පෙරදිනක පෑනෙන් පොතක ලියවුන වර්තමානයේ යතුරු පුවරුවෙන් පරිගනක තිරයේ ලියවෙන මගේ සිතුවිලි ආකරය "සෙව්වන්දිය"
Thursday, September 28, 2017
Thursday, September 21, 2017
සයුරු තෙරෙහි ගම්මානය
සයුරු තෙරෙහි ගම්මානය
The Village By the sea
Author - Anita Desai
පරිවර්තනය: සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
මේ පොත නම් ගොඩක් දෙනෙක් කියවලා ඇති. ගොඩක් ඉන්දියානු පොත් වල ඒ රටේ මිනිස්සුන්ගේ දරිද්‍රතාවය ගැන කියවෙනවා. ඇත්ත ඉන්දියාව කියන්නේ දුප්පතුන් බහුලව ජීවත් වෙන රටක්.මේ පොතේ කතාව ගෙතෙන්නෙත් දුප්පත් පවුලක් වටා. රා බීමට ඇබ්බැහි උන පියාත් ලෙඩ ඇඳට වැටුන මවත් සමග ජීවිතයට මුහුණ දෙන දරුවන් හතර දෙනෙක් අභියෝග වලට මුහුණ දෙන අයුරු මේ පොතෙන් කතා වෙනවා.
මේ පොත කියවද්දී මගේ හිත ගොඩක්ම ආකර්ෂණය කරගත්තේ පරිසර වර්ණනාව. සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන මහතාගේ පරිවර්තන භාෂා ශෛලියත් නිසා ඒ කොටස් කියවද්දී ඒ පරිසරය හිතේ ඇඳගන්න පුලුවන් ලස්සනට.
සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන මහතා පොතේ හැඳින්වීමෙදි මෙහෙම කියනවා.
පවුලේ අන් අයත්, ගැමියනුත් තම බේබදු පියා දෙස කලකිරීමෙන් බැළුවත්, ලීලා තුළ ඔහු කෙරෙහි ඇත්තේ දයානුකම්පාවකි. ගෙදරත්, ගමත් කෙරෙහි කලකිරී පැනගිය, තම පවුලේ එකම ශක්තිය බවට පත්ව සිටි තම සොහොයුරා නොමැතිව වුවද, බාල සොයුරියන් දෙදෙනා පාසැල් යවමින්, අසනීපව සිටි අම්මාවත් ගොඩනැගීමට ඇය සමත්වූ ආකාරය මනස්කාන්ත ලෙස මෙහි විස්තර වෙයි. මුළු කතාව පුරාම ලෙඩ ඇදේ පසුවන ගැහැනියක් හැටියට දැක්වුවද, කතාව ආරම්භයේත්, අවසානයේත් මුහුදේ දේවාලය හා සම්භන්ධ කර ඇයව දැක්වීම මගින්, අම්මා පවුල කෙරෙහි කෙතරම් භක්තියකින් සිටියාද යන්න පෙන්නුම් කිරීම තුළින්, පොත පුරා පැතිර ඇති නිශ්ශබ්ද චරිතයක වටිනාකම වගන්ති දෙකකින් දැක්වීමට අනිතා ගෙන ඇති ප්රයත්නය අගේ කළ යුතුය.
කියවලා නැති අය පොත හොයන් කියවන්න . කියවලා තියන අය අදහස් කියන්න.
Wednesday, September 20, 2017
වටිනාකම
ආයතනයක සේවකයින් සඳහා දේශනයක් පැවත්වූ අතර, ඒ සඳහා අයතනයේ සේවකයින් දෙසිය දෙනෙක් සහභාගී විය. එම දේශනය පැවැත්වීමට පැමිණි කථිකයා ඩොලර් 20 ක නෝට්ටුවක් රැගෙන වේදිකාවට ගොඩ විය.
"මගේ අතේ තියන ඩොලර් 20 ට කැමති අය අත උස්සන්න" යැයි ඔහු පැවසූ විට දේශනයට සහභාගී වූ සියලු දෙනාම අත් එසවීය.
හොඳයි මම මේ ඩොලර් 20 ඔයාලගෙන් එක්කෙනෙකුට දෙනවා. ඊට කලින් මම මේකට යමක් කරන්න ඕනේ යැයි පැවසූ දේශකයා ඩොලර් නෝට්ටුව පොඩි කළේය.
දැන් මේ නෝට්ටුව කාටද ඕනේ යැයි විමසූ විටදීත් සියලු දෙනාම අත් එසවීය.
ඉන්පසු දේශකයා නොට්ටුව බිමට දමා ඔහුගේ කකුලෙන් එය පාගා යලි අතට ගත්තේය, හොඳයි දැන් කාටද මේ නෝට්ටුව ඕනේ යැයි විමසීය.
එවරද සියලු දෙනාම අත් ඔසවා නෝට්ටුව අවශ්‍ය බව පැවසීය.
මගේ මිත්‍රවරුනි, මම දැන් ඔබට වටිනා පාඩමක් ඉගැන්නුවා.මම මේ මුදල් නෝට්ටුවට මොනදේ කලත් එහි වටිනාකම අඩු උනේ නෑ. ඒ නිසා ඔබලා එය ලබා ගන්න කැමැති උනා. අපේ ජීවිතේ අපිට දුක්බර මෙන්ම ඉතාම අසීරු අවස්ථාවලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වෙලාවට අපි නරක තීරණ ගන්නවා මෙන්ම බොහොම අපහසුතාවයෙන් ඒවාට මුහුණ දෙනවා. අපි හිතනවා අපිට කිසිම වටිනාකමක් නෑ අපෙන් කාටවත් වැඩක් නෑ කියලා. මොන්දේ සිදුවුනත් ,ඉදිරියේදී සිදුවෙන්න තිබුනත් ඔබගේ වටිනාකම අඩු කරගන්න එපා. ඔබ විශේෂයි . කවමදාවත් එය අමතක කරන්න එපා.
Tuesday, September 19, 2017
Good luck Bad Luck Who Knows?
ඔන්න එකෝමත් එක කාලෙක චීනයේ උන්නලු වයසක ගොවියෙක්.
එයාගේ ගොවි පොළේ උන්නලු වයසට ගිය අශ්වයෙක්.
දවසක් ඒ වයසක අශ්වයා ගොවි පොළෙන් පැනලා කඳුකරයට ගියාලු.
ඒක දැනගත්තු ගමේ මිනිස්සු කිව්වලු අනේ මේ වයසක උන්දෑගේ අවාසනාවට, හිටපු පරණ අශ්වයා පැනලා ගියා කියලා.
ඊට පිළිතුරු වශයෙන් ගොවියා නොසැලකිල්ලෙන් කිව්වලු
කවුද දන්නේ ඒක මගේ වාසනාවද,අවාසනාවද කියලා ?
එයාගේ ගොවි පොළේ උන්නලු වයසට ගිය අශ්වයෙක්.
දවසක් ඒ වයසක අශ්වයා ගොවි පොළෙන් පැනලා කඳුකරයට ගියාලු.
ඒක දැනගත්තු ගමේ මිනිස්සු කිව්වලු අනේ මේ වයසක උන්දෑගේ අවාසනාවට, හිටපු පරණ අශ්වයා පැනලා ගියා කියලා.
ඊට පිළිතුරු වශයෙන් ගොවියා නොසැලකිල්ලෙන් කිව්වලු
කවුද දන්නේ ඒක මගේ වාසනාවද,අවාසනාවද කියලා ?
දවසක් අර පැනලා ගිය අශ්වයා කැලෑ අශ්වයෝ කීප දෙනෙක් එක්ක ගොවි පොළට ආවලු.
ඒ වග දැනගත්ත මිනිස්සු කිව්වලු අනේ මේ වයසක උන්දෑගෙ වාසනාවට අර නාකි අශ්වයා තව අශ්වයොත් අරන් ආපහු ඇවිත් කියලා.
එවෙලෙත් පිළිතුරු වශයෙන් ගොවියා නොසැලකිල්ලෙන් කිව්වලු
කවුද දන්නේ ඒක මගේ වාසනාවද,අවාසනාවද කියලා ?
ඒ වග දැනගත්ත මිනිස්සු කිව්වලු අනේ මේ වයසක උන්දෑගෙ වාසනාවට අර නාකි අශ්වයා තව අශ්වයොත් අරන් ආපහු ඇවිත් කියලා.
එවෙලෙත් පිළිතුරු වශයෙන් ගොවියා නොසැලකිල්ලෙන් කිව්වලු
කවුද දන්නේ ඒක මගේ වාසනාවද,අවාසනාවද කියලා ?
මෙහෙම ආපු කැලෑ අශ්වයෙක් හීලෑ කරන්න හිතපු ගොවියාගේ පුතා අශ්වයගෙ පිටෙන් වැටිල කකුළක් කඩා ගත්තලු.
පුතාව බලන්න ගොවි පොළට ආපු මිනිස්සු කිව්වලු අනේ මේ වයසක ගොවියගෙ අවාසනාවට එකම පුතාගෙත් කකුලක් කැඩුනනෙ කියලා.
එවෙලෙත් පිළිතුරු වශයෙන් ගොවියා නොසැලකිල්ලෙන් කිව්වලු
කවුද දන්නේ ඒක මගේ වාසනාවද,අවාසනාවද කියලා ?
පුතාව බලන්න ගොවි පොළට ආපු මිනිස්සු කිව්වලු අනේ මේ වයසක ගොවියගෙ අවාසනාවට එකම පුතාගෙත් කකුලක් කැඩුනනෙ කියලා.
එවෙලෙත් පිළිතුරු වශයෙන් ගොවියා නොසැලකිල්ලෙන් කිව්වලු
කවුද දන්නේ ඒක මගේ වාසනාවද,අවාසනාවද කියලා ?
එක දවසක් හමුදා කණ්ඩායමක් ගමට ඇවිත් හමුදාවට බඳවාගන්න කියලා ගමේ තරුණ ළමයි සේරම අරන් ගියාලු. කකුල කැඩුන ළමයා විතරක් දාලා ගියාලු.
ඒවෙලාවෙත් ගොවියා කිව්වලු
කවුද දන්නේ ඒක මගේ වාසනාවද,අවාසනාවද කියලා ?
ඒවෙලාවෙත් ගොවියා කිව්වලු
කවුද දන්නේ ඒක මගේ වාසනාවද,අවාසනාවද කියලා ?
අපට යම් විපතක් හෝ කරදරයක් සිදුවූ විට ඒ පිළිබඳ මැදහත් සිතින් බැලිය යුතුය. ඒ ඔස්සේ කල්පනා කර අපේ හිත දුර්වල කරගත් යුතු නැත. මේ දෙය සිදුවූයේ හොඳටදැයි නරකටදැයි අපි කවුරුර්ත් දන්නේ නැත.එනිසා හැම විටම අපි නොසැලී සියල්ලට මුහුණ දිය යුතුය.
Monday, September 18, 2017
ලෝකය වෙනස් කිරීමට නම්
තරුණ වියේදී මා විසින් ලෝකය වෙනස් කල යුතු යැයි සිතුවෙමි.
එහෙත් මට ලෝකය වෙනස් කිරීමට නොහැකි විය.
එනිසා මම මගේ ජාතිය වෙනස් කිරීමට උත්සාහ කළෙමි.
මට මගේ ජාතියද වෙනස් කිරීමට නොහැකි විය.
එනිසා මම මගේ අවදානය මගේ නගරයට යොමු කළෙමි.
නගරය වෙනස් කිරීමේ උත්සාහයද සාර්ථක නොවීය.
කාලය ගතවී මම මහලු වියට එළඹුනෙමි.
මම මගේ පවුල වෙනස් කිරීමට සිතුවෙමි.
එයත් ව්‍යර්ථ විය.
මහලු පුද්ගලයෙක් ලෙස මට වෙනස් කිරීමට ඉතිරිව තිබුනේ මා පමනි.
අවසානයට මම වටහා ගතිමි. මම මගේ තරුණ කාලයේදී, මගේ ජීවිතය වෙනස් කර ගත්තා නම්, මට මගේ පවුලට බලපෑම් කිරීමට හැකියාව තිබුණි. මට සහ මගේ පවුලට නගරයට බලපෑම් කිරීමට හැකිය. නගරයේ බල පෑමෙන් ජාතිය වෙනස් කළ හැකිය.ඉන් පසු ලෝකයම වෙනස් කල හැකිය. මුලිම වෙනස් විය යුත්තේ මා ය
Friday, September 15, 2017
බස් කතාවක්
ඊයේ හවස ගම්පහ මීගමු පාරේ බස් අඩුයි. ඉඳලා ඉඳලා ආපු බස් එකෙත් පොල් පටෝලා වගේ සෙනග. මමත් වදෙන් පොරෙන් පිටිපස්සේ දොරෙන් බස් එකට නැග්ගා. කොන්දොස්තර ළමයා ටින් එකකට සැමන් අහුරනවා වගේ කට්ටියව ගානට පැක් කලා. අතක් ඉස්සුවොත් පාතට දාන්න බෑ. හිටගෙන ඉන්න තැනින් කකුල පොඩ්ඩක් එහාට මෙහාට කලොත් තනි කකුලෙන් ඉන්න වෙන්නේ. බස් හෝල්ට් වලින් බහින අයට ඉඩ දෙන්න තව හත් අට දෙනෙකුත් බිමට බහින්න ඕනේ. ඔය අතරේ පොඩි පොඩි වචන හුවමාරු ත් තිබුනා.
ඔය අතරේ බස් එකේ කොනේ සීට් එකක ඉඳගත්තු මනුස්සයෙක් ඔලුව ජනේලෙන් එළියට දාගෙන සිංදු කියනවා. අනිත් මිනිස්සු තරහෙන් ඔරව ඔරව ඉන්දි මේ මනුස්සයා හරිම විනෝදෙන්. මොකක්ද දන්නවද කියපු සින්දුව.


"මාගේ පැලෙ අඳුර නසන්න
හිතෙනව මනාළියෙක් ගේන්න
අඹුදරු දරු රැකගන්න අපට
මාලු ලබා දෙන්න දෙවියනේ
අප රැක ගන්න..."
සිංදු කීපයක් ගලපලා එක සිංදුවක් හදලා කියනවා. ඔය විදිහට ඉතින් ගම්පහ කිට්ටුවට ආවා. ගුවන් පාලම කිට්ටුව ලොකු ට්‍රැෆික් එකක්.
"ට්‍රැෆික් මහත්තුරු ට්‍රැෆික් හදනවා. එයාල නැත්නම් මිනිස්සු අගේට
යනවා"
කියලා ඔන්න කට්ටිය බනිනවා.
යනවා"
කියලා ඔන්න කට්ටිය බනිනවා.
අර මනුස්සයට වගේ වගක් නෑ. හිනාවෙවී ඉන්නවා.
"අනිත් උදවිය අයියෝ හොඳටම පරක්කු උනා. කෝච්චියත් ගිහින් ඇති. කඩත් වහලා ඇති කියලා"
මූණවල් හතරැස් කරගෙන බහිද්දී අර මනුස්සයා විතරක්
මූණවල් හතරැස් කරගෙන බහිද්දී අර මනුස්සයා විතරක්
"ඇති යන්තන් ගම්පහට ආවා..මම ෆුල් ජොලියේ ආවා. "
කියලා බස් එකෙන් බැහැලා ගියා.
පොඩි මානසික ආබාධයක් තියනවා උනත් ඒ මනුස්සයා අනිත් උදවියට වඩා සතුටින් ඉන්නවා කියලා මට හිතුනා.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි)
Subscribe to:
Posts (Atom)