Tuesday, April 25, 2017

දෝංකාරය

Echoes -Danielle Steel
 දෝංකාරය - පරිවර්තනය- සුගතදාස වියතුංග

                                 මම කියවපු තවත් සංවේදී පොතක්. පොහොසත් යුදෙව් ජාතික පවුලක බීටා නැමති වැඩිමහල් දියණිය, ප්‍රංශයේ වංශවත් පවුලක රෝමාණු කතෝලික තරුණයෙක් වන ඇන්ටොයින් සමග ප්‍රේම සම්භන්දයක් ඇතිකර ගන්නවා. ආගම පදනම් කරගෙන දෙපාර්ශවයේම දෙමාපියෝ මෙම් සම්භන්දයට විරුද්ධ වෙනවා. දෙමාපියන්ගේ විරෝධය නොතකා විවාහ වන ඔවුන්ට, කලින් ගතකල සුඛෝපභෝගී ජීවිතය වෙනුවට දුක් කම්කටොලු වලින් පිරුණ ජීවිතයක් ගත කරන්න සිදුවෙනවා. දියනියන් දෙදෙනෙක් ලැබුනු පසු බීටාගේ සැමියා මිය යනවා. දියනියන් දෙදෙනා උස්මහත් කරන බීටා ට කවදාවත් ඇගේ පියා සහ සහෝදරයන්ගෙන් සමාව ලැබෙන්නේ නෑ. ඇගේ ම්ව පමනක් ඇයව බලන්න පැමිනෙනවා. බීටාගේ දියණිය අමාදි කන්‍යා සොහොයුරියක් වීමට කන්‍යාරාමයක්ට ඇතුල් වෙනවා. ඒ කාලයේදී තමයි හිට්ලර් යුදෙව්වන් සමූල ඝාතනය කරන්න පටන් ගන්නේ.යුදෙව් ආගමිකයන් නිසා බීටාගේ පවුලේ සියලු දෙනා පිටුවහල් කරනු ලබනවා. බීටා සහ බාල දියනියත් කඳවුරකට යවනු ලබනවා. අවසානයට අමාදිත් කන්‍යාරාමයෙන් පිට වෙලා පියාගේ හිතවතෙකුගේ නිවසේ සැඟවී සිට වෙනත් ආරක්ෂිත ස්ථානයකට යාමට උත්සාහ කරද්දී නාසීන්ට හසුවෙනවා. එහිදී ඇයව යවන කඳවුරේ දුක්කිත ජීවිතයක් ගත කරන අමාදි ඉන් පැන යනවා. ඉන්පසු රට බේරා ගැනීමේ සටනේ විමුක්තිකාමීන්ට එකතු වෙලා රට බේරා ගැනීමේ රහස් කටයුත් වලට උදව් වෙනවා. අවසානයට අමාදි විමුක්තිකාමි සටනෙදි හමුවන් තරුණයෙක් සමග විවාහ වෙනවා.
                                                  කතාවේ මැද කොටස දුක්බර උනත් අවසානය සුබ දායකයි. මම කොහොමත් කැමති සුබදායක අවසානයක් තියන පොත්වලට. මේ පොතත් මම ගොඩක් ආසාවෙන් කියෙව්වා..    


4 comments:

  1. කතාවේ මැද කොටස දුක්බර උනත් අවසානය සුබ දායකයි. මම කොහොමත් කැමති සුබදායක අවසානයක් තියන පොත්වලට. මේ පොතත් මම ගොඩක් ආසාවෙන් කියෙව්වා

    හොයාගෙන කියවන්න ඕනේ

    ජය වේවා ..!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලස්සන පොතක්. හොයගෙන කියෙව්වට පාඩු නෑ.

      Delete
  2. හොයාගෙන කියවන්නට ආසා හිතුනා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලස්සන පොතක්. හොයගෙන කියෙව්වට පාඩු නෑ.

      Delete