Saturday, August 24, 2019

ටිකට්


                                   ඊයේ හවස මම ගිය ලංගම බස් එකට උඩුගම්පොළ හන්දියෙදී ටිකට් පරීක්ෂකයෝ ගොඩ උනා. නැගපු ගමන්ම ටිකට් ගන්න ටිකට් ගන්න....කියලා ටිකට් පරීක්ෂා කරන්න ගත්තා. මගේ ටිකට් එකත් රතු පෑනකින් මාක් කරලා දුන්නා. බස් එකේ ඉස්සරහම සීට් එකක වාඩි වෙලා උන්න යුවළක් ළඟ ටිකට් තිබුනෙ නෑ. ඔවුන් ටිකට් ගත් බව පැවසුවා. ඊට පස්සේ ඒ දෙන්නා බෑග් වල සාක්කුවල බිම හැම තැනම ටිකට් හෙව්වට තිබුනෙ නෑ. ඒ දෙන්න ටිකට් ගත්ත බව කොන්දොස්තර මහතාත් පුන පුනාම කිව්වා. දැන් ඉතින් මොකද කරන්නේ කියලා හිතද්දී එක පරීක්ෂක ම්හත්මයෙක් මීගමුවෙන් ගම්පහට ටිකට් ගත්ත අය අත උස්සන්න කිව්වා. හය දෙනෙක් අත ඉස්සුවා. ඊට පස්සේ කොන්දොස්තර මහතාගේ ටිකට් මැෂින් එක අරන් මීගමුවෙන් ගම්පහට ටිකට් කීයක් අරන්ද බැලුවා. අටක් අරන් (ඒ මැෂින් එකෙන් ඔය තරම් දේවල් බලන්න පුලුවන් කියලා මම දැන ගත්තෙත් ඊයේ)
එතකොට ඉතින් අර දෙන්නාත් ටිකට් අරන් කියලා ඔප්පු උනා.
ඊට පස්සේ එයාලා කිව්වා ටිකට් අරන් නිසා දඩ මුදලක් ගන්නෙ නෑ, ඒ උනාට අනිත් හැමෝම ළඟ ටිකට් තිබුනා ඔයාලා ගාව විතරක් තිබුනෙ නෑ, ඔයාලට නිකන් යන්න දුන්නොත් එයාලට කරන අසාධාරණයක් ඒ නිසා මීගමු-ගම්පහ ටිකට් දෙකක් ආයෙ ගන්න කියලා. ඒ දෙන්නා ආයේ ටිකට් ගත්තා.
ටිකට් එකක් කියන්නේ පුංචි කොල කෑල්ලක්නේ. ඒක ඔය බෑග් එකේ හරි සාක්කුවක හරි දාගන්න පුලුවන්නේ. ගමනාන්තය වෙනකන් ටිකට් එක තියාගන්න බැරිකමකුත් නෑනෙ. මගෙ නම් ඉතින් බෑග් එකෙන් සතියකට කලින් ගිය ටිකට් උනත් හොයාගන්න තියනවා..😁😁😁ඒක වෙනම කතාවක්.
---------------------------------------------------------------------------------
                   ටිකට් එකක වටිනාකම තියෙන්නේ පරීක්ෂා කරනකොට පෙන්වන්න විතරක් නෙමේ නීතිමය තත්ත්වයකදී උසාවියට සාක්ෂියක් විදිහටත් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා බස් එකේ උන්න දෙන්නෙක් කතා උනා. මම බෑග් එකේ ටිකට් එකතු කරන එකේ වරදක් නෑ නේද? 😉😉😉
මේවා පුංචි පුංචි කාරණා උනත් සිතන්න යමක් ඒවායේ තියන බව මාත් තේරුම් ගත්තා

Thursday, August 22, 2019

ඇමසන්

ගින්නෙන් දැවී යන සුන්දර ඇමසන්..වෘක්ෂලතා පමනක් නොව ඇසට පෙනෙන නොපෙනෙන ජීවීන් කොපමන ප්‍රමාණයක් ගින්නෙන් පිලිස්සී මිය යයිද? මිනිසා සිය සීමාවෙන් ඔබ්බට ගමන් කරමින් සිටී. ඒ සඳහා සුදුසු දඬුවම් ද සොබා දහමෙන්ම නුදුරේදී ලබා දෙනු ඇත. 


     එමෙන්ම පසුගියදා මිනිස් ක්‍රියාකාරකම් සහ ගෝලීය උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් අයිස් ලන්තනයේ සංචාරක ආකර්ෂණය දිනූ සුන්දර ඕකේ ජකුල් ග්‍රැසියරයද සදාකාලික නින්දට පත්වී අවසන් කටයුතු සිදුකල බව බටහිර මාධ්‍ය සඳහන් කර තිබුනි. 


Friday, August 2, 2019

නිදහසේ අරුණළු දකිනා සෞදි කාන්තාවෝ.



පිරිමි "භාරකරුවෙකුගේ" අනුමැතියකින් තොරව කාන්තාවන්ට විදෙස් ගත වීමට සෞදි අරාබිය ඉඩ ලබා දෙන බව සෞදි රජය විසින් නිවේදනය කර ඇත. සෞදි කාන්තාවන්ට වාහන පැදවීමේ අවසරය පසුගිය වසරේ ලැබුන මුත් තනිව විදෙස්ගත වීම සඳහා අවසර තිබුනේ නැත. විදෙස් ගතවීමට නම් ඔවුන් භාරකරුවෙකුගේ එනම් පියා ,සැමියා ,සොහොයුරා හෝ පිරිමි ඥාතියෙකු යටතේ විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම්කල යුතුව තිබුනි.
මෙම ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කළ හොත්, වැඩිහිටි කාන්තාවන් නීත්‍යානුකූල බාල වයස්කරුවන් බවට පත් කරන දිගු කලක් තිස්සේ පැවති භාරකාරත්ව ක්‍රමය අවසන් කරන අතර ඔවුන්ගේ භාරකරුවන්ට - ස්වාමිපුරුෂයාට, පියාට සහ අනෙකුත් පිරිමි ඥාතීන්ට ඔවුන් කෙරෙහි අත්තනෝමතික බලයක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබේ.
වයස අවුරුදු 21 ට වැඩි කාන්තාවන්ට විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සහ ඔවුන්ගේ භාරකරුගේ අවසරයකින් තොරව රට හැර යාමට මෙම රෙගුලාසිය මඟින් ඉඩ ලබා දී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.
විවාහ වීමට, විදේශ ගමන් බලපත්‍ර අළුත් කිරීමට හෝ රටින් පිටවීමට සෞදි කාන්තාවන්ට ඔවුන්ගේ පිරිමි භාරකරුවන්ගෙන් දීර්‍රඝ කාලයක් තිස්සේ අවසර අවශ්‍ය වී තිබුනි. නුදුරේදීම ඔවුන්ට උපත් මරණ සහ දික්කසාද ලියාපදිංචි කිරීමටද අවසර ලැබීමට නියමිතයි.
මෙම ප්‍රතිසංස්කරණ මගින් කාන්තාවන්ට වැඩි ස්වයං පාලනයක් සහ සංචලනයක් ලබා දෙන බව විදෙස් මාධ්‍ය පවසන අතර ,මෙම තීරණය “සෞදි කාන්තාවන් ලැබූ එක් යෝධ පිම්මක්” ලෙස සඳහන් කර ඇත.

"කිසියම් හේතුවක් නිසා රට හැර යාමට නොහැකි වීම ... විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට, රැකියා අවස්ථාවක් ලබා ගැනීමට හෝ අවශ්‍ය නම් පලා යාමට පවා නොහැකි වීම නිසා සමහර කාන්තාවන්ගේ සිහින අහෝසි විය” යැයි සෞදි ව්‍යාපාරික කාන්තාවක් වන මුනා අබු සුලෙයිමාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබුනි. මෙය කවදා සිට ක්‍රියාත්මක වන්නේදැයි සඳහන් කර නොමැති මුත් මෙමගින් සෞදි කාන්තාවන්ගේ ජීවිත බොහේ සෙයින් වෙනස්වනු ඇත.
       සෞදි අරාබියේ පළමු කාන්තා තානාපතිනිය වන එක්සත් ජනපදයේ කාන්තා තානාපතිනිය රීමා බන්ඩාර් අල්-සෞඩ් ද එම වාර්තාව සමාජ මාධ්‍ය සටහනකින් තහවුරු කර තිබේ.
"මෙම නව රෙගුලාසි සෑදීමේ ඉතිහාසයයි. ඔවුන් අපේ සමාජයේ කාන්තාවන් හා පිරිමින් සමානව සම්බන්ධ කර ගත යුතුයි" යැයි ඇය පවසා ඇත.
 ආගමික කාරණා හේතුවෙන් නිදහස තිබූ මුස්ලිම් කාන්තාවන්ටත් යම් යම් සීමා මායිම් වැටකඩොලු බැඳෙන යුගයක සෞදි අරාබිය මේ ගන්නා වෑයම සැබවින්ම පැසසුමට ලක්විය යුතුය.