Sunday, May 24, 2020

කෙන්යාවේ ගොවිපොළ වල ඇතිකරන කටුස්සෝ


 
බෝදිලිමා එහෙම නැත්නම් Chameleleon Zeylanicus කියන්නේ කටුසු විශේෂයක්. විලෝපිකයන්ගෙන් ජීවිතය ආරක්ෂා කරගන්න ඔවුන් සිටිනා ස්ථානය අනුව ශරීර පැහැය වෙනස්කර ගන්න මොවුන්ට සොබාදහමෙන් අපූරු හැකියාවක් ලබාදී තිබෙනවා.
         ලංකාවේ වගේම ලෝකයෙත් බෝදිලිමා ගැන නොයෙකුත් විශ්වාසයන් තියෙනවා. රාත්‍රියේදී බෝදිලිමා කෑගහන හඬ පිරිමින්ට පමනක් ඇසෙන බවත් ගැහැණුන්ට බය බෝදිලිමා පිරිමින් සොයා එන බවත් විශ්වාසයක් අපේ රටේත් ඇත. නමුත් කටූස්සන්ට ශබ්ද නිකුත් කල නොහැකි බව සත්ත්ව විද්‍යඥයෝ පවසති.
             කෙන්යාවේ ව්‍යාපාරයක් ලෙස බෝදිලිමන් වගා කරන බව ඇසුවොත් ඔබ පුදුම වේවි. ඒ වගේම මෙම කටුස්සන්  සුරතලයට ඇති කරන පුද්ගලයින් ලොව පුරා සිටින බව ඇසුවොත් ඔබ තවත් පුදුම වේවි. 
             මධ්‍යම කෙන්යාවේ කිරින්‍ යාගා දිස්ත්‍රික්කයේ ගොවීන් සමූහයක් දේශිය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළේ  අළෙවි කිරීමට  කටුස්සන් ඇති කරනු ලැබේ. ඔවුන් දේශීය වෙළෙඳ පොළෙහි වසරකට කටුස්සන් 2000 පමන අළෙවි කරති. හිතනා තරම් මේ ව්‍යාපාරය පහසු නැත. ලොව පුරා  රටවල් වල සතුන් ආනයනය සඳහා තියන අනපනත් නිසා කටුස්සන් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ අළෙවිය පහසු නැත. දෙවන අභියෝගය වන්නේ  බෝදිලිමා පිලිබඳ ලොව පුරා තිබෙන මිත්‍යාමය මතය.  බෝදිලිමා යක්ෂ ආත්මයක් බව සිතන කොටසකුත් ඔවුන්ගේ ඛේටය මාරාන්තික විස බව සිතන කොටසකුත් සිටිති. කෙන්යානු ගොවිපොළ හරහා  ටැන්සානියාවට සහ මැඩගස්කරයට කටූස්සන් විශේෂ අළෙවි කරති. 
              ඔවුන්ගේ ප්‍රධාන අළෙවි මාර්ගය වන්නේ අන්තර්ජාලයි. නමුත්  සතාව දැක බලාගෙන මිලට ගැනීමට හැකියාවක් නොමැති නිසා  බොහෝ කටුසු ලෝලීන් අන්තර්ජාලය හරහා කටුස්සන් මිලට ගැනීමට මැලිකමක් දක්වති. ඒ හේතුවෙන් අළෙවි කිරීමට නොහැකිවූ වැඩුනු කටුස්සන් ගොවිපොළ හිමියන් විසින් උන්ට ආවේණික ස්වභාවික පරිසරයට මුදාහරිති.
                 කටුස්සන් අභිජනනය සඳහා ස්වභාවික පරිසරය උවමනා වේ. ඔවුන් අහාරයට ගන්නේ කෘමි සතුන් පමනි.  එමෙන්ම ඔවුන් තමන්ගේ වර්ගයා අනුභව කරති. එනිසා කුඩා පැටවුන් බේරා ගැනීමට පිරිමි සතුන් වෙන්කර තැබිය යුතුය. කටුස්සන්ට ශීත දේශගුණය ඔරොත්තු නොදේ. එමෙන්ම ආහාර ලෙස කෘමින් සෙවීම.පහසු නැත. ඒ සඳහා ගොවිපොළ හිමියෝ නරක්වූ ආහාර ගොවිපොළේ ගොඩ ගසති. ඒවාට ආකර්ෂණය වන කෘමීන් කටුස්සන්ගේ ආහාර බවට පත්වේ.

         එමෙන්ම කටුස්සන් අළෙවියට කෙන්යානු වන සත්ත්ව අධිකාරියෙන් අවසර ගත යුතුය. එය පහසු කාරණාවක් නොවේ. ජැක්සන් නම් කටුසු වර්ගය ඔවුන් බහුලව ඇති කරති. එම වර්ගය අළෙවියට පහසුවෙන් අවසර ගත හැක.
   

1 comment:

  1. හොද බ්ලොග් එකක්.මේ වගේ තොරතුරු දෙන බ්ලොග් සයිට්ස් දැන් අඩුයිනේ

    ReplyDelete