Thursday, August 24, 2017

හැංගි විහංගි

(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

හැංගි විහංගී මගේ පොත් රාක්කෙට ඇවිත් ටික දවසක් උනාට කියවන්න එකත් ටික ටික පරක්කු උනා. මම චේතන් බගත් ගේ පොත් එක හුස්මට කියවලා ඉවර කරේ නැත්නම් ඒ පොතේ කතාව මට රස විඳින්න බැරි ගතියක් දැනෙනවා. රැකියාවත් ගෙදර  වැඩත් එක්ක එහෙම කාලයක් ලැබුනේ ඊයේ රෑ. චේතන්ගේ පොත් වලට මම ගොඩක් කැමතියි. එකක් සරල බස් වහර. ඉංග්‍රීසි පොත් උනත් සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියන කෙනෙකුට උනත් කියවලා තේරුම් ගනන් පුලුවන්. ඒ වගේම ඔහුගේ පොත්වල අනුභූතිය සරලයි වගේම සංකීර්ණයි. මොකක්ද ඒ කතාව? මෙහෙමයි, එයා පොත්වලින් කතා කරන්නේ ඉන්දියාවේ තරුණ ගැටලු ගැන එක අතකින් ඒවා සරල ආදර ගැටලු. එහෙම නැත්නම් හැම තරුණ තරුණියක්ටම මුහුණ දෙන්න වෙන ගැටලු. ඒත් ඒ ගැටලු වලට එබුනම, සමස්ත තරුණ පරපුර දිහාම පොදුවේ බැලුවම ඒවා සංකිර්ණයි වගේම ඉන්දීය තරුණ තරුණියන්ට වගේම ලංකාවේ අපටත් පොදුයි. ඉන්දියාවේ වගේම අපේ තරුණ පරපුරේත් මූලික අරමුණු තමයි උසස් අධ්‍යාපනයක් ලබා ගැනීම, ඊට පස්සේ හොඳ වැටුපක් එක්ක ඉහළ පෙළේ ආයතනයක රැකියාවක්, නිවසක්, හොඳ බිරිඳක් හෝ සැමියෙක් ,  සහෝදර සහෝදරියන්ගේ වගකීම්, දෙමාපියන් රැක බලාගැනීම ඔයවගේ දේවල්. චේතන්ගේ පොත් වලත් තියෙන්නේ ඒ වගේ ගැටලු.
         හැංගි විහංගි (Half girl friend) පොත චේතන්ගේ අනිත් පොත් වලට වඩා ගොඩක් සරල ආදර කතාවක්. Half girl friend නමින්ම චිත්‍ර පටියකුත් මෑතකදී නිකුත් උනා . මට මතක විදිහට ප්‍රධාන චරිත රඟපෑවේ අර්ජුන් කපූර් සමග ශ්‍රද්ධා කපූර්. මට නම් තවම බලන්න බැරි උනා. පොතේ සාරාංශය කිව්වොත් කියවලා නැති අයට කියවද්දී තියන රසය නැතිවෙනවා. පොත කියවලම බලන්නකො.

1 comment:

  1. මම ඉංග්‍රීසි පොත කියෙව්වා. සරල ආදර කතාවක් තමයි. චේතන් කියන්න හදන පණිවිඩ බොහොම හොඳයි. වැඩේ කියන්නේ ඒවායේ නිල තැනින් අල්ලන්නේ නැතුව ඔහු නිකන්ම යනවා. එතකොට කියවන්නාට ඒවා හයිලයිට් වෙන්නේ නැහැ

    ReplyDelete