Friday, April 21, 2017

කුණු ගැටලුවට විසඳුමක්

කුණු කන්ද නාය යාමත් සමග කුණු බැහැර කිරීම පිලිබඳ ගැටලු වලට විසඳුම් සහ පිලියම් බොහොමයක්  පහුගිය දවස් වල යෝජනා උනා. මමත් නිවාඩු පාඩුවේ කල්පනා කරලා බැලුවා පරිසරයට අප ද්‍රව්‍ය, විශේෂයෙන්ම නොදිරන ද්‍රව්‍ය එකතු වෙන එක සුළුවෙන් හෝ වලක්වන්න මටත් පුළුවන් නේද කියලා.
මම හැමදාම වැඩට යනකොට උදේට දවල්ට කෑම පාර්සල් දෙකක් අරන් යනවා. ඒ කියන්නේ මම දවසකට lunch sheet දෙකක් පරිසරයට මුදා හරිනවා. මාසෙකට 50ක්.  අවුරුද්දකට 600 ක් 
උදේ හවස බස්, කෝච්චි වල අරන් යන්න අපහසු උනත් කෑම පෙට්ට් 2ක් ගත්තා නම් පරිසරයට lunch sheet  මුදාහරින එක මට නතර කරන්න පුලුවන්.
පිරිසිදුවට කෑම ටික අරන් යන්නත් පුලුවන්.
ඒ වගේම ගෙදරට අවශ්‍ය කරන දේවල් කඩෙන් ගත්තම දාල දෙන්නේත් පොලිතින් බෑග් වල. සිල්ලට බඩු කඩෙන්, එළවළු කඩෙන්, මස්,මාළු කඩෙන්,වෙනත් කෙට් කෑම දාලා දෙන්නෙත් පොලිතීන් බෑග් වලට.
                                                                                    

ඒ වෙනුවට මට පුලුවන් රෙදි බෑග් එකක් අරන් යන්න. පහසුවෙන් නමලා හෑන්ඩ් බෑග් එකේ නිතර දාගෙන යන්න පුළුවන් එකක්. මස්, මාළු ගනිද්දීනම් කරන්න දෙයක් නෑ. අනිත් දේවල් ගනිද්දී කඩෙන් දෙන පොලිතීන් බෑග් ප්‍රතික්ශේප කරලා රෙදි බෑග් එකක් පාවිච්චි කරනවා නම් මම ගෙදරට අරන් යන පොලිතීන් බෑග් ප්‍රමාණය අඩු කරගන්න පුලුවන් වෙයි.
අපේ මුතුන් මිත්තන් අපට රැකලා දුන්න මවුබිම, පරිසරය ඒ වගේ ලස්සනට අපේ මතු පරම්පරාවට උරුම කර දීම අපේ යුතුකම.මම හැදුනොත් ගෙදර අනික් සාමාජිකයොත් ටික ටික හුරුවෙයි.

2 comments:

  1. ඔව් මේක හරිම ප්‍රායෝගිකව කරන්න පුලුවන් අදහසක්. ඒත් මිනිසුන්ට මේ වගේ දේවල් වල හරය වටහා දීමේ වැඩ පිළිවෙලක් අවශ්‍යයි. එහෙම නැති වුනොත් අපේ මිනිස්සු මේ විදියට පවතින උන්ට හිනා වෙනවා.
    මම දවසක් දුම් රියට ඉන්න ගමන් පොඩි බෝල කඩල පැකට් එකක් ගත්ත රු 20.00 ට හප හප ඉන්න. එතකොට දුම් රිය ආ නිසා මම නැගලා ඉඳගෙන හප හපා හිටියා. ඉවර වුනාම මම ඒ පැකට් එකයි එතකල්ම ඇඟිල්ලක පළඳවා ගෙන හිටි රබර් පටියයි නවලා කමිසේ උඩ සක්කුවේ දා ගත්තා.
    එතකොටයි මම දැක්කේ මගේ ඉස්සරහ උන්නු මනුස්සයා උපහාසයට හිනා වෙමින් මගේ දිහා බලා ඉන්නවා.
    හිතන්න ඇති කුනෙක් ඒකටත් ලොබ කමේ සාක්කුවේ දා ගත්තා කියලා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය කරන්නේ කාලා ඉවරවෙලා පැකට් එක ජනෙලෙන් එළියට විසික් කරන එක. අපේ මිනිස්සුන්ව හදන එක ලේසි නෑ

      Delete