Friday, January 18, 2019

මේක අපේ ජාලෙ කඩේ



මේක අපේ ජාලෙ කඩේ කියවන්න ලැබුනේ ඊයෙ. හැමෝම කියවපු පොතක්. ඉන්දියන් නව කතා මම කියවන්න බොහොම කැමතියි. ඒකට හේතුව අපේ අසල් වැසි රට වීම වගේම අපේ සිතුම් පැතුම් වලට සමාන ජීවිතයක් ඔවුන්ට තිබීම. දිලීප ජයකොඩි මහත්මයාගේ පරිවර්තනයක් නම සරල වගේම කියවන්න පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන්නෙ නෑ. මේක අපේ ජාලෙ කඩේ පොත අපට යමක් හිතන්න පුළුවන් පොතක්.
අපේ රටේත් ඉතින් පුංචි කාලේ ඉඳන් ඉගන ගන්න හැල්මේ දුවනවා. ඊට පස්සේ උපාධියක් ගත්තත් සුදුසු රැකියාවක් බලාපොරොත්තුවෙන් ඔහේ බකන් නිලන් ඉන්නවා. අම්මලා විස්සෝප වෙනවා. ඇත්තටම කීයෙන් කී දෙනාද තමන්ගේ කියලා ව්යාපාරයක් පටන් ගන්න හිතන්නේ. අනිත් එක ව්යාපාරයක් පටන් ගන්නවා කිව්වම දිරිමත් කිරීම් වෙනුවට ලැබෙන්නේ ඕක හරියන්නෙ නෑ හොඳ පඩියක් ලැබෙන රස්සාවක් හොයා ගන්න කියන එකනෙ.
මේ පොතෙත් තියෙන්නේ තරුණයො දෙන්නෙක් අලුත් අදහසකින් අන්තර් ජාලය සහ මුහුණු පොත යොදාගෙන සාර්ථක ව්යාපාරිකයෙන් වෙන අන්දම. ඇත්තටම ඔවුන්ටත් දිරිමත් කරනවා වෙනුවට ඔවුන් කරන්න යන දේ සාර්ථක එකක් නෙමේ කියන්න ගොඩක් අය හිටියා උනත් අවසානයේ ඔවුන්ගේ ඉලක්කය වෙත ඔවුන් යනවා.
වර්තමානය වෙනකොට නම් අන්තර්ජාලය යොදාගෙන ගොඩක් ව්යාපාර කරන අය අපේ රටෙත් ඉන්නවනෙ. අලුතෙන් යමක් කරන්න ඉන්න කෙනෙකුට හොඳ දිරිගැන්වීමක් ලබාගන්න පුලුවන්.
ගොඩක් අය කියවලා ඇති. නැති අය කියවලා බලන්නකො.


පිංතූරය අන්තර්ජාලයෙන්

No comments:

Post a Comment