Sunday, August 6, 2017

මනාළිය පැහැරගෙන යන ගෝත්‍රිකයෝ

ලෝකයේ රට රට වල ජීවත් වෙන මිනිසුන් සංකෘතින් හා සම්ප්‍රදායන් එකිනෙකට වෙනස්. විශේෂයෙන්ම අප්‍රිකාණු කලාපයේ රටවල ජීවත් වෙන ගෝත්‍රික ජනතාව අතර අපට පුදුම හිතෙන සම්ප්‍රදායන් තියෙනවා. මම මේ කියන්න යන්නේ දකුණු සුඩානයේ ලටුකා (Latuka) ගෝත්‍රිකයන්ගේ එක සම්ප්‍රදායක් ගැන.

ආදරය විවාහය කියන්නේ හැම සංකෘතියකම ප්‍රධාන අංගයක්.ඉතින් මේ ගොත්‍රයේ තරුණයෙකුට එම ගෝත්‍රයේ තරුණියක් විවාහ කරගන්න උවමනා උනාම ඔහු ඇයව පැහැරගෙන යනවලු. ඊට පස්සේ ඔහු සහ ඔහුගේ ඥාතීන් වන වැඩිහිටි පිරිමින් එම තරුණියගේ නිවසට ගිහින් ඇගේ පියාගෙන් විවාහයට කැමැත්ත ඉල්ලනවාලු. ඇගේ පියා කැමැත්ත ප්‍රකාශ කලොත් ඔහු ඇයව විවාහ කරගන්නවාලු. ඒ වගේම එම අවස්තාවේ පියා කැමැත්ත ප්‍රකාශ කරනේ එම තරුණයාට හොඳටෝම ගුටි ඇණලලු. ඇගේ පියා අකමැති බව කිව්වොත් තරුණයා එම තරුණියව ආපසු ඇගේ පියාට බාර දෙනවලු. ඒත් ඔහු ගැහැණු ළමයාට බල කරනවලු ඔහු හා විවාහ වෙන්න කියලා. කොහොමහරි මේ පැහැර ගැනීම කෙලවර වෙන්නේ විවාහයෙන්ලු.

1 comment: