Monday, October 16, 2017

සැමෝවරය

සැමෝවරය/Samovar

රුසියන් පොත් කියවද්දී මට ලොකූ ගැටලුවක් තිබුනා සැමෝවරය ගැන. ගොඩක් පොත් වල තියනවා තේ හදන්න සැමෝවරය රත් කරන්න සේවිකාවට කිව්වා. හැමෝටම සැමෝවරයෙන් තේ හැදුවා. කුතුහලයක තිබුනට ඒ මොකක්ද කියලා හොයන්න බැරි උනා. ඊයේ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න ගමන් පොඩ්ඩක් හොයලා බැලුවා ඒ ගැන. මේන්න මේ වගේ එකක් තමයි සැමෝවරයක කියන්නේ.
සැමෝවරය කියන්නේ රුසියාව සහ අවට රටවල් වල ජලය උණු කිරීමටසාම්ප්‍රදායිකව භාවිත කරන ලෝහ බඳුනක්. මේ රත්වූ වතුර හදාගන්න පාවිච්චි කරනවා.මේවා යකඩ, තඹ, ඔප දැමූ පිත්තල, ලෝකඩරිදී, රත්රන්, ටින් හෝ නිකල් වැනි නිමැවුම්වලින් සාදාගත හැක. සාමාන්‍ය සැමෝවරයක එහි බඳ,මේසයක් මත තැබීමට පාදයක්,චිමිනි, වාෂ්ප විදිනයක්,අල්ලා ගැනීමට අඬුවක්,වතුර ගැනීමට හා වැසීමට හැකි ටැප් එකක්,සහ තේ පොච්චිය යන කොටස් අඬංගු වෙනවා. ඒ වගේම විවිධ හැඩයෙන්   විවිධ ධාරිතාවයන්ගෙන් යුත් සැමෝවර් තියනවා.තේ හදා ගන්න අවශ්‍ය වෙලාවට එයට වතුර පුරවනවා. ඉන් පසු ඒ කාලයේ නම් ගල් අඟුරු දල්වලා එය රත් කරනවාලු. වර්තමානයේ විදුලි බලය යොදා ගන්නවලු. ඉන් පසු එහි තිබෙන තේ කොල දමන් කොටසට තේ කොල දානවා. වතුර රත් උනාම කරාමය ඇරලා කෝප්ප වලට තේ වක්කර ගන්නවා.

2 comments:

  1. මරු ගැජට් එකක් . ඉස්සර තේ කඩවල තිබුනා ඔය වාගේ පොඩි බොයිලේර් භුමි තෙල් වලින් රත්කරන

    ReplyDelete
  2. තවමත් කෝපි කඩේ නාටියේ තියනවා නේද?

    ReplyDelete