Friday, January 27, 2017

වැස්ස



අද දවසම වැස්සා. නියඟයක පෙරනිමිති තිබුනත් වැස්ස ලැබුන නිසා අපි හැමෝගෙම හිතට සතුටුයි. ජීවීතේ විවිද වයස් මට්ටම් වලදී අපි වැස්සට ආදරය කරන්නේ එක එක විදිහට. 
පුංචි කාලේ නම් වැස්සට පැනලා තෙමෙන්න, වතුර වලවල් වලට පනින්න, කඩදාසි බෝට්ටු හදලා පා කරන්න අපි ආසා කලා.😃 
ඉස්කෝලේ ඉහළ පංති වලට යද්දී වැස්ස දවස් වලට ඉස්කෝලේ යන්නේ එහෙම දවස් වලට උගන්නන්නේ නැති නිසා අපට ඕන තරම් දඟලන්න පුළුවන් නිසා. 😏 
මේ කාලේ නම් වැස්ස දවසට මට හිතෙන්නේ අනේ අද වැඩට නොගිහින් නිදාගන්න තිබුනානම් කොච්චර හොඳද කියලා...........😶
එකයි මම කිව්වේ එක එක වයස් මට්ටම් වලදී අපි වැස්සට ආදරේ කරන්නේ එක එක විදිහට කියලා.

No comments:

Post a Comment