Sunday, January 12, 2020

ඔස්ට්‍රේලියානු කැලෑ ඔටුවන්ගේ ඉතිහාස කතාව

   
ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ඔටුවන්ගේ පමණ ඉක්මවා යන ජල පරිභෝජනය හේතුවෙන්, ඔටුවන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරන්නට ගත් තීරණය කාගෙත් සංවේදී මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.
ඔටුවා ඕස්ට්‍රේලියාවට ආවේණික සත්ත්වයෙක් නොවේ. එසේ නම් පාලනය කිරීමට අපහසු අධික ඔටු ගහනයක් ඕස්ට්‍රේලියාවේ වර්ධනය උනේ කොහොමද කියලා සොයා බලන්න හිතුනේ කුතුහලය නිසාමයි.
ඕස්ට්‍රේලියාව නිජබිම කරගෙන ජීවත් උනේ ආදිවාසීන් එහෙම නැතිනම් ඇබරින්ජියානුවන්. බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් කුක් ඕස්ට්‍රේලියාව හොයාගත් 
පසු බ්‍රිතාන්‍ය ජාතිකයින් එහි ජනාවාස ඇති කරන්න පටන් ගන්නවා. එහිදී ඔවුන්ට රට තොට ගවේෂණයට, ජීවත්වීමට සහ වගා කිරීමට සුදුසු ප්‍රදේශ සොයා ගැනීමේ අවශ්‍යතාව මතුවෙනවා. අද මෙන් දියුණු ප්‍රවාහන පහසුකම් නොතිබූ එකළ ඔවුන් භාණ්ඩ සහ මිනිසුන් ප්‍රවාහනයට යොදාගන්නේ අශ්වයින් සහ ගවයින් යෙදූ කරත්ත. එහෙත් විශාල බරක් පටවාගෙන දුෂ්කර මාර්ග හරහා දුර යන ගමන් වලට අශ්වයින් සහ ගොනුන් සුදුසු වන්නේ නැහැ. වියළි ප්‍රදේශ වලදී ඔවුන්ට ආහාර හා ජලය සැපයීමේ ගැටළුද ඇතිවෙනවා.
                 එම ගැටළුවට පිළියමක් විදිහට 1870 ත් 1920 ත් අතර කාලයේ තමයි 20,000 ක පමන ඔටුවන් ප්‍රමාණයක් ඉන්දියාවෙන්, ඇෆ්ගනිස්ථානයෙන්, සහ අරාබි කලාපයෙන් ඕස්ට්‍රේලියාවට ආනය කෙරෙන්නේ. ඔටුවන් සමග ඔවුන් බලාගන්නන් 2000 පමනද ඕස්ට්‍රේලියාවට පැමිනෙනවා.
                  ඕස්ට්‍රේලියාවේ දේශගුණය ඔටුවන්ට ගැලපෙනවා. සතියක් පමන වුවත් ජලය නොමැතිව ජීවත් වීමට හැකි වීමත් බඩු පටවාගෙන ඕනෑම දුෂ්කර භූමි ප්‍රදේශයක ඇවිද යාමේ හැකියාවත් නිසා ඔටුවන්ගෙන් ඔවුන්ට විශාල පිටුවහලක් ලැබෙනවා.
               ඔටුවන්ගෙ සහ ඔවුන් මෙහෙයවන්නන් ඕස්ට්‍රේලියාව තුල සැකලිය යුතු සංස්කෘතික සහ ආර්ථික දායකත්වයක් ලබා දෙනවා.
වියළි ඕස්ට්‍රේලියාවේ ආර්ථික සංවර්ධනයට පහසු වන පරිදි හුදකලා ජනාවාස අතර සැපයුම්, ප්‍රවාහනයට සහ සන්නිවේදනය පහසු කිරීම සඳහා පැමිනි ඔටුවන් ඕස්ට්‍රේලියානු භූ දර්ශනයද පොහොසත් කරනවා.
ඔවුන් ලොම් සහ ජලය, විදුලි පණිවුඩ කණු සහ දුම්‍රිය සිලිපර තේ සහ දුම්කොළ රැගෙන ගියහ. ආදිවාසීන් ඔවුන්ගේ උපකරණ සඳහා ඔටුවන්ගේ ලොම් යොදා ගන්නවා. අදද ඇඩිලේඩ් සහ ඩාවින් අතර රට පුරා සිරස් අතට දිවෙන සුඛෝපභෝගී දුම්‍රියට "Ghan" යන නම තබා ඇත්තේ ඔටුවන් බලාගන්නන් ට කරන ගෞරවයක් වශයෙනි.
1930 පසු දුම්රිය සහ මෝටර් රථ පැමිණි පසු ඔටුවන් ගෙන් ලබාගත් සේවය තව දුරටත් උවමනා වෙන්නේ නැහැ. වැඩට යොදාගත් ඔටුවන් වනාන්තර වලට මුදාහරිනවා. එම ඔටුවන් ගේ ගහනය දශක නමයක් තිස්සේ වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි අද ඕස්ට්‍රේලියාව ට කරදරයක් වෙන තරමටම ඔටුවන් සිටින්නේ.
               ඔවුන් සඳහා වෙනත් විකල්පයක් නොමැති නිසා මරණ්න තීරණය කෙරෙනවා. අමානුෂික ක්‍රියාවක් උනත් ඕස්ට්‍රේලියාවේ ජල මට්ටම අඩු වීමත් ඔටුවන්ගේ කලහකාරී හැසිරීමත් ඔවුන් කරන හානියත් හේතුවෙන් වෙන විකල්පයක් ඔවුන්ට නැති බව පැවසෙනවා.

ගැටලුවකට යොදාගත් තාවකාලික විසඳුමක් මහා කරදරයක් බවට පත්වෙන්නේ ඔය විදිහට තමයි.

1 comment: