පෙරදිනක පෑනෙන් පොතක ලියවුන වර්තමානයේ යතුරු පුවරුවෙන් පරිගනක තිරයේ ලියවෙන මගේ සිතුවිලි ආකරය "සෙව්වන්දිය"
Saturday, January 28, 2017
Friday, January 27, 2017
මම පහුගිය දවස් වල ලස්සන කොරියන් ටෙලි නාට්‍යක් බැලුවා. Legend of the blue sea තමයි ඒ ටෙලි නට්‍යයේ නම. දිය කිඳුරියක් තරුණයෙකුට ආදරේ හිතිලා ලස්සන ගෑණු ළමයෙක් විදිහට ගොඩ බිමට එන කතාවක්.
ඒ කතාවේ දිය කින්දුරියෝ ගැන ලස්සන කතාන්දර තියනවා. දිය කින්දුරියෝ දුක හිතිලා අඬනකොට ඒ කඳුලු සුදු පාට මුතු ඇට බවත පත් වෙනවාලු.
දිය කිඳුරියෝ සතුටට කඳුලක් හෙලුවොත් ඒ කඳුලු රෝස පාට මුතු ඇට බවට පත්වෙනවලු.
කාලෙකට පස්සේ මම නරඹපු වෙනස් මාදිලියේ ලස්සන ආදර කතාවක්.
වැස්ස
අද දවසම වැස්සා. නියඟයක පෙරනිමිති තිබුනත් වැස්ස ලැබුන නිසා අපි හැමෝගෙම හිතට සතුටුයි. ජීවීතේ විවිද වයස් මට්ටම් වලදී අපි වැස්සට ආදරය කරන්නේ එක එක විදිහට.
පුංචි කාලේ නම් වැස්සට පැනලා තෙමෙන්න, වතුර වලවල් වලට පනින්න, කඩදාසි බෝට්ටු හදලා පා කරන්න අපි ආසා කලා.
😃
ඉස්කෝලේ ඉහළ පංති වලට යද්දී වැස්ස දවස් වලට ඉස්කෝලේ යන්නේ එහෙම දවස් වලට උගන්නන්නේ නැති නිසා අපට ඕන තරම් දඟලන්න පුළුවන් නිසා.
😏
මේ කාලේ නම් වැස්ස දවසට මට හිතෙන්නේ අනේ අද වැඩට නොගිහින් නිදාගන්න තිබුනානම් කොච්චර හොඳද කියලා...........
😶
එකයි මම කිව්වේ එක එක වයස් මට්ටම් වලදී අපි වැස්සට ආදරේ කරන්නේ එක එක විදිහට කියලා.

Wednesday, January 25, 2017
Subscribe to:
Posts (Atom)