Wednesday, May 27, 2020

තායිලන්තයේ කිඹුල් ගොවිපොළ


           
තායිලන්තය ලෝකයේ විශාලතම කිඹුල් ගොවිපලවල් කිහිපයකටම  නිවහනක  වන අතර, ඒවා නැරඹීමට පැමිනෙන සංචාරකයින්ට දැවැන්ත උරගයින් දැඩි හිරු රශ්මිය විඳින ආකාරය,  කුකුළු මස් සඳහා පොර කන ආකාරය මෙන්ම හරිත වර්ණ ජල තටාක වල පිහිනන ආකාරය දැක ගත හැක.
තායි ධීවර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව කිඹුලන් මිලියන 1.2 ක් පමණ ගොවිපලවල් දහසකට වැඩි ගණනක ජීවත් වෙති.
                 " ශ්‍රී අයුතයා කිඹුල් ගොවිපල" තායිලන්තයේ විශාලතම සමාගමක් වන අතර එය වසර 35 ක් තිස්සේ ක්‍රියාත්මක වේ.
එහි කිඹුලන් 150,000 ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇත. 
           ශ්‍රී අයුතයා, වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් සහ ශාක විශේෂ පිළිබඳ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ  ලියාපදිංචි වී ඇති අතර, ඉහළ පෙළේ ගැනුම්කරු වන චීනය ඇතුළු රටවල් සඳහා ,  බරපතල තර්ජනයට ලක්ව ඇති සියළුම මිරිදිය කිඹුලන්ගෙන් 
 සාදන ලද නිෂ්පාදන නීත්‍යානුකූලව අපනයනය කිරීමට ඉඩ සලසයි.
               ශ්‍රී අයුතයා හි හිමිකරු  විචියන් රූආන්ග්නෙට් ය.  ඔහු පවසන ආකාරයට  ඔහුගේ ආයතනය එරට ජනතාවට  රැකියා උත්පාදනය කරමින් රටට ආදායමක් උපයා දෙයි. කිඹුලන් ඇති කිරීම සිට ඝාතනය, සම් පදම් කිරීම සහ කිඹුල් නිෂ්පාදන අපනයනය කිරීම දක්වා සියල්ල ඔවුන් විසින් කරනු ලැබේ.
           කිඹුල් සම් නිෂ්පාදන වලට බර්කින් විලාසිතාවේ අත්බෑග් ඇතුළත් වන අතර ඒවා බැට් 80,000 ක් (ඩොලර් 1,815) දක්වා අලෙවි වන අතර කිඹුල් ලෙදර් ඇඳුම් කට්ටල සඳහා ඩොලර් 200,000 ක් පමණ ලැබෙන බව විචියන් පවසයි.
                කිඹුල් මස් කිලෝග්‍රෑමයක් ඩොලර් 300 කට අලෙවි වේ. සෞඛ්‍යමය වාසි ඇති බවට විශ්වාස කරන බැවින් පෙති බවට පත් කරන උරගයින්ගේ පිත සහ රුධිරය පිළිවෙලින් කිලෝග්‍රෑමයකට ඩොලර් 40,000 ක් සහ ඩොලර් 500 ක් වේ.
           
              

Sunday, May 24, 2020

කෙන්යාවේ ගොවිපොළ වල ඇතිකරන කටුස්සෝ


 
බෝදිලිමා එහෙම නැත්නම් Chameleleon Zeylanicus කියන්නේ කටුසු විශේෂයක්. විලෝපිකයන්ගෙන් ජීවිතය ආරක්ෂා කරගන්න ඔවුන් සිටිනා ස්ථානය අනුව ශරීර පැහැය වෙනස්කර ගන්න මොවුන්ට සොබාදහමෙන් අපූරු හැකියාවක් ලබාදී තිබෙනවා.
         ලංකාවේ වගේම ලෝකයෙත් බෝදිලිමා ගැන නොයෙකුත් විශ්වාසයන් තියෙනවා. රාත්‍රියේදී බෝදිලිමා කෑගහන හඬ පිරිමින්ට පමනක් ඇසෙන බවත් ගැහැණුන්ට බය බෝදිලිමා පිරිමින් සොයා එන බවත් විශ්වාසයක් අපේ රටේත් ඇත. නමුත් කටූස්සන්ට ශබ්ද නිකුත් කල නොහැකි බව සත්ත්ව විද්‍යඥයෝ පවසති.
             කෙන්යාවේ ව්‍යාපාරයක් ලෙස බෝදිලිමන් වගා කරන බව ඇසුවොත් ඔබ පුදුම වේවි. ඒ වගේම මෙම කටුස්සන්  සුරතලයට ඇති කරන පුද්ගලයින් ලොව පුරා සිටින බව ඇසුවොත් ඔබ තවත් පුදුම වේවි. 
             මධ්‍යම කෙන්යාවේ කිරින්‍ යාගා දිස්ත්‍රික්කයේ ගොවීන් සමූහයක් දේශිය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළේ  අළෙවි කිරීමට  කටුස්සන් ඇති කරනු ලැබේ. ඔවුන් දේශීය වෙළෙඳ පොළෙහි වසරකට කටුස්සන් 2000 පමන අළෙවි කරති. හිතනා තරම් මේ ව්‍යාපාරය පහසු නැත. ලොව පුරා  රටවල් වල සතුන් ආනයනය සඳහා තියන අනපනත් නිසා කටුස්සන් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ අළෙවිය පහසු නැත. දෙවන අභියෝගය වන්නේ  බෝදිලිමා පිලිබඳ ලොව පුරා තිබෙන මිත්‍යාමය මතය.  බෝදිලිමා යක්ෂ ආත්මයක් බව සිතන කොටසකුත් ඔවුන්ගේ ඛේටය මාරාන්තික විස බව සිතන කොටසකුත් සිටිති. කෙන්යානු ගොවිපොළ හරහා  ටැන්සානියාවට සහ මැඩගස්කරයට කටූස්සන් විශේෂ අළෙවි කරති. 
              ඔවුන්ගේ ප්‍රධාන අළෙවි මාර්ගය වන්නේ අන්තර්ජාලයි. නමුත්  සතාව දැක බලාගෙන මිලට ගැනීමට හැකියාවක් නොමැති නිසා  බොහෝ කටුසු ලෝලීන් අන්තර්ජාලය හරහා කටුස්සන් මිලට ගැනීමට මැලිකමක් දක්වති. ඒ හේතුවෙන් අළෙවි කිරීමට නොහැකිවූ වැඩුනු කටුස්සන් ගොවිපොළ හිමියන් විසින් උන්ට ආවේණික ස්වභාවික පරිසරයට මුදාහරිති.
                 කටුස්සන් අභිජනනය සඳහා ස්වභාවික පරිසරය උවමනා වේ. ඔවුන් අහාරයට ගන්නේ කෘමි සතුන් පමනි.  එමෙන්ම ඔවුන් තමන්ගේ වර්ගයා අනුභව කරති. එනිසා කුඩා පැටවුන් බේරා ගැනීමට පිරිමි සතුන් වෙන්කර තැබිය යුතුය. කටුස්සන්ට ශීත දේශගුණය ඔරොත්තු නොදේ. එමෙන්ම ආහාර ලෙස කෘමින් සෙවීම.පහසු නැත. ඒ සඳහා ගොවිපොළ හිමියෝ නරක්වූ ආහාර ගොවිපොළේ ගොඩ ගසති. ඒවාට ආකර්ෂණය වන කෘමීන් කටුස්සන්ගේ ආහාර බවට පත්වේ.

         එමෙන්ම කටුස්සන් අළෙවියට කෙන්යානු වන සත්ත්ව අධිකාරියෙන් අවසර ගත යුතුය. එය පහසු කාරණාවක් නොවේ. ජැක්සන් නම් කටුසු වර්ගය ඔවුන් බහුලව ඇති කරති. එම වර්ගය අළෙවියට පහසුවෙන් අවසර ගත හැක.