Friday, August 4, 2017

කිරිගරුඬ අහස යට


ටජ් මහලත් එක්ක බැඳෙන සාජෙහාන්,මුම්ටාස් ප්‍රේමය ගැන ලෝකේ නොදන්න කෙනෙක් නෑ. ටජ් මහල් බලන්න යන්න තියනවනම් කියලා මටත් හිතිලා තියෙනවා. සාජෙහාන් රජතුමා දරු ප්‍රසූතියකදී මිය ගිය තමා වැඩිපුරම ආදරය කළ බිරිඳ මුම්ටාස් මහල් දේවිය සිහිවීමට තමයි ටජ් මහල් තැනුවා කියන්නේ. ටජ් මහල් පිළිබඳ තවත් විවිධ කතා තිබුනත් ටජ් මහල් කියන්නේ අග්‍රගන්‍ය නිර්මාණයක් කියන එක අවිවාධිතයි.

මම කියවපු මේ පොතත් ටජ් මහල හා බැඳුනු නිර්මාණයක්. John Shor ගේ Beneath a Marble Sky කියන පොත තමයි ප්‍රදීප්කුමාර බාලසූරිය මහතා "කිරිගරුඬ අහස යට" නමින් සිංහලයට පරිවර්තනය කරන්නේ. ටජ් මහල සහ මෝගල් අධිරාජ්‍ය ගැන කරපු අධ්‍යනයකින් පසුව මෙම කතුවරයා ටජ් මහල සහ මෝගල් රාජ්‍ය හා බැඳුනු කතාවක් ගොතනවා. මේ කතාව ඇතුලේ ලස්සන ආදර කතාවක්, බිහිසුනු යුද්ධ, එකිනෙකාට පාවා දීම්. සහෝදරයින් අතර සිහසුනේ උරුමය සඳහා කරන කා කොටා ගැනීම් වගේම ටජ් මහල ගොඩ නැගුන හැටි සඳහන් වෙනවා. මේ පොතෙන් කතුවර්යා ටජ් මහල හා බැඳුන ප්‍රෙම වෘතාන්තය වෙනස් කරනවා.
සාජෙහාන් රජතුමා ටජ් මහල ගොඩනගන්න බාර දෙන්නේ "ඉසා" නම් ගෘහ නිර්මාණ ශිල්පියාට. එහි වැඩ කටයුතු අධීක්ෂණයට බාර දෙන්නේ සාජෙහාන් මුම්ටාස් ගේ දියණියක වන "ජහනාරා" කුමරියට. එවකට විවාහක කාන්තාවක් වන (ඇයට වඩා ගොඩක් වැඩිමහල් නපුරු, කුරිරු, ලෝබ මනුස්සයෙක්ට ඇයව විවාහ කර දෙනවා) ඇය "ඉසා" සමඟ අසම්මත් ප්‍රේමයක් ගොඩනැගෙනවා. ඒ නිසා "ඉසා" ටජ් මහල ගොඩ නගන්නේ "මුම්ටාස් මහල්" ගේ රුව වෙනුවට "ජහනාරාගේ" රුව සිහිකරමින්. 
ඔය අතර තුර ජහනාරාගේ එක සොහොයුරෙක් බලයට කෑදර කමින් රාජ්‍ය පැහරගෙන සාජෙහාන්, ජහනාරා හිරගත කර කිරුල හිමි කුමරාව මරා දමනවා. සිය පියාගේ අවසන් මොහොත දක්වාම පියා සමග සිරගතව සිටින ජහනාරා අවසානයට සිය පෙම්වතා සහ ඔහුට දාව ඇය ලද දියනිය වෙත පලා යනවා.
මම කියවපු තවත් ලස්සන පොතක්. කියවලා නැති අය කියවන්න. 

No comments:

Post a Comment