Friday, June 23, 2017

සෙනසුරාදා

අද උදේ ඇහැරිලා බලද්දී ලයිට් ඩිම් වෙලා. මෙලෝ වැඩක් කර්ගන්න බෑ කළුවරේ. ඒ මදිවට මොරසූරන වැස්ස. කැම්මැලි උනත් වැඩට නොයා බෑනෙ ලෑස්ති වෙලා පාරට ගිහාම හංදියෙ කඩේ මාමා කිව්වා අද සීටීබී බස් එක නෑ කියලා. අනිත් පාරේ යන වෑන් එක එයිනෙ කියලා හිතාගෙන පාරෙන් එහා පැත්තට ගියා විතරයි මෙන්න එනවා බස් එක. ආයේ පාර පැනලා දුවන් ඇවිත් බස් එකට නැග්ගා. කොන්දොස්තර ළමයා ටිකට් කඩන ගමන් කියනවා ඔයා බස් එක ඇතුල තෙමුවා කියලා. බස් එකනම් මොකද අනේ මේ මාත් හොඳටම තෙමිලා කියලා මම ගිහින් වාඩි උනා. බස් එකෙන් බැහැලා ස්ටේෂන් එකට ගිහාම කියපි කෝච්චිය විනාඩි 25 ක් පරක්කුයි කියලා. කොහොමහරි කෝච්චිය කියපු වෙලාවට ආවා. ගම්පහින් බැහැලා මීගමු බස් එකට නැග්ගා. ඒක කාන්සියට මීගමු යන බස් එකක්. හෙමින් හෙමින් ඔහේ යනවා. මිනිස්සුත් තම තමන්ගේ ලෝක වල හුදකලා වෙලා ගාටනව කියලා වගේ වගක් නැතුව ඔහේ ඉන්නවා.  අද මම වැඩට ආවේ විනාඩි 25ක් පරක්කු වෙලා.අදනම් කිසි කමකට නැති දවසක් උනා.

3 comments:

  1. ඔයා බස් එක ඇතුල තෙමුවා කියලා.......චි හරිම ලැජ්ජයි ඔහොමත් කරන්න පුලුවන්ද කට්ටියක් ඉස්සරහා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එහෙම තෙමිල්ලක් නෙමේ අනේ කුඩේ තිබුන වතුර වලින් තෙමුනේ

      Delete