Saturday, August 24, 2019

ටිකට්


                                   ඊයේ හවස මම ගිය ලංගම බස් එකට උඩුගම්පොළ හන්දියෙදී ටිකට් පරීක්ෂකයෝ ගොඩ උනා. නැගපු ගමන්ම ටිකට් ගන්න ටිකට් ගන්න....කියලා ටිකට් පරීක්ෂා කරන්න ගත්තා. මගේ ටිකට් එකත් රතු පෑනකින් මාක් කරලා දුන්නා. බස් එකේ ඉස්සරහම සීට් එකක වාඩි වෙලා උන්න යුවළක් ළඟ ටිකට් තිබුනෙ නෑ. ඔවුන් ටිකට් ගත් බව පැවසුවා. ඊට පස්සේ ඒ දෙන්නා බෑග් වල සාක්කුවල බිම හැම තැනම ටිකට් හෙව්වට තිබුනෙ නෑ. ඒ දෙන්න ටිකට් ගත්ත බව කොන්දොස්තර මහතාත් පුන පුනාම කිව්වා. දැන් ඉතින් මොකද කරන්නේ කියලා හිතද්දී එක පරීක්ෂක ම්හත්මයෙක් මීගමුවෙන් ගම්පහට ටිකට් ගත්ත අය අත උස්සන්න කිව්වා. හය දෙනෙක් අත ඉස්සුවා. ඊට පස්සේ කොන්දොස්තර මහතාගේ ටිකට් මැෂින් එක අරන් මීගමුවෙන් ගම්පහට ටිකට් කීයක් අරන්ද බැලුවා. අටක් අරන් (ඒ මැෂින් එකෙන් ඔය තරම් දේවල් බලන්න පුලුවන් කියලා මම දැන ගත්තෙත් ඊයේ)
එතකොට ඉතින් අර දෙන්නාත් ටිකට් අරන් කියලා ඔප්පු උනා.
ඊට පස්සේ එයාලා කිව්වා ටිකට් අරන් නිසා දඩ මුදලක් ගන්නෙ නෑ, ඒ උනාට අනිත් හැමෝම ළඟ ටිකට් තිබුනා ඔයාලා ගාව විතරක් තිබුනෙ නෑ, ඔයාලට නිකන් යන්න දුන්නොත් එයාලට කරන අසාධාරණයක් ඒ නිසා මීගමු-ගම්පහ ටිකට් දෙකක් ආයෙ ගන්න කියලා. ඒ දෙන්නා ආයේ ටිකට් ගත්තා.
ටිකට් එකක් කියන්නේ පුංචි කොල කෑල්ලක්නේ. ඒක ඔය බෑග් එකේ හරි සාක්කුවක හරි දාගන්න පුලුවන්නේ. ගමනාන්තය වෙනකන් ටිකට් එක තියාගන්න බැරිකමකුත් නෑනෙ. මගෙ නම් ඉතින් බෑග් එකෙන් සතියකට කලින් ගිය ටිකට් උනත් හොයාගන්න තියනවා..😁😁😁ඒක වෙනම කතාවක්.
---------------------------------------------------------------------------------
                   ටිකට් එකක වටිනාකම තියෙන්නේ පරීක්ෂා කරනකොට පෙන්වන්න විතරක් නෙමේ නීතිමය තත්ත්වයකදී උසාවියට සාක්ෂියක් විදිහටත් ඉදිරිපත් කරන්න පුළුවන් කියලා බස් එකේ උන්න දෙන්නෙක් කතා උනා. මම බෑග් එකේ ටිකට් එකතු කරන එකේ වරදක් නෑ නේද? 😉😉😉
මේවා පුංචි පුංචි කාරණා උනත් සිතන්න යමක් ඒවායේ තියන බව මාත් තේරුම් ගත්තා

2 comments:

  1. I have all kind of tickets in my wallet for long time, only when wallet is too fat I throw away old once. I guess its bad practice to keep stuff more than necessary.

    ReplyDelete
  2. Nice post, Remember good old days, if you like to know my experience about bus riding in USA https://deepthidonkor.blogspot.com/2018/12/blog-post.html. Thanks.

    ReplyDelete