Friday, September 20, 2019

බීජින් ඩැක්සිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ


චීනය..අපි ඉන්නේ ලංකාවෙද චීනෙද කියලත් වෙලාවකට හිතා ගන්න බැරිවෙන තරමට චීනය අපට සමීපයිනේ. චීනය අනුකරණයට වගේම නව නිපැයුම් වලටත් දක්ෂයි. මේ එයාලගේ අලුත්ම නිර්මාණය. නිර්මාණයක් කිව්වට ඒක ගුවන් තොටුපොළක්. සාමාන්ය ගුවන් තොටුපළකුත් නෙමේ. ලොව විශාලම පර්යන්තය සහිත ගුවන් තොටුපොළ. "බීජින් ඩැක්සිං ජාත්යන්තර ගුවන් තොටුපොළ" ඊයේ විවෘත කලා.
ඔවුන්ගේ පළමු වානිජ ගුවන් ගමන් මේ සතිය තුළ ආරම්භ කිරීමට නියමිතයි. ටියානන්මෙන් චතුරශ්රයේ සිට කිලෝමීටර 50 ක් පමණ දුරින් පිහිටා ඇති මෙම ගුවන් තොටුපළ ලෝකයේ විශාලතම ගුවන් තොටුපළ බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.දැනට පවතින බීජිං කැපිටල් ජාත්යන්තර ගුවන්තොටුපළ (PEK) හි ගුවන් තදබදයක්, එහෙම නැත්නම් ඒ හරහා ධාවනය කිරීමට හැකි උපරිමය දක්වා වන ගුවන් ගමන් ප්රමාණයක් ධාවනය වන අතර එමඟින් ගුවන් සමාගම්වලට තවත් ගුවන් ගමන් එකතු කිරීම කළ නොහැකි ය. 2018 දී පමණක් මිලියන 100 කට අධික සංචාරකයින් එහි පර්යන්ත හරහා ගමන් කර ඇති අතර, එක්සත් ජනපදයේ හාර්ට්ස්ෆීල්ඩ්-ජැක්සන් ඇට්ලන්ටා ගුවන් තොටුපළින් පසුව වැඩිම මගී තදබදයක් ඇති ගුවන් තොටුපොළ බවට බීජිං කැපිටල් ජාත්යන්තර ගුවන්තොටුපළ පත්වී ඇත.


එයාර් බස් ඒ 380 යානය මංගල ගුවන් යානය ලෙස යෙදවීමට සූදානම් වන බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.මේ වසරේ ජුනි මාසයේදී එහි ඉදිකිරීම් අවසන් වූ අතර ගුවන් තොටුපල අවසන් පරීක්ෂණයෙන් සමත් වූයේ මේ මස මුලදී ය.
අභාවප්‍රාප්ත ගෘහ නිර්මාණ ශිල්පිනී සහා හාඩිඩ් සහ ඇගේ හවුල්කරුවන් විසින් නිර්මාණය කරන ලද මෙය වර්ග අඩි 700,00  දුරකට විහිදෙන අතර ධාවන පථ හතරක් ද, පාපන්දු පිට්ටනි 97 ක විශාලත්වයකින් යුත් පර්යන්තයක් මෙන්ම පාරිභෝගික සේවාවන් සඳහා රොබෝවරු ද වරකට මගීන් මිලියන 72 කට වැඩි පිරිසකට රැඳී සිටීමටද මෙහි පහසුකම් සලසා ඇත.

"ස්ටාර් ෆිෂ්" මාළුවෙකු මෙන් උඩුගුවනට දිස්වන ආකාරයට නිර්මාණය කර ඇති මෙම ගුවන් තොටුපොළට "ස්ටාර් ෆිෂ්" යන හුරතල් නාමයක්ද ජනතාව විසින් පටබැඳ ඇත. සී.එන්.එන් පුවත් වලට අනුව, ඩැක්සිං නිර්මාණය කර ඇත්තේ මගීන්ට පිටවීම් දොරටුව දක්වා මිනිත්තු අටකට වඩා ඇවිදීමට අවශ්‍ය නොවන පරිදි ය.
ලබන වසන්තය (මාර්තූ) වන විට  මෙම ගුවන් තොටුපල ලොව පුරා ගමනාන්ත 112 කට සේවා සපයනු ඇතැයි අපේක්ෂා කරන අතර, වාර්ෂිකව මගීන් මිලියන 100 ක් සහ භාණ්ඩ ටොන් මිලියන 4 ක් ප්‍රවාහනය කරනු ඇතැයි අනුමාන කෙරේ.
ඔන්න බීජිං යන අයට මේ ගුවන් තොටුපළ හරහාත් යන්න එන්න අවස්ථාව ඉදිරියේදී උදාවේවි.


තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලයෙනි

1 comment: