Monday, November 18, 2019

හඬ නිහඬ- Silent Patient


හඬ නිහඬ- Silent Patient
සිංහල පරිවර්තනය - කුමාර සිරිවර්ධන මහතා
මම පොත කියවන්නේ තරමක් ප්‍රමාද වෙලා. ගොඩක් දෙනෙක් පොත නිකුත්වූ විගසම අරගෙන කියවලා ඇති.
පොත කියවන්න ගත්ත වෙලේ පටන් අවසානය වෙනකන් කියවන්නේ නැතුව මගදී නතර කරන්න හිතුනේ නැති තරම් කුතුහලයක් පොතේ අන්තිම පිටුව වෙනකන්ම තිබුනා. පොත හඳුන්වලා තිබුනේ "මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක”( psychological thriller, )කාණ්ඩයේ පොතක් විදිහට. ඔව් එහි ත්‍රාසයත් මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයකුත් තිබුනා. නමුත් මෙම කතාව වටා ගෙවී ඇති චරිත අධ්‍යයනය කරන්නත් පාඨකයාට ඉඩ ලබාදී තිබුනා.
"ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා සමග හොඳ පවුල් ජීවිතයක් ගෙවමින් සිටි කාන්තාවක්. ඇය චිත්‍ර ශිල්පිනියක්. ඇගේ සැමියා විලාසිතා ඡායාරූප ශිල්පියෙක්. ඔවුන් ලන්ඩනයේ ඔවුන්ගේම නිවසක වාසය කරනවා. එක හවස් වරුවක ඇගේ සැමියා ගේබ්‍රියෙල් විලාසිතා රූගත කිරීමකින් ප්‍රමාද වී නිවසට පැමිණෙන අතර ඇලීෂියා ඔහුට පස් වතාවක් මුහුණට වෙඩි තබනවා. එයින් පසුව ඇය එක වචනයක්වත් කතා කරන්නෙ නෑ.
ඇගේ සැමියාගේ මරණයත් ඇලේසියාගේ නිහඬ බවත් රටේ ලොකු කුතුහලයක් ඇතිකරනවා. ඉන්පසු ඇයව උතුරු ලන්ඩනයේ ආරක්ෂිත අධිකරණ වෛද්‍ය ඒකකයක් වන ග්‍රෝව්හි ප්‍රතිකාර සඳහා නතර කරනවා. තියෝ ෆේබර් යනු අපරාධ මනෝචිකිත්සකවරයකු වන අතර ඔහු ඇලීෂියා සමඟ වැඩ කිරීමේ අවස්ථාව සඳහා බොහෝ කාලයක් බලා සිටිනවා. ඔහුට ග්‍රෝව් හි සේවය කිරීමට අවස්ථාව උදා වෙනවා. ඇය සිය සැමියාව ඝාතනය කිරීමට හේතුව සෙවීම ඔහුගේ අරමුණ වෙනවා. " මේ විදිහට ආරම්භ වෙන කතාව පාඨකයා නොසිතූ අවසානයකට කැඳවාගෙන යනවා.
නවකතාවේ මනෝ විද්‍යාත්මක අවධානය නොතකා, අපි කතාව දෙස බලන විට එහි අතිශයින් ඛේදජනක හා හද කම්පා කරවන සුළුය කතාවක් එහි ගැබ්වී ඇත.
මෙම පොත ඇලෙක්ස් මයිකල්ඩීස් රචිත පළමු නව කතාව වන අතර ඔහු මෙයිට පෙර චිතපට දෙකක තිර රචනා ලියා ඇත. මෙමෙ නවකතාව ආශ්‍රයෙන් චිත්‍ර පටයක් නිපදවූ බව දැන්ගන්නට ලැබුනමුත් එය තිරගත වූවාද තිරගත වන්නට තිබේදැයි නොදනිමි.
==============================================
"අනපේක්ෂිත හැගීම් කිසි විටෙක මිය යන්නේ නැත. ජීවමානවම යටපත්ව තිබෙන ඒවා පසුව් ඉස්මතු වන්නේ වඩාත් අවලස්සන ආකාරයෙනි."
සිග්මන් ෆ්‍රොයිඩ්

No comments:

Post a Comment