ වාසනාවට වඩා මම නම් විස්වාස කරන්නේ මේ දෙමවුපියෝ හින්ද මිසක් කාලය වෙනසක් නැහැ කියලා. මටත් වැඩි බලපෑමක් තිබ්බේ නැහැ ස්කොලශිප් එකට. ගෙදර තිබ්බේ කොහොමත් ඇකඩමික් බැක්ග්‍රවුන්ඩ් එකක්. ඒ උනාට යන්ත්‍ර වගේ පාඩම් කලේ නැහැ. මම නම් කලේම වංචාව! හික්

    ReplyDelete
  2. හි.. හි.. මේ දවස්වල පහේ පන්තියේ ළමයි ඉන්න ගෙවල් වලින් වැඩිපුරම ඇහෙන වචනෙ " ශිෂ්‍යත්වේ " ...

    ReplyDelete