Tuesday, March 12, 2019

පෝස්ටර් වසංගතය

යාළුවෙක් මට පිංතූර කීපයක් අරන් එව්වා. ඔයා ලියනවනේ මේ ගැනත් මොනවාහරි ලියන්න කියලා ඉල්ලීමක් කලා. 
         එයා කියන විදිහට මේ අම්මා පාර සුද්ද කරලා අතු ගාලා කුණු එකතු කරන ගමන් හැමදාම මේ තාප්පයේ අලවල තියන පෝස්ටර් ගලනවනවලු. පහුවදාට ආයෙමත් අලවලාලු. ඉතින්. ඉතින් ගිණි අවුවේ මේ පෝස්ටර් ගලවන එක එයාගේ දෛනික රාජකාරියේ කොටසක්.
      අපේ රටේ පෝස්ටර් කියන්නේ වසංගතයක්. රට පාලනට කරන දේශපාලකයන්ගේ ඉඳන් ටියුෂන් ගුරුවරයා දක්වා පෝස්ටර් අලවනවා. එකක් දෙකක් නෙමේ. එකම පෝස්ටර් එක තාප්පෙ පුරාම අලවනවා. මිනිස්සුන්ට සමී
ප වෙන්න ප්‍රචාරක මාධ්‍යක් විදිහට පෝස්ටර් භාවිතා කලාට මේ වගේ අසරණ මිනිස්සු ඒ නිසා මොනතරම් දුක් විඳිනවද. අනිත් එක පරිසරය මොනතරම් අවලස්සන වෙනවද. නගර සභාවෙන් කරන්න ඕනා දවස ගානේ මේ මිනිස්සු ලව්වා පෝස්ටර් ගලවන එක නෙමේ පොස්ටර් අලවන එක නතර කරන්න යම් ක්‍රියාමාර්ගයක් ගන්න එක.


1 comment:

  1. කාලයක් පෝස්ටර් අලවන්න කියල ගහපු board වලට මොනවා වුණා ද දන්නේ නෑ

    ReplyDelete